Tag: ප්‍රේමයේ අභිමන්

"මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න තියන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ආදරේ කරල…ප්‍රතික්ශේප වෙලා…රිදිල…අඬල…තුවාල කැළැල් එක්ක වෙන ජීවිත ගත කරල..බැඳල..ළමයි හම්බ වෙලා…ළමයි වෙනුවෙන් ජීවත් වෙලා…මැරේජ් ලයිෆ් එක ගැන කලකිරිල..ඩිවෝස් වෙලා…ළමයි ලොකු...
ප්‍රේමයේ අභිමන්
සසංක අවදි වූයේ අපරාජිතා තේ කෝප්ප දෙක ද ගෙන ගොස් යහන කොනක හිඳ ඔහු පුබුදුවා ලූ විට ය. අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සීගෙන නැගිට ගත් සසංක අපරාජිතා දෙස බැලුවේ තරවටු බැල්මකිනි. "තනියම නැගිටල තේත් හැදුවද...පණ්ඩිත වැඩිනෙ ඔයා...කතා කරන්න එපැයි මට..." "මොනා වෙන්නද ඉතිං මට...මේක දැං එච්චර අමාරුවක් නෑ" උදේ පාන්දර යහනෙන් පිබිදෙන්නටත්...
ප්‍රේමයේ අභිමන්
කාලය කියන්නේ සාමාන්‍ය වහරට අනුව ඉගිලෙන දෙයකි. මරණයක් සිදු වුව ද තුන් මස හෝ වර්ෂ පූර්ණය සිදු වෙත්දී කාලය ගෙවී ගිය ඉක්මන කියා සිතෙනු වැළකිය නො හැකි ය. නමුත් ඔරලෝසුවේ තත්පර කටුව නැවතී ඇත්ද කියා සිතෙනා අවස්ථා ද අපේ ජීවිත වලට උදා නො වන්නේ නොවේ. ශල්‍යාගාරයේ දොරකඩ ඒ මේ...
ප්‍රේමයේ අභිමන්
අපරාජිතා හැඬුවේ නැත. සසංක ගේ දෑත් හා පපුව අතරේ කිටි කිටියේ හිර වී ඇය රහසින් සිනහ වූවා ය. ඈ තනියෙන් ම ජීවත් වූ මායාමය ලෝකයක් තිබිණි. ඒ ලෝකයෙහි ඈ හීන මවා ගෙන හිටි ආදරය ඒ වාගේ ය. එවන් වූ ආදරයක් මොහොතකට හෝ විඳ මිය ගියත් කම් නැතැයි රහසිගත සිතිවිල්ලක්...
ප්‍රේමයේ අභිමන්
සිය ජීවිතය අවසානය කරා එළඹෙමින් තිබෙන බව අරවින්ද ට හැඟිණ. අපි මරණය මිට මොළවා ගෙන උපදිනා මිනිසුන් වන්නෙමු. කවදා හෝ මියෙන බව ඉඳුරා දැන ජීවත් වන්නෙමු. නො දන්නේ කවදා කොයි ලෙස මරණයට පත් වන්නට නියමිත ද කියා පමණකි. නමුත් බරපතල රෝගයකින් ඇඳට වැටුණ මිනිසෙකු ගේ සිතිවිලි තරංග මරණය සමග...
ප්‍රේමයේ අභිමන්
උදම් රළ, සුළි කුණාටු හා නාය යාම් කිහිපයකට පසු අපරාජිතා රත්මල්ගොඩ යළි පුරුදු ශාන්තිදායක බවට පිළිපන්නා ය. ටික වෙලාවක් සිය ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස නිවී සැනසිල්ලේ අවධානය යොමු කළ ඕ නැගිට ගොස් රයිස් කුකරයට හාල් එකක් ගැසුවා ය. ඇය තුළ කිසිදු කෑම රුචියක් නැත්තේ ය. නමුත් දැන් සසංක එන්නේ...
ප්‍රේමයේ අභිමන්
අපරාජිතා යළිත් සිය භාවනානුයෝගී සිත ද සමග සන්සුන් ව පුරුදු කටයුතු වල නිමග්න වූවා ය. උදේ ට තනිව තේ එක හදා ගෙන බොත්දී සසංක හිස් බඩ වැඩට යනවා නේද කියා සිහි වී ඇය ඔහු ට තේ එකක් ගෙන ගොස් දුන්නා ය. ඊට පස්සේ එය පුරුද්දට ගොස් උදේ තේ එක...
ප්‍රේමයේ අභිමන්
ඊළඟ දෙතුන් දින අනන්‍යා යළි පිටව යාම සඳහා සූදානම් වීමේ කටයුතු වලට වැය විය. අපරාජිතා ඈ වෙනුවෙන් මාළු ඇඹුල් තියල්, චිකන් ඩෙවල්, බටු මෝජු, සිංහල අච්චාරු වැනි කල් තබා ගත හැකි ආහාර වර්ග කිහිපයක් සූදානම් කළා ය. ගුවන් ගමනට පෙර දා අරවින්ද සමග දිවා ආහාර ගැනීමට අපරාජිතා ගේ අදහස...
ප්‍රේමයේ අභිමන්
වීදුරු සුදු පාට ගන්වමින් හිරු කිරණ ඇබිත්තක් කාමරයට එබිකම් කරමින් තිබිණ. අපරාජිතා සීරුවට නැගිට ඇතිරිල්ල නවා තබා යහනින් බිමට බැස්සා ය. අනන්‍යා තවමත් ගුලි වී නිදන්නී ය. මොහොතක් ඇදෙස බලා උන් අපරාජිතා දියණිය ගේ පොරෝනාව සකසා වීදුරු බිත්තිය වසා ලූ තිර රෙදි දෙපසට කළා ය. මහනුවර නගරය උදා හිරු...
ප්‍රේමයේ අභිමන්
අනන්‍යා ට නිදෙස් ගත වීමට පෙර යන්නට අවශ්‍ය වූයේ කඳුකරයට ය. ඒ අනුව එක් රාත්‍රියක් මහනුවර නතර වී දෙදිනක සංචාරයක යෙදෙන්නට අපරාජිතා තීරණය කළා ය. අනන්‍යා ඊට එකඟ නොවූ අතර දෙදිනක් නුවර හෝටලයක නතර වෙමු යයි කියමින් ඇවිටිලි කරන්නට වූවා ය. "අම්ම හිතේ හයියට මෙහෙම හිටියට එයා තාම හොඳටම සනීප...