Tag: එයා මැරිලා හුගක් කල්

ඇත්තටම ආරි අක්කා  කියන්නේ කවුද කියන රූපය රාජරත්නම් දැක්කට පස්සේ රාජරත්නම් ගෙ මූණ වෙනස් වුණා කියන්න හඳ එළියෙන් මම දැක්කා. ඒ වුණාට ඒක බිංදුවක්වත් එළියට නොපෙන්වා ඉන්න තරම් රාජරත්නම් දක්ෂ වෙලා හිටියේ එයාගේ වෘතීය නිපුණත්වය හින්දා කියලා මට හිතුනා. "ඉදගන්න..." වෙරළු ගෙඩියක් උගුරෙ හිරවෙච්ච කටහඬකින් ආරි අපට කිව්වා ම "ආරි අක්කට පොඩි...
වෙත්තමුනි අපිට කියපු ගෙවල් හරියට එනකොට රෑ හත විතර වෙලා තිබුණා.වටෙන්ම කට්ට කළුවර වෙලා තිබුණේ ළඟ පාතක ගෙයක් දොරක් නැති හින්දා කියන එක මට තේරුණා. "මහා ඝන කැලයක් නේ..අලි කොටි ඉන්නවද දන්නෙත් නෑ..මොන වනාන්තරයකද මේ ගෑනි රිංගගෙන ඉන්නේ.." ප්‍රහාන් ඇහුවේ  අපි හැමෝටම ඒ වෙනකොට හිතේ ඇතිවෙලා තිබිච්ච ප්‍රශ්නය.. "අපි මේ හරියෙන් වාහනේ...
පහුවෙනිදම අපිට ගමනට ලෑස්ති වෙන්න බැරුව ගියේතලංමැහැරට නිවාඩුවක් ගන්න බැරි වෙච්ච නිසයි.අපිට යන්න පුළුවන් දවසක් හදාගන්න සති දෙකක් විතර බලාගෙන ඉන්න සිද්ධ වුණා.එදා හවස තුනට විතර අපි හැමෝම ගමනට ලෑස්ති වෙලා හිටියා. තලංමැහැර බොහොම අමාරුවෙන් තව කෙනෙක්ව රීප්ලේස් කරලා අපිත් එක්ක යන්න ආවේ දැන් කඩෙන් ගෙනාවා වගේ එයාගේ තියෙන...
රාජරත්නම් මගේ අත් දෙක අල්ලගෙන මගේ මූණ දිහා බලාගෙන හිටියා. "ඩොක්ටර් ... ඇත්තටම මම මේවට කොහොමද ස්තුති කරන්න ඕනේ කියලා මම දන්නෙ නෑ.මම මේ වැඩේ පටන් ගත්තේ ප්‍රහන් මගේ යාළුවා හින්දා.අන්තිමේදී ඔයාලා දෙන්නා මගේ සහෝදරයෝ වගේ වෙලා.මේ ප්‍රශ්නය සාමාන්‍ය එකක් නෙමෙයි කියලා පෙනි පෙනී ඔයාලගේ ජීවිත අවදානම හිතන්නෙත් නැතුව මාව...
"මට කාටවත් පක්ෂක් ග්‍රාහී වෙන්න ඕන වුණේ නැහැ. ඇත්තටම මේ ජයන්ත හින්දා මේ මනුස්සයා අමාරුවේ වැටුනා නේද කියලා හිතුවිල්ල විතරයි මට තිබුණේ.  ඒ ළඟ තියෙන සීසී ටීවී ඔක්කොම අපි බැලුවා.එතකොට පැහැදිලිව පෙනුනා මේ ජයන්තයා අන්ධභූත නැතුව මෙලෝ සිහිපතක් නැතුව එන වාහනයට එක පාරට පනිනවා කියලා.ඒ හින්දා මම සම්පූර්ණයෙන්ම ජයන්ත...
"කෙහෙල් කොළ පරඬැලක්..?? තලම්මැහැර ඉඳගෙන හිටපු පුටුවෙනුත් නැගිට්ටා. "ශ්... ශ්...ඩොක්ටර් ..ඩොක්ටර් ..කලබල වෙන්න එපා ...කලබල වෙන්න එපා ..ඉඳගන්න..වටේ පිටේ මිනිස්සු දැක්කොත් එහෙම ලෝක ලෙඩක්." රාජරත්නම් ඉක්මනටම තලම්මැහැරව  පුටුවේ  ඉඳෙව්වා. "කලබල වෙන්න එපා..හිතාගන්න බෑ වගේම ඉවසගන්නත් බෑ තමයි මේ දේවල් ඇහෙන කොට.ඒත් තාමවත් අපිට හරියට පොටක් පෑදිලා නෑ.." රාජරත්නම් කිව්වා ... "ප්‍රහානයා ඉතුරු ටිකත් ඔහොම ඇදලා...
ප්‍රහාන් .. ඊයේ පාටිය ඔයා ගොඩක් එන්ජෝයි කලා.ඔයා ටිකක් එතන කලබල කරපු නිසා අපි ඔයාව නිදාගන්න දැම්මා.උදේට කෑම කාලම වයිෆ් එක්ක ගෙදර යන්න.මම හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ.මට අද උදේ විශේෂ රැස්වීම් කිහිපයකට යන්න තියෙනවා.ඔයාව හම්බවෙලා කතා කරන්න බැරිවීම ගැන දුකක්.ඔයාගේ දක්ෂකම ගැන ආයිත් පාරක් මම බොහොම අගය කරලා කතා කරනවා.මම...
"මම සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්.වැඩ කළේ එනිමෝ එකේ..මං හරි ආසයි මහන්සිවෙලා වැඩ කරන්න.ආශිකත් මාත් එක්කම එකට වැඩ කරපු කෙනෙක්.එයා එතන ක්ලැරිකල් වැඩක් කලේ.ආශිකා හරි  අහිංසක කෙල්ලෙක්..ගොඩක් දවස් වලට මම රෑ වෙනකන් වැඩ කළා.ඒ හින්ද කම්පැනි එක  මට බොහොම හොඳට සැලකුවා.මම ආශිකාව කසාද බැන්දේ හරිම සන්තෝසෙන් ... බලාපොරොත්තු පිරිච්ච හිතකින්.. මට...
මෙච්චර වෙලාවක් එක දිගට විස්තර කතා කරගෙන ආපු අපි තුන්දෙනා වචන අමතක වෙලා වගේ අපි තුන්දෙනාගේ මූණවල් දිහා බලාගෙන හිටියා. තීරණයක් ගන්න බැරි එක තැනකට ඇවිල්ලා හිර වෙලා කියලයි මට හිතුනේ. "දැන් වෙලාව රෑ 12යි...තව ටිකකින් මේගොල්ලෝ අපිට යන්න කියලා කියයි.අපි මෙහෙම කරමු.හෙට මම ප්‍රහාණ් ව එක්කගෙන මෙතනට එන්නම්. මම...
එදා අපේ සාකච්ඡාව ඉවර වෙලා ගෙදර ආවට පස්සේ ආයිත් ඉක්මනින්ම අපි තුන්දෙනාට වෙලා කතා කරන්න ගොඩක් දේවල් තියෙන බව මට මතක් උනා.ඒ වගේම ප්‍රහාන් ව ඒ ගොල්ලන්ට මුණ ගස්සන්න ඕනේ කියන එකත් මගේ ඔළුවේ තිබුණා.එදා සාකච්ඡාවෙන් දවස් පහකට පස්සේ කොහොම හරි අපිට ආපහු හම්බවෙලා කතා කරන්න පුළුවන් වෙලාවක් දාගන්න...