Tag: සිහින අසපුව
කවීන් පහත මහලේ පිහිටි සිය කාර්යාල කාමරයට ගොස් දොර වසා ගත්තේ දුරකතන ඇමතුමක් ගැනීමටම නොව දියණිය ආරාධ්‍යාට ආයුෂ් සමග කතාබහ කිරීමට අවස්ථාව සලසා දීමේ උවමනාව ඇතිවය. මේසය අසළ හිඳ ගත් ඔහු ඒ මත වූ පොතක් ගෙන එය ඒ මේ අත පෙරලා ආපසු තැබුවේය. දෑස් පියාගෙන මඳ වේලාවක් සිටියේය. හදිසියේම...
ආරාධ්‍යා නිවස තුළ ඒ මේ අත ඇවිද්දේ කාන්සියෙනි. මුලු නිවසම පුදුමාකාර ලෙසින් නිහඬය. පාලුව හා තනිකම සිය දසැඟිලි විදහා ගෙල සිරකරන්නාක් මෙන් ඇයට දැනිණ. තාත්තා අද නිවසේ සිටියද, ඔහු සිය කාමරය තුළට වී එක්කෝ නිදා සිටිනවා වන්නට ඇත. නැතහොත් පොතක් කියවමින් හෝ චිත්‍රපටයක් නරඹමින් සිටිනවා වන්නට ඇතැයි ඇයට සිතිණ....
ඉදි කරන ලද දර ලිපක තැබූ නැවුම් මුට්ටියක රංජනී කිරි උතුරවන ආකාරය ආරාධ්‍යා හිස් දෑසින් බලා සිටියාය. රත් පැහැති ගිනි දැල් මුට්ටිය වට කොට නටයි. පෙණ නගමින් කිරි උතුරාගෙන එන අයුරුත්, නැවුම් මුට්ටිය මඳින් මඳ කලු පැහැයට හැරෙන අයුරුත්, බිම හිඳගත් රංජනී බලාපොරොත්තු පිරුණු දෑසින් එදෙස බලා සිටින අයුරුත්...
කවීන් විසින් තෑගි කරනු ලැබූ රසකැවිලි පෙට්ටිය අතට ගත් ආරාධ්‍යාගේ දෙනෙත් දිළිසිණ. ඇය එහි දවටන සීරුවෙන් ඉවත් කරන අන්දම කවීන් බලා සිටියේ තෙත් වූ දෙනෙතින් යුතුවය. ඉඳහිට දිනෙකවත් දියණියන්ට ත්‍යාගයක් රැගෙන දුන් අවස්ථාවක් ඔහුට මතකයට නගා ගත නොහැකි විය.
“තෑන්ක් යූ තාත්තෙ.”
පෙට්ටිය විවෘත කළ ආරාධ්‍යා දෙවන වතාවටත් පැවසුවාය. ඇය පළමුව...
ආරාධ්‍යා, විහාරාගේ මේසය මත වූ පොත් පත් එකින් එක ගෙන පෙරළා බැලුවේ අරමුණකින් නොවේ. ඇය විසින් අඳින ලද නොයෙක් සටහන් සහිත කඩදාසි රැසක් ලිපි ගොනුවක් තුළ දමා තිබුණ අතර, ඒවායේ දිනය ද සටහන් කර තිබිණ.
ඔබ නැතිව ගියේ මටමයි - මේ රටට නොවේ
මහ පොළවට මිස මිනිස්කමට
පෙම් නොකරන රටට නොවේ
නැගිටින්න එපා......
විහාරා පිළිබඳව කල්පනා කරමින්ම ආරාධ්‍යා නිවස තුළට ගියාය. බොහෝ සුන්දර සහ ආදරණීය හදවතක් හිමි නංගීගේ ජීවිතය උඩු යටිකුරු කළේ අම්මාදැයි යන පැනය හැමදාමත් මෙන්ම ඇගේ සිතට නැගිණ. සුහේල් අතුරුදහන් කරන්නට ඇත්තේ අම්මා ද? අම්මා සතු බලය පිළිබඳව හරිහැටි නොදැන සිටියද, දේශපාලනඥයින් ද, නම ගිය පාතාල නායකයින්ද ඇගේ හිත මිතුරන්...
කවීන් සූරියබණ්ඩාර නැගිට ජනේලය අසළට පිය නගන අයුරු මොනාලි බලා සිටියේ සැක සිතින් යුතුවය. උසාවියට රැගෙන යායුතු ලිපි ගොනු සියල්ල එක්තැන් කරමින්ම ඇය දුරකතනය ඔස්සේ කෙරෙන කතා බහට සවන් දී සිටියාය. ඇගේ පමණක් නොව ජීනාගේ දෙසවන් ද කවීන්ගේ දුරකතන සංවාදය දෙසට යොමු වී තිබිණ.
“කියන්න. මොකක්ද ප්‍රශ්නෙ?”
කවීන් ඇසුවේය. ඇමතුම ලබා...
දෙතුන් මසකට පමණ පෙර ලිවීම ආරම්භ කළ නවකතාවේ මේ වනවිට පිටු සියයක් පමණ ලියා තිබුණද, අද කිසිදු සිතිවිල්ලක් සිත තුළ නූපදින්නේ මන්දැයි ආරාධ්‍යා කල්පනා කළාය. මේසය අසළ හිඳගෙන ගත කළ හෝරාවකට ආසන්න කාලය ගත වූයේ සුදු කඩදාසියක් පිරෙන තුරුම කුරුටු රූප ඇඳීමක් පමණක් නොවේදැයි සිතද්දී ඇති වන්නේ කලකිරීමකි. වෙනදා...
ආරාධ්‍යා මොහොතක් විහාරා දෙස බලා සිටියාය. විහාරාගේ මුහුණින් පළවන්නේ මහත් වෙහෙසට පත් ස්වභාවයකැයි ඇයට සිතිණ. ආරාධ්‍යාගේ කොට්ටයක් මත හිස තබා ගත් විහාරා තවත් කොට්ටයක් තමා වෙත ඇද ගෙන එය තුරුලු කරගෙන දෑස් පියා ගත්තාය.
“මහන්සියි.”
තොල් වල සිදුවන චලනය අනුව ආරාධ්‍යා වටහා ගත්තා මිසක විහාරාගේ මුවින් වදන් පිට නොවීය.
“කොහේද ගියේ? කොහොමද...
මුලු නගරයම ගිනිගෙන දැවෙන්නාක් මෙනි. සැඩ හිරුගේ රශ්මිය වායු සමනය කළ සුඛෝපභෝගී මෝටර් රථය තුළ සිටින තමාට නොදැනුන ද, ගිනි ගත් වීදි ඔස්සේ හෙම්බත් මුහුණින් යුතුව ඇවිද යන මිනිසුන්ගේ මුහුණු වලින් පලවන්නේ විඩාපත් බව යයි උසාවියේ සිට කාර්යාලයට යමින් සිටින කවීන් සුරියබණ්ඩාරට සිතිණ. ඔහු යන්තමින් හිස හරවා තමා පසෙකින්...