Tag: Mini stories
මම මින්දදගේ ජීවිතේ එයා ඉල්ලුව සැනසීම දීලා ලංකාවෙන් එන්න ආවා. ගුවන් තොටුපලේ අම්මලාට සමුදෙන වෙලාවෙත් මගේ හිත කිව්වේම මින්දද ඇවිල්ලා මාව නවත්තගනීවි කියලා. ඒත් එයා ආවේ නැහැ. මම අවුරුදු පහක රැකියා ගිවිසුමක් එක්ක විදෙස්ගත වුනා.
අම්මගෙයි තාත්තගෙයි තනියට අයියයි නෑනයි දරුවොයි ඉන්න බව දන්න නිසා මට තිබුන එකම වගකීම මින්දද...
තනුජා අපේ ඔෆිස් එකටම ආවා එක ගැන මට දැනුනේ සතුටක්. ඒ සතුට සාධාරණ අවංක සතුටක් නෙවෙයි, කාලකණ්ණි සතුටක් කියලා කියන එක වඩා නිවැරැදියි.තනුජා ට පත්වීම ලැබිලා තිබුනෙත් ගිණුම් අංශයේම මගේ යටතේ වන පත්වීමක් නිසා ඒ කාලකණ්ණි සතුට වැඩි වුණා.
තනුජා කියන්නේ හසන්තගේ පළමු පෙම්වතිය. මම හසන්තගේ නීත්‍යානුකූල බිරිඳ. හසන්තගෙයි, තනුජාගෙයි ප්‍රේම සම්බන්ධතාවයට...
උදාරා විවාහ නොවෙන්න තීරණය කලේ අවුරුදු හයක ප්‍රේම සම්බන්ධතාවය ඇතුලේ තමන් රැවටිලා කියලා දැනගත්තාම. ජීවිතේ දරාගන්න පුලුවන් උපරිම සීමාව සංජක වෙනුවෙන් දරාගෙන අවසන් බව උදාරා විශ්වාස කලා. ඒ නිසාම උදාරාගේ ජීවිතේ ඉලක්කය වුනේ ලංකාවෙන් පිටමං වෙලා අම්මවයි තාත්තවයි ලඟට ගන්න එක.
උදාරාගේතීරණය ඒක බව දැනගෙන උනත් උදාරගේ අම්මයි, තාත්තයි, අයියයි...
“දොස්තර කෙනෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් හරි බඳින්න කියල තමයි මම අපේ ළමයින්ට කියල තියෙන්නෙ. වෙන රස්සාවල් වලින් කොච්චර හම්බ කරත් පිලිගැනීම තියෙන රස්සාවල් තියෙන්නෙ කීයෙන් කීයද?
ඩොක්ටර් කෙනෙක් කිව්වම ඕනම තැනක පිලිගන්නවනෙ”
ලොකු නැන්දා ගෙ සුපුරුදු තැටිය ඉතින් හැමදාම වගේ අදත් වාදනය වෙන්න පටන් ගත්ත. විශේෂයෙන්ම මධූකා කසාද බැඳල ඉන්න රූමන්තව...
තරිඳු මත්පැන් වීදුරුවක් තොල ගාන ගමන් අසුන් දෙක තුනකට එහා ඉන්න මධූශා දිහා බැලුවේ හොරැහින් වගේ. මදූෂාත් තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා තරිඳු දැක්කේ එතකොට. යාලුවන්ගේ සාද වලදී කීප සැරයක්ම මුණ ගැහිලා කතා බහ කරපු මධූෂා කියන්නේ දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරුණියක් වගේම මිතුරන් කතා වෙන විදිහට හොඳ ගතිගුණ...
“හංසජා වෙඩ්ස් හරිත්”
හංසජා අතටම ගෙනැල්ල භාරදුන්න වෙඩින් කාඩ් එක අතට ගත්ත සමහර අයට නම් තිබ්බ ලොකුම ප්‍රශ්නෙ දැන් මොකද්ද අඳින්නෙ කියන එක. වෙඩින් එකට ෆැකල්ටි එකේ හැමෝම වගේ එන හන්ද ලස්සනට යන්න ඕන කියල කට්ටියම කතා කර කර හිටිය.
කැම්පස් ෆයිනල් ඉයර් එකේදි හංසජා මැරි කරන්න ඩිසයිඩ් කරගෙන හිටියෙ
කාඩ් බෙදල...
සංසලා ඉස්කෝලේ ආවේ නෑවිත් බැරි කමට. ඊයේ දවල් ඉඳන් හරි හැටි කෑමක් නැතුව, ඒ මදිවට දවස තිස්සේම නංගිලා දෙන්නා එක්ක ඔට්ටු වෙලා සංසලාට දරාගන්න බැරි වෙහෙසක් තිබුණේ.
සංසලා ගෑණු ළමයි තුන්දෙනෙක් උන්න පවුලේ වැඩිමලා. මේ අවුරුද්දේ සංසලා හයේ පන්තියට සමත් වෙලයි ඉන්නේ. සංසලාගේ අම්මයි තාත්තායි තේ වත්තේ වැඩට ගිහින් තමයි...
හේමා ලොකු කලබලයකින් වගේ ගේට්ටුව ඇරගෙන ලේන්සුවෙන් මුහුණ පිහිදන ගමන් ගෙදරට දුවගෙන එන හැටි පියල් ඉස්තෝප්පුවේ ඉඳන් බලාගෙනයි හිටියේ.
" අනේ අපි ඉවරයි පියල් "
හේමා පුටුවෙන් වාඩිවෙලා හති ඇරියා
" ඇයි මොකද වෙලා තියෙන්නේ ? "
" මං අපේ කෙල්ලගේ කේන්දරේ දීලා ආවනෙ බලන්න කියලා. මං අද ගියේ විස්තර දැනගන්න "
පියල්ට ඒක...
මාධව වේගයෙන් දොර ඇරගෙන කාර්යාලයට ඇතුළු වුනෙත් , කාර්යාලය ඇතුලේ හිටපු සේවකයෝ සියල්ලම පුටුවලින් නැගිට්ටෙත් එකම වෙලාවට. මාධව කාර්යාලය පුරාම ඇස් යවලා බැලුවත් ඔහු හොයපු කෙනා ඒ පිරිස අතර හිටියේ නැහැ.
" කෝ ශෙරිල් ? "
මාධව ඇහුවෙ මහා සද්දෙට. එකිනෙකා මූණෙන් මූණ බල බල ඉන්නකොට මාධවගේ කෝපය තවත් වැඩිවුනා.
" මං...
බදුල්ල නගරයේ ඉඳන් අශ්විනිලගේ පාසැලට එක බස් එකයි තියෙන්නෙ. ඒක සීටීබීබස් එකක්. නගරේ ඉඳන් කිලෝමීටර් දහයක් ඈතින් තියෙන පාසැල අති දුෂ්කර කියන නිර්ණායක වලට තමයි වැටෙන්නේ. උදේ හයට බදුල්ලෙන් ගමන් අරඹන බස් එක හත වෙනකොට පාසැල පහු කරනවා. ආයෙම ගමේ බස් නැවතුමෙන් නවයට ගමන් අරඹලා දහය වෙනකොට බදුල්ලට යනවා....