ඔලියැන්ඩර් – 27

0
1500
oleander Flower

” එක දවසක් මාව නොබලා ඉන්න බෑ කියපු මනුස්සයා කොහොමද දවස් දෙකක්ම මූණවත් නොබලා , එක කෝල් එකක්වත් නොදී , එක මැසේජ් එකක්වත් නොදී හිටියේ ? ඉතිං කියලා තියෙන්නේ බොරු නෙමෙයිද ?” 

” අඩෝ සිරාවට ? උඹ එහෙමත් කිව්වද ?” 

මුවින් ගිලිහෙන්නට වෙර දරන සිනහව තොල්පටින් තද කර ගත් මහීල් සියත්‍ර දෙස බලා එසේ ඇසුවද සියත්‍ර වහා මහීල් දෙස ඔරවා බැලුවේය .

“මෙයා අයියේ.. මෙයා.. මේ ඔයාලගේ මහ ලොකු සර්.. “

වෙව්ලන කටහඬින් සියත්‍ර වෙතට අත දිගු කළ සඳැස්වි වහා මහීල් දෙසට හැරුණාය .

” මාව එක දවසකට නොබලා ඉන්න බැරුව කා එකේ ඇවිල්ලා අර පාර ලඟට වෙලා ඉන්නවා. ඊට පස්සේ යන්තං මගේ මූණ බලලා යන්න ගිහින් තියනවා. එහෙම හිටපු මෙයා කොහොමද අයියේ මාත් එක්ක කතාවත් නොකර දවස් දෙකක් හිටියේ ? “

” අඩෝ සිරාවට උඹ එහෙමත් කළාද ? ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ යකෝ..”

එතෙක් සිර කර ගෙන සිටි සිනහව තද දුරටත් වාවාගත නොහැකිව මුවින් පිට කරමින් මහීල් සියත්‍ර දෙස බලා මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්තේය . මිත්‍රයා ඉදිරියේ සමච්චලයට ලක් වූ සියත්‍ර නැවත වරක් ඔහු වෙත රැව්මක් පා කළේය. 

” ඒ විතරක් නෙමෙයි අයියේ.. මෙයා තව…”

” okay , Enough now. “

එසේ පැවසූ සියත්‍ර වහා හඬමින් තමා වෙත චෝදනා එල්ල කරමින් සිටින තරුණියගේ අතින් ඇද තමා වෙතට ළං කර ගනිමින්  ඇගේ දෙතොලට බර වූයේය. දෑස් අද්දර තම ප්‍රධානියා හා තරුණිය අතර සිදුවන සිදුවීම දෙස බලා සිටිය නොහැකි වූ ශාක්‍යා ලැජ්ජාවෙන් දෝතින්ම මුව වසා ගත් අතර තොල්පට තද කරගත් මහීල්ද වහා ඉවත බලා ගත්තේය. 

” මොනාද කරන්නේ ? මෙතන මිනිස්සු ඉන්නවා. “

අපහසුවෙන් ඔහුගේ දෙතොලින් මිදුණු ඈ තොල්පට සපා ගනිමින් කෙඳිරුවාය. 

” ඉතිං හිටපුදෙන්…”

එසේ පැවසූ සියත්‍ර වහා පහත් වී තරුණියව දෝතට ගත් අතර යළි මහීල් දෙස හැරුණේය. 

” මේ දොර වහ ගනින් “

කුඩා යුවතියව දෝතට ගෙන තරප්පු පෙළ දිගේ ඉහලට යන තම ප්‍රධානියා දෙස දෑස් දල්වා බලා සිටි ශාක්‍යා සිදුවන කිසිවක් විශ්වාස කළ නොහැකිව සිටියාය. 

” මොනාද බලන්නේ ? ඔයාටත් මොනාහරි ඕනෙද ?” 

තම දෙතොල දිවෙන් තෙත් කරමින් ශාක්‍යා අසලට පහත් වූ මහීල්ගෙන් මිදුණු ඇය ලැජ්ජාවෙන්ම මුළුතැන්ගෙය දෙසට දිව ගිය අතර මහීල් සිනහවක් නඟමින් ඉදිරිපස ප්‍රධාන ද්වාරය වසා දැමුවේය. 

ඉහල මහල වෙත සීරුවට ඇවිද ගිය තරුණයාගෙන් මිදුණු සඳැස්වි වහා ඔහු වෙත තරවටු බැල්මක් හෙළුවාය.

” පිස්සුද ?” 

ඇගේ පැනයට පිළිතුරු නුදුන් හේ නිහඬවම හැඳ සිටි කමිසය ගලවා ආලින්දයේ වූ කුඩා සෝපාව මතට විසි කළේය. හිතුවක්කාර තරුණයාගේ කඩවසම් නිරුවත් උඩු කය දුටු ඈ වහා අනෙක් පස හැරුණද ඇගේ පසුපසින් පැමිණ ඇගේ බඳ වටා අතක් යැවූ ඔහු ඈ තදින් තම නිරුවත් පපුවට තද කර ගත්තේය.

” පිස්සු තමයි. මට මොනවා වෙලාද කියලා මටවත් හිතාගන්න බෑ. මේ ඔක්කොම ඔයා නිසා. “

ඔහු එසේ පවසා තම දෙතොල ඇගේ ගෙල මතට තද කළේය . බලාපොරොත්තු නොවූ චුම්බනයෙන් හිරි වැටී ගිය ඇගේ දෑස

 ඈටත් නොදැනීම  පියවී ගියේය . වරක් දෙවරක් නොනැවතුණු දේහදාරියා සෙමින් සෙමින් තවත් ඈ තමා වෙතට තද කර ගන්නාතුර  ඉවක් බවක් නොමැතිව ඇගේ ගෙල වටා සිපුම් තවරමින් සිටියේය . 

” ස්… සර්…එ….”

” ෂ්…ෂ්… එපා කියන්නෙපා….!” 

කොඳුරමින් ඒ මේ අත ඇඹරෙන ඇගේ කිසිදු වචනයකට අවනත නොවූ ඔහු වහා ඈව තමා දෙසට හරවා ගෙන යළිත් ඇගේ ඉදිරිපස ගෙල වෙත පහත් වූයේය.   

” ඔයා .. ඔයා ඇයි ඔෆිස් ගියේ නැත්තේ ? RD එකේ වැඩ ඔක්කොම පැටලිලා. “

” මට ඒවා වැඩක් නෑ..  මට ඕනේ ඔයාව විතරයි “

මන්ද ස්වරයෙන් එසේ පැවසූ ඔහු තව තවත් ඈ තමා වෙතට තුරුළු කර ගනිමින් ඇගේ ගෙල සිප ගත්තේය .

” ඒකද දවස් දෙකක්ම කෝල් එකක්වත් නුදුන්නේ ?” 

කොපුල දිගේ ගලා ගිය කඳුළු බිඳුවක් පහත්ව උන් ඔහුගේ උවන මතට වැටුණු අතර හේ ක්ෂණිකව හිස ඔසවා ඈ දෙස බැලුවේය. 

” දවස් දෙකම හිටියේ ඔයා ලඟ , නොතේරුණාට..”

ගිනි ගෙන දැවෙනා ඔහුගේ දෑසෙහි උණුසුම ළය මඬල කරාම පැතිර ගියද එකී උණුසුම කෝපයක , තරහක ප්‍රතිඵලයක් නොව දරාගත නොහැකි ප්‍රේමයක බව වැටහී ගිය කුඩා යුවතිය වහා එකී දෑසෙන් තම දෑස මුදවා ගත්තාය. 

” මූණ දිහා බලනවා “

ඔහුගේ විධානය ආදරණීයය. නමුදු ගෙල ඔසවා ඔහු දෙස නොබැලූ ඈ එසේ කළ නොහැකියැයි සන් කරමින් හිස දෙපසට සැලුවාය.

” බෑ…?” 

නැවතත් පිළිතුරු ලෙස ඈ හිස දෙපසට සැලුවාය.

 ඇගේ පිළිතුරින් මුවට මඳ සිනහවක් නඟා ගත් ඔහු වහා පහත් වී නැවතත් ඇයව තම දෝතට ගෙන කුඩා නිදන කාමරයේ යහන වෙත ගොස් ඈ සෙමින් එහි තැබුවේය. ප්‍රතික්ශේප කිරීමකට කොහෙත්ම සූදානම් නොවූ ගත ඔහුගේ ස්පර්ෂයක හෝරාව අයදිමින් සිටියද ඒ සියල්ල වසා ගනිමින් ස්ත්‍රී ලැජ්ජාව පෙරට එමින් තිබුණේය. 

” ස්.. සර්..!” 

” ම්ම්…! “

කුඩා සිරුරට බර වූ දේහදාරියා ඇගේ සවන මත මන්ද ස්වරයක් මතුරමින් සිටියේය. දෙපයේ සිට මුළු ගත පුරාම දිවෙන හිරියත් දරා ගත නොහැකි ආනන්දනීය ප්‍රේමාලිංගනයෙනුත් මත් වී ගිය ඈ තම ගෙලේ සිට පහළට සුසුම් තවරමින් උන් සරාගිකයාගේ හිස කෙස් අතරින් අත යවා දැඩිව අල්ලා ගනිමින් තදින් දෑස් පියා ගත්තාය. 

*****

නාද වන ජංගම දුරකතනයේ හඬට යන්තමින් දෑස් හැරි ඔහු තමා නිදා වැටී උන් වටපිටාව දෙස බලා මන්දස්මිතයක් නඟා දුරකතනයට පිළිතුරු බැන්ඳේය. 

” තෝ ඔෆිස් යන්නැද්ද අදවත් ?” 

මහීල්ගේ හඬෙහි තරවටුවක් මෙන්ම සිනහවක්ද තැවරී තිබුණේය. 

” නිදාගන්න දියන් @$%* “

” හම්මට.. 9 ටත් ලඟයි යකෝ. මහ දවාලෙත් නිදාගන්න උඹ රෑ එළි වෙනකන් ඇහැරිලා මොනාද කළේ ?” 

” පල්ලෙහාට වෙලා උඹ කරපු එකම තමා “

” අඩෝ..!” 

” ශාක්‍යාට කියහන් මේල්ස් ටික ඔක්කොම මගෙ ෆෝන් එකට එවන්න කියලා “

” හ්ම් .. හ්ම්ම්…!” 

දුරකතන ඇමතුම විසන්ධි කළ සියත්‍ර තවත් වරක් දෑස කරකවා කුඩා තරුණියගේ නිදන කාමරය දෙස බැලුවේය. නැවත වතාවක් මුවට සිනාවක් නඟා ගත් ඔහු සෙමින් නැඟිට ආලින්දය වෙත පා තැබූ අතර උදෑසන නා තෙත කොණ්ඩය රෙදි කඩකින් දවටා සෝපාව අසල බිම හිඳ සිටි තරුණිය ටීපෝව මත දිග හැර තිබූ සටහන් පොත් කිහිපයකට බර කර තිබූ දෑස ඔහු වෙත හරවා සිනහවක් පෑවාය. 

” ගුඩ් මෝනින් !” 

ඈ හනික නැඟිට ටීපෝව මත තිබු පොත් කිහිපය එකතු කොට අතට ගත්තාය .

” ඇයි මට කතා කළේ නැත්තේ ?” 

” හොඳ නින්දකනේ හිටියේ. තේ එකක් හදන්නද ?”

” හා.. මං කන්න මොනාහරි ඕඩර් කරන්නං. “

එසේ පැවසූ ඔහු ජංගම දුරකතනය අතට ගත් අතර යුවතිය වහා ඔහු වැළැක්වූවාය.

” කිරිබත් හැදුවා. “

ඈ ලැජ්ජාවෙන් වුවද සෙමින් මුමුණා පැවසුවාය.

” ගේන්න කමු. “

” තේ ?” 

” පස්සේ බොමු. “

ඔහුගේ උවන දෙස බලා යළිත් සිනාසුණු යුවතිය වහා කුඩා මුළුතැන්ගෙයට ගොස් සාදා තිබූ කට්ට සම්බල් හා කිරිබත් පිඟානක්ද , අනෙක් අතින් වතුර වීදුරුවක්ද ගෙන යළි සෝපාවේ ඔහු අසල හිඳ ගත්තාය.

“කවන්න “

දුරකතනයට පැමිණි විද්‍යුත් පණිවිඩ පිරික්සමින් සිටි ඔහු ඈ අතින් කිරිබත් කටක් කවා ගත් අතර පදමට ඇනූ කට්ට සම්බෝලයේ සැරට දෑස විසල් කර ගත්තේය.

” ඇයි සැරද ?” 

ඈ වහා ටීපෝව මත තිබූ වතුර වීදුරුව ඔහුට දුන් අතර ඔහු එය එක හුස්මට හිස් කළේය . පිඟාන වෙත දෑස බර කරමින් සිනහ වෙන ඈ දුටු ඔහු ඇගේ බඳ වටා අත යවමින් ඈ තවත් තමා අසලට ඇද ගත්‍තේය. 

” හිනා වෙනවානේ මට ?” 

” නෑ.. නෑ.. ඔයා ඉතිං ඉන්නෙනං කොයි වෙලෙත් කොච්චි මිරිස් අහුරු පිටින් ගිලපු ගාණට . ඒ උනාට කට්ට සම්බෝලයක් කන්න බෑ “

තොල්පට තද කරගත් ඔහු සිනහවෙන්ම දිගටම කවන ලෙසට ඇයට සන් කළේය.

” රසද ?” 

” රහයි..”

හිස් වූ පිඟාන ගෙන යළි මුළුතැන්ගෙට ආ ඇය පසුපසින් පැමිණි සියත්‍ර නැවතත් ඈ තුරුළු කර ගත්තේය.

” thank you “

” කැව්වටද “

ප්‍රති පිළිතුරත් සමඟ මුව පුරා නැඟුණු සිනහව දුටු ඔහු විසල් සුසුමක් හෙළා ඇගේ උරහිස මතින් හිස තබා ගත්තේය. 

” නෑ “

” එහෙනං ?” 

” අවුරුදු ගාණකට පස්සේ එක දිගට පැය ගාණක් මට ඊයේ නින්ද ගියා. ඒකට…” 

ඔහු පවසනා දෑ වටහා ගත නොහැකි වූ ඈ සිතෙහි ප්‍රශ්නාර්ථයක් නැඟුණද එයින් මතු කිසිවක් නොපැවසූ ඔහු ඇගේ උරහිසට බර වී දෑස පියා ගත්තේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here