Tag: Emotional Stories

මිහිලි ව රෝහල් ගත කරලා ගෙදර ආවට පස්සේත් සඳුන්ගේ හිත තිබුණේ අතිශය නොසන්සුන් කමක. ඒ නිසාම සඳුන් ආයේම සූදානම් වෙලා රෝහලට ගියා. ඒ වෙනකොට දෙන්නාගේම අම්මලා මිහිලිගේ තනියට රෝහල් කාමරේ හිටියා වුනත්, මිහිලි ඉන්න නොසන්සුන්කම සඳුන්ට හොඳටම පෙනුණා. අම්මලා එහාට මෙහාට වෙනකල් ඉඳලා සඳුන් මිහිලි ලඟින් ඉඳගත්තා.  සීසර් සැත්කමට...
හිට්ලර් කිව්වාම නොදන්න කෙනෙක් නැහැ. ඒ වගේම හිට්ලර් මිය ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේත් තවම හිට්ලර්ගේ නම ඇහෙන එකේ ඉවරයකුත් නැහැ. " අපෝ ඌ නම් හිට්ලර් වගේ එකා.." " මුන් එක්ක වසන්න නම් හිට්ලර් වගේ වෙන්න ඕනි ...." " හිට්ලර් හොඳයි මේ මිනිහාට වඩා..." ඔන්න ඔය වගේ ව්‍යවහාර තවම ඇහෙනවා. තමන්ගේ ජාතිය විතරක් ඉහල...
ඔක්තෝබර් මාසෙ විශේෂ වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එයින් විශේෂම හේතුව තමයි ලෝකෙ ඉන්නෙ හැම පොඩ්ඩෙක්වම සමරන ලෝක ළමා දිනය ඔක්තෝබර් පළවෙනිදාට වැටිලා තියෙන එක. ලෝකෙ කොයි අතේ, කොයි රටේ හිටියත් මේ හැම පොඩි දරුවෙක් ගැනම ආදරෙන් හිතන්න, ආදරෙන් ඒ දරුවො දිහා බලන්න අපි ඕනම කෙනෙක්ට පුලුවන් බව මම අමුතුවෙන් කියන්න...
පුංචි දරුවො විදියට අපිව මායා ලෝකයකට අරගෙන යන්න සමත් වෙච්ච Harry Potter කතා මාලාව 90 දශකයේ ඉපදිච්ච දරුවන් වෙච්ච අපිට අමතක කරන්නම බැහැ. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර්, ස්නේප්, හැග්‍රිඩ්, රොන් සහ හර්මයිනි එක්ක ගෙවිච්ච අම්මා තාත්තා නැති හැරීගේ ජීවිතේට අම්මා කෙනෙක්ගෙ සෙවණැල්ල වට්ටවන්න සමත් වෙච්ච කාන්තාවො දෙන්නෙක් මේ චිත්‍රපටයේ උන්නා. එක්කෙනෙක් රොන් ගෙ අම්මා....
ජීවිතේ හරිම පුදුමාකාරයින් තමයි. හිමිවීම්, අහිමිවීම් ගැන හරියට හිතාගන්න  බැරි තරමට සමහරවිට ජීවිතේ වේගවත්. හිනාවෙන් ගෙවෙන තත්පරයකට පස්සේ එලැඹෙන තත්පරය මහා විනාශයක් එක්ක කඳුලක් ගෙනල්ලා දෙන තරමට ජීවිතේ දරුණු වෙන්නත් පුලුවන්. අද මේ කතාව කියෙව්වාම ඔබට හිතේවි,  ජීවිතේ කොයි තරම් නම් අනියතද කියලා.. එහෙම නැත්නම් ඔබට හිතේවි කර්මය මේ...
ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව ඔබ විශ්වාස කරනවද? ඔව්, ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව විශ්වාස කරනවා. නේපාලයේ චෞපදි (छाउपडी) එයට හොඳම උදාහරණයක්. චෞපදි යනු "අපිරිසිදු" බව කියවෙන වචනයක්. ඔසප් කාලයේදී කාන්තාවන් සහ ගැහැණු ළමයින් සාමාන්‍ය පවුල් ක්‍රියාකාරකම්වලට සහභාගී වීම...
නෙත්මි වයස අවුරුදු දහ අටක යුවතියක්. ඇය පාසල් අධ්‍යපනයට ඒ තරම් මනාපයක් තිබූ කෙනෙක් නෙවෙයි. ඇයට කුඩා කාලයේ පටන් තිබුණේ වෙනස් වර්ගයේ සිහින. "මට ඕනෑ නිළියක් වෙන්න. මං මොඩ්ලර් කෙනෙක් වෙන්නත් ආසයි. මං ඔය මොකුත් බැරි වුණොත් සැලෝන් එකක් දාගන්නවා." නෙත්මි එහෙම සිහින දකිමින් ඉගෙන ගැනීම හැකි තරම් අතපසු කළා. දරුවන් සිහින...
උත්සහයෙන් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව තම ජයග්‍රහණයේ මාවත විවර කරගත් කාන්තාවන් ගැන කතා කරන විට, J.K රෝලිංගේ නම කිසිවකුට නොසලකා හැරිය නොහැක. ඇය ජීවමාන පුරාවෘත්තයක් වන අතර, ඇයගේ විස්මිත ගමන ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත කාන්තාවන්ගේ මනසට ප්‍රබල බලපෑමක් ඇති කළේ ය. රෝලිං යනු ශක්තිය, ධෛර්යය සහ නොපසුබට උත්සාහයේ...
(නීතිඥ මේකලා දහනායකගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරිනි. වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) චමරි සහ සහන් එකම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරූ යුවලක්. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වන්නේ දිගු කාලීන මිත්‍රත්වයක ප්‍රතිඵලයක් ලෙස. එකට අධ්‍යාපනය ලබන මිතුරියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීම ගැන අම්මාට කියන්නට සහන් මැලි වන්නේ නැහැ. එකම...
ඒ මහ වර්ෂාවකට පසු මොහොතක්. මාවතේ තැන තැන වතුර එකතු වී කුඩා දිය කඩිති සෑදී තිබුණා. පොද වැස්ස තවම ඇද හැලෙමින් පවතින මොහොතක තාත්තා කෙනෙකු සහ දුවෙක් තමන්ගේ නිවස පිහිටා ඇති මාවත පුරා සෙල්ලම් කරන වීඩියෝවක් අන්තර්ජාලයේ අතිශය ජනප්‍රිය වුණා. තාත්තා කෙනෙක් සහ දියණියක් සෙල්ලම් කිරීම අතිශය සාමාන්‍ය දෙයක්....