Tag: Vintage eyes
ඊට මොහොතකට කලින් මා හිටියේ මට ම වලකා ලිය නො හැකි කළු කුහරයක් තුළ ගිලී යමිනි. ඒ අන්ධකාරයක් බව මම දැන සිටියෙමි. එය කිසි සේත් මගේ පාලන කලාපයෙන් තොර බවත් මට දැනෙමින් තිබිණ. එහෙම වෙලාවක අපට කළ හැක්කේ ගිලෙන අගාධයක ගිලී වැටෙන ප්‍රපාතයක වැටෙන්නට හරිනා එක ය. ඕනෑ නම්...
ඒ දවස හීනයක් වාගේ ය. අම්මා සමග මා කළුබෝවිල රෝහලට යන විට තාත්තා ගේ සහෝදරවරුන් කිහිප දෙනෙකු එහි එකිනෙකා ගේ මුහුණු පෙනෙන සේ කුඩා රවුමක් සෑදී මුමුණමින් සිටියහ. අප දුටු වන ඒ කතා බහ නතර වී සියලු ඇස් අප වෙත යොමු වූවායි සිතිය හැක. තාත්තා ගේ ඥාතීන්ව මා ඒ...
කම්මුල් පුපුරු ගසනවා මට දැනිණ. දෙතොල් පෙති වියළී යනවා මට දැනිණ. ඇස් දෙක කඩා වැටෙන්නට එනවා සේ මට දැනිණ. රුධිර සංසරණය රත් වී හෝ සීතල වී ඇති බවක් මට දැනිණ. කන් දෙකෙන් දුම් පිට වෙන්නා සේ මට දැනිණ. පුටුවෙන් බැස මේසය යටට රිංගා ගත් මම විහාර වෛශාක්‍ය අමරසිංහ ගේ...
ඒ වෙලාවේ බෝ ගස් හන්දියට මත්තෙන් අහස තද ආකාස නිලෙන් යුතු වූවේ ය. ඝණ සුදු කැටි වලා කිහිපයක් එක පසෙක නතර වී තිබිණ. පරෙවියන් කිහිප දෙනෙකු ඉහළ අහසේ පියාසරනු පෙනුණේ ය. හිරු කිරණින් නැහැවුණු ඔවුන් දීප්තිමත් සුදු පැහැයකින් මගේ නෙත ගැටිණ.
බෝ ගස් හන්දියේ වැඩි කලබලයක් වූයේ නැත. කවුරුත් තම...
"දැං මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ..."
එකතකින් සුදු පෝසිලේන් පීරිසි කෝප්පය ද අනිත් අතින් කඩදාසි අත් පිස්නාව ද අල්ලා ගෙන, ඒ හැඩ පිරිමි අකුරු මැද්දේ මා ගල් ගැසී ගෙන සිටියදී නූරි ගේ හඬ මා ළඟින් ම ඇසිණ. අත් දෙක ඉණේ ගසා ගෙන ඇය සිටි ඉරියව්ව මගේ මුවෙහි සිනහවක් අඳිනා ලදී.
"මුකුත් නෑ...
තාත්තා අප හැර ගියේ කවදා දැයි මට නිනව් නැත. ඒ මා කුඩා දැරියක කාලයේදී බව මතක ය. ඊට කලින් මට තාත්තා හා බැඳුණු ලස්සන මතකයක් තිබිණ. ඔහු හවසට ගෙදර එනකොට මට ලොලිපොප් ගෙනාවේ ය. ඇපල් හෝ මිදි වැනි පළතුරක් කලාතුරකින් ගෙනාවේ ය. රටකජු ඇටයක් හෝ නැතිව නම් නාවේ ය.
තාත්තා...
උදයෙන් ම 'විශ් යූ' අතු ගා පිරිසිඳු කොට, මල් පෝච්චි පිටත තබා අහවර මම ඒ ජපන් ජබර පැළයේ මඩ සේදුවෙමි. එය පැළ වී මලක් නගා ගෙන සිටියේ අපේ පෙත් මග අතර මැද තිබෙනා වෙල් තීරයේ දිය අගලක ය. උදේ එන ගමන් නිකමට වෙල් යාය සිසාරා බලත්දී ලා කොළ පාට...
පැන්ට්‍රි කබඩ් එක අවුස්සා ජින්ජර් බිස්කට් පැකට් එකක් සොයා ගත් මම එයත් එක්ක අම්මාගෙත් මගේත් ලෙමන් ටී දෙක ද ගෙන ඉස්සරහාට ගියෙමි. අම්මා මදෙස බලා සිනහවකින් මහන මැෂිම නතර කළා ය. අප දෙදෙනා ම අපේ කුඩා බරාඳයේ යුගල බංකු පුටුවට ගියෙමු.
ලෙමන් ටී සමග ජින්ජර් බිස්කට්! ලෙමන් ජින් වලට ඒවා...
මිනිසුන් ට අත් ලැබෙන්නේ වැඩ කරන්නට ය. කන් ලැබෙන්නේ අසන්නට ය. නාසය ලැබෙන්නේ ගඳ සුවඳ දැනෙන්නට ය. ඇස් ලැබෙන්නේ ලෝකය දකින්නට ය. එසේ ලෝකය දකින්නට ලැබුණු දෑසකින් වෙන දෙයක් කිරීමේ හැකියාව ලබා දීම සොබා දහමේ බරපතල අසාධාරණයකි. ඒ අසාධාරණය සිදු වන්නේ බලන කෙනාට නොව ඒ බැල්මට හසු වෙන කෙනාට...
පෙත් මග අඳුරු ය. තෙතමනය ටිකක් වැඩි ය. එනිසාවෙන් ම සිහිලැල් ය. කාලයකට පෙර දැමූ තාර ගැලවී, ගල් මතු වී, වළවල් සෑදී අබල දුබල වූ එය පටු ය. දෙපස වැවුණ තණකොළ හා කැලෑ පඳුරු නිසා තව තවත් පටු වී තිබේ. තණ කොළ හා වල් පැළෑටි පාරට ම බර වී...