සුරූපී ඒඩ්‍රයානා හෙළිකරන බ්‍රසීලියානු යුවතියන්ගේ රුව රකින රහස්

බ්‍රසීලිය රූ රැජිණන් බිහිකිරීම ගැන ඉතාමත් ප්‍රසිද්ධයි. බ්‍රසීලියානු රුව ලොවම අගයකරන්නකි. බ්‍රසීලියානු සුරූපිනියක්වන ඒඩ්‍රියානා ලීමා (Angel Adriana) ලොව වැඩිම මිලක් අයකරන සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනියකි. ප්‍රසිද්ධතම සහ ජනප්‍රියම Victoria’s Secret Angel කෙනෙක්වන ඈ ඉතාමත් සුන්දර රූසපුවකට උරුමකම් කියන්නීය.

ඇය මෑතකදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී බ්‍රසීලියානු යුවතියන්ගේ රුව සම්බන්ධයෙන් මෙන්ම රුව රකින රහස් සම්බන්ධයෙන්ද සිය අදහස් පලකළාය. බ්‍රසීලියානුවන් අගයකරන්නේ කාන්තාවකගේ ස්වාභාවික පෙනුම පමණක් බව සඳහන් කළ ඈ ලොව අන් කාන්තාවන් මෙන්ම බ්‍රසීලියානු කාන්තාවන්ද සිය රුව අලංකාර කරගන්නට රූපාලංකරණ ද්‍රව්‍ය භාවිතාකිරීමට කැමති බැව් සඳහන්කළාය. විශේෂයෙන්ම තද පහැති සහ දීප්තිමත් තොල් ආලේපණ සඳහා වැඩි ඉල්ලුමක් පවතී. බ්‍රසීලියානු කාන්තාවන් සිය රුව රැකගන්නා ක්‍රම කුඩා අවධියේ පටන් අරඹන බැවින් දිගු කාලීනව සොඳරු රුවක් හිමිකරගන්නා බව ඒඩ්‍රයානා පෙන්වාදෙයි.

බ්‍රසීලියානු යුවතියන් සිය සුසිනිඳු, දිදුලන කෙස්කළඹක් සඳහා විශ්වාසය තබන්නේ අලිගැටපේර ගැනයි. Avocado masks බ්‍රසීලයේ ඉතාමත්ම ප්‍රචලිතයි. සම රැක ගැනීම සඳහා හොඳම දෙයවන්නේ පොල් වතුර වන අතර අවම වශයෙන් දිනකට එක් වරක්වත් පොල් වතුර පානය කරන්නට වගබලාගන්නා බව ඒඩ්‍රයානා සඳහන්කරයි.

තම මිත්තනිය කියාදුන් පරිදි  තමන්ට තමන් ලස්සන නම් අන් අයටද තමා ලස්සනට පෙනෙන බැව් සඳහන් කල ඈ තම තිබෙන ස්වාභාවික ලස්සන රුව ස්වාභාවික ද්‍රව්‍ය මඟින් රැකගැනීමට කටයුතු කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිබැව් අවධාරණය කළාය.

කෘත්‍රිම ආලේපන භාවිතාකර ස්වාභාවික ලස්සන රුව නැතිකරග්නවාට වඩා ස්වාභාවික දෙයින් රුව රැකගැනීමට ඒඩ්‍රියානාගේ අදහස කෙතරම් අගනේද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles