ඔලියැන්ඩර් – 84

0
2387
oleander Flower

” සර්…!” 

ත්‍රී රෝද රථයෙන් බැස දිව එන තරුණිය දුටු ඔහු බර වී සිටි මෝටර් රථයෙන් ඉදිරියට විත් ඈ දෙස බලා මඳ සිනහවක් නැඟුවේය. 

” පිස්සුද මනුස්සයෝ…?” 

මිට මෙළවූ අතින් ඔහුගේ පපුවට පහරක් ගැසූ ඈ කඳුළු සළා කෑ ගැසුවාය. 

” සඳ..!” 

ඇගේ කෝපයත් , කඳුළත් සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි ඔහු ඇගේ කලබලය නිවන්නට මෙන් බොහෝ මන්ද ස්වරයකින් ඈ ඇමතුවේය. 

” අච්චර අරහේ ගිනි අරන් ..ආ.. නෑ .. නෑ.. ගිනි තියලා.. ඔක්කොම කරලා මහ පාරේ පැය දෙකක් තිස්සේ කෙල්ලෙක් එනකන් බලන් ඉන්නේ ? තමුන්ට වෙන කරන්න වැඩක් නැද්ද ?” 

ඉහ වහා ගිය කෝපයෙන් සහ රතු වූ දෙනෙතින් කිසිදා නොවූ විරූ ආකාරයකට තමා වෙත කෝපයෙන් බැණ වදින කුඩා යුවතිය දෙස ඔහු තව දුරටත් නිහඬවම බලා උන්නේය .

” ඊයේ රෑ මං මෙතන එනකන් බලන් ඉද්දී එයා ක්ලබ් එකකට ගිහින්. ගෙදර අච්චර විනාසයක් වෙලා. උත්පලා මැඩම් හොස්පිට්ල් එකේ. පහන්‍යා අක්කා කොයි තත්වෙක ඉන්නවද කියලා දන්නෑ. හැමෝගෙම ජීවිත අවුල් වෙලා තියන වෙලේ ඔයා මෙතනට වෙලා මොකද්ද සර් මේ කරන්නේ ? ඔයා ඉන්න ඕනේ එක්කෝ පොලීසියේ නැත්තන් හොස්පිට්ල් එකේ. මොකද්ද මේ මහ පාරේ කරන්නේ ? “

” මේ වෙලේ පොලීසියෙවත් , හොස්පිට්ල් එකේවත් මගේ කියලා කවුරුවත් නෑ සඳ.. මගේ කියලා ඉන්න එකම එක්කෙනා ඔයානේ. ඉතිං මං ඔයා එනකන් ඉන්නැතුව වෙන කොහේ ඉන්නද ?” 

ඇගේ දෑතින්ම අල්ලා ගත් ඔහු බිමට නැඹුරු කර ගත් හිසින් එසේ පැවසූ අතර එතෙක් පැවති කෝපය සහමුලින්ම පහව ගිය ඈ වේදනාවෙන් බරව ඔහු දෙස මොහොතක් බලා සිට වහා ඔහුට තුරුළු වූවාය. 

” නිදිමතයි සඳ.. මහන්සියි…” 

” ගෙදර යං. “

යළිත් වතාවක් කොපුල් දිගේ බේරී ගිය කඳුළු බිඳු පිසදා දැමූ ඈ ඔහුගේ දෑතම අල්ලා ගෙන පැවසුවාය. 

*********************************************

නිවාස සංකීර්ණයේ ඔහුට අයත් අධි සුඛෝපභෝගී මහල් නිවසේ නිදන කාමරයේ යහන මත තද නින්දකට වැටී උන් ප්‍රතාපවත් තරුණයාගේ සන්සුන් මුහුණ දෙස මොහොතක් බලා සිටි ඈ ඉන් පිටතට විත් වීදුරු ද්වාරය හැර එහි සඳළුතලය අසලට පැමිණ තෙරක් නොපෙනෙන මහ සාගරය දෙස එකම බැල්මකින් බලා සිටියාය . 

” මහීල් අයියේ..!” 

” නංගි මං ඩෝ එක ඉස්සරහා “

වහා දුරකතනය පසෙකින් තැබූ ඈ නිවසේ ප්‍රධාන ද්වාරය විවර කර මහීල් ඇතුළට පැමිණෙන තෙක් සිට එය යළි වසා දැමුවාය. 

”  කෝ ලොකු මහත්තයා ?” 

” නිදි..” 

සුසුමක් හෙළූ මහීල් සදළුතලය ආසන්නයේ තිබූ සෝෆාවට බර වූයේය. 

” මැඩම්ට අමාරුද අයියේ ?” 

” තාම සිහිය නෑ.” 

” මොකද්ද දෙයියනේ මේ මනුස්සයා මේ කරේ ? අඩුම තමන්ගේ අම්මා තාත්‍තා කියලවත් බලන්න එපැයි “

” වරදක් කළොත් අම්මා අප්පා උනත් අදාල නෑ නංගි. වරද වරදම තමයි. ඔයා , අපි හැමෝම දන්නවනේ උගේ හැටි . වචනයක් කිව්වොත් කිව්වා. ඔයාගේ තාත්‍තාගේ සිද්ධියෙදි මේ වෙනකන් ආන්ටියි , අන්කලුයි මූට දාපු බොරුව දැනගත්තට පස්සේ තව වෙන මොනවද ? “

” ඇත්තටම මැඩම්ට මොකද්ද වෙලා තියෙන්නේ අයියේ ?” 

” අනුජ්ව ගත්තු හැටියේ පොලීසියෙන් ගිහින් තියෙන්නේ අන්කල්ලගේ ගෙදරට. ඒ යන්නත් කලින්ම පොලීසියෙන්ම අන්කල්ට නිවුස් එක ඇවිල්ලා අන්කල්ව ගන්න එනවා කියලා. ඒක නං අපේ එකා කොහොමත් කලින්ම ඉන්දීවරට කියලා තිබ්බේ. කොහොමහරි ඔය නිවුස් එක ගෙදරට ගියාම අන්කලුයි , ආන්ටියි සෑහෙන්න රණ්ඩු වෙලා. එවෙලේ තමයි ගහපු පාරකට ආන්ටි කන්ට්‍රෝල් නැතුව ස්ටෙයාකේස් එකෙන් වැටිලා තියෙන්නේ. “

විසල් සුසුමක් හෙළූ කුඩා යුවතිය නිහඬවම සයුර දෙස බලා සිටියාය. 

” සර්.. මොනවද අයියේ කරලා තියෙන්නේ ? මෙච්චර දේවල් ඔක්කොම එකපාර එළියට එන්න තරම් ?” 

” ඌ නොකළේ මොනවද කියලා ඇහුවනං ලේසියෙන් උත්තර දෙන්න තිබ්බා. ඔයාට මුකුත්ම කිව්වේ නැද්ද ?” 

ඈ නිහඬවම හිස දෙපසට සලා නැත යැයි පැවසුවාය. 

” මුකුත්ම කිව්වේ නෑ. මහන්සියි , නිදිමතයි කියලා කාලා නිදා ගත්තා “

” ටික දවසක ඉඳන් ඌ ෆැක්ට්‍රියේ වැඩ ගැන හෙවිල්ලෙන් හිටියේ නංගි. හැමෝටම හොරෙන් ෆැක්ට්‍රි එකට කැමරා පවා සෙට් කළා. අවුරුදු දහයක විතර ආපස්සට ෆැක්ට්‍රි එකේ වෙච්ච හැම ගණුදෙනුවකම ඩොකියුමන්ට්ස් චෙක් කළා. සියත්‍ර RD එක බාර අරන් ඕන උනොත් දැනට අවුරුදු හයක් වගේ ඇති. හැමදේම හොඳින් කියලා ඌට උඩ අයිසින් ටික පෙන්නුවට අන්කල් දිනේන්ද්‍රයි , අනුජ් කාරයයි යටින් කරලා තියෙන්නේ ඔක්කොම කුණු වැඩ. 

පළවෙනිම කේස් එක අර අවුරුදු පහකට කලින් නැති වෙච්ච කැම්පස් ළමයගේ සිද්ධිය. ඒකේ සම්පූර්ණ වරද රෙපෙයාර් නොකරපු මැශින්ස් වල තිබ්බේ. හැම මැශින් එකක්ම අලුතෙන්ම රෙපෙයාර් කරන්න ඕනේ කියලා ඉල්ලලා තිබ්බේ ඔයාගේ තාත්තා. ඒ ඔක්කොම ඩොකියුමන්ට්ස් බලලා සියත්‍ර කෝටි පහළවකට ආසන්න ගාණක් රිලීස් කරලා තියනවා. ඒවා අර කිව්වා වගේ maintenance section එකට ගිහින් තියනවා. හැබැයි එදා සියත්‍රව රිමාන්ඩ් කරපු වෙලේ ඔයා කිව්වා වගේ සල්ලි ඔක්කොම ඔයාගේ තාත්‍තා අතට ගිහිල්ලා නෑ. Maintenance section එකට සල්ලි පාස් උනාට ඒ සල්ලි ඔක්කොම ආයේ කැරකිලා ගිහින් තියෙන්නේ අන්කල් දිනේන්ද්‍රගෙයි , අනුජ්ගෙයි අතට “

” අනේ.. අයියේ ..!” 

ළමැද මත තද කර ගත් දෑතින් පුදුමව උන් කුඩා යුවතිය මහීල්ගේ වදන් විශ්වාස කළ නොහැකි අන්දමට ගොළු වී උන්නාය. 

” මාස ගාණක් තිස්සේ ඔය වැඩේ වෙලා. සියත්‍ර සල්ලි පාස් කළාට , maintenance section එකට සල්ලි ගියාට එක මැශින් එකක් රෙපෙයාර් වෙලා නෑ. ඒ සල්ලි ඔක්කොම ආයෙම අර ජෝඩුව අරන් . ඔය අතරෙ තමයි අර කැම්පස් එකේ ළමයගේ සිද්ධිය වෙන්නේ. අන්න එතනදි ඔයාගේ තාත්තා හොයා ගන්නවා සල්ලි ලැබිලත් , මැශින් රෙපෙයාර් නොකරපු නිසා තමයි මේ වැඩේ උනේ කියලා. මේ ගැන ඔයාගේ තාත්තා මුලින්ම අනුජ් එක්ක කතා කරලා. එතනදි අනුජ්ගේ කටින් පිටවෙලා තියනවා සල්ලි ලැබිලා තියෙන්නේ maintenance section එකට නිසා ඒකෙ වගකීම එන්නේ සෝමතිලකට කියලා. ඒකට බය වෙච්ච නිසයි , සියත්‍රගෙන් කිසිම වතාවකදි මේ වගේ දේකට සමාවක් නොලැබෙන බව දන්න නිසයි ඔයාගේ තාත්‍තා ඒ ඩොකියුමන්ට්ස් ඔක්කොම හොරෙන් ඔයාලගේ ගෙදර ගෙනිහින් දාන්න ඇත්තේ. හැබැයි එහෙම කරලා ඔයාගේ තාත්තා නිකන් ඉඳලත් නෑ. එදා රෑ අර පාටි එක වෙලේ මේ ගැන කතා කරන්න එයා දිනේන්ද්‍ර සර් ලඟට ගිහින් තියනවා. ඊට පස්සේ වෙච්ච දේ අපි තාම දන්නෑ නංගි. මොකක් හරි සිද්ධියක් වෙලා ඔයාගේ තාත්තා එතනදි නැති උනා. අන්කලුයි , ආන්ටියි අපේ එකාගේ ඔලුව කෑවා. හැබැයි ඊට පස්සේ කොච්චර හෙව්වත් අන්කල් දිනේන්ද්‍රටවත් , අනුජ්ටවත් අර ඩොකියුමන්ට්ස් ටික හම්බුන්නෑ. 

රවිහාන්ගේ සිද්ධියෙන් පස්සේ ඒ කොල්ලගේ මරණෙට ඇත්තටම දුක් වෙනවා කියලා පෙන්නපු අන්කල් ඒ කිරි පැකට් එක හදන එක නතර කරලම දැම්මා. 

” අන්කල් දිනේන්ද්‍ර ලඟ බිස්නස් එකේ වෙච්ච හැම ගණුදෙනුවකටම එකවුන්ට්ස් දෙක දෙක තිබිලා තියනවා. එකක් සිද්ධ වෙන දේවල් වල ඇත්තම තොරතුරු. අනිත් එක  සියත්‍රටයි , ඩිරෙක්ටර් බෝඩ් එකටයි පෙන්නන්න වෙනම බොරුවට හදපු එකක්. අනික අර රවිහාන්ගේ සිද්ධියෙදි Batch Numbers වලට අදාල data logs අතුරුදහන් වෙලා කියලා කිව්වට ඒවත් අනුජ් ලඟ තිබිලා හොයාගෙන . පිටින් පේනවට වැඩිය මේක මහ බරපතල කේස් එකක් නංගි. “

” එ.. එතකොට අයියේ අර අපේ ගමේ වෙච්ච සිද්ධිය. ? ඒකත් මේ RD එකට සම්බන්ධයිද ?” 

මහීල් නිහඬවම හිස ඉහල පහල සලමින් ඔව් යැයි පැවසුවේය. 

” දෙයියනේ අයියේ ..! එතන පොඩි දරුවෝ තුන් දෙනෙක්. “

” ඒක තමයි නංගි මං කිව්වේ මේක මහා බරපතල සිද්ධියක් කියලා. ඉස්කෝලේ  කැන්ටින් එකේ කෑම හදන්න අරන් තියන ඔක්කොම ingredients RD එකේ ඒවා. වෙන රටවල්වලින් අයින් කරපු ජරාවල් ගෙනල්ලා මෙහෙම බිස්නස් කළාම පොඩි උන් විතරක් නෙමෙයි මහ මිනිස්සුන්ටත් ඔව්වා වහ වෙන්නැද්ද ? කාලකණ්නි … මට ලැජ්ජයි දවසක් හරි අන්කල් කියලා කට ඇරලා කියපු මිනිහා මේ වගේ බලු වැඩ කළා කියලා පිළිගන්නත් නංගි. ඔය අපි දන්න සිද්ධි ? සමහරවිට අපි නොදන්න තව කීයක් නම් දේවල් ඇත්ද ? ඒ නඩුවත් ආයෙම කැඳවයි. ඒ නඩුව විතරක් නෙමෙයි RD එක ගෑවිච්ච මෙච්චර කාලෙකට වැහිලා ගිය , අවසන් වෙච්ච හැම කේස් එකක්ම ආයෙම උඩට ගන්න කියලා අපේ එකා අන්කල් ප්‍රතාපසිංහට ඕඩර් එකක් දුන්නා. කොහොමත් පොලීසියෙනුත් මීට කලින් මේ වගේ වෙච්ච කේස් ඔක්කොම ආයේ එළියට ගනියි. සමහරවිට අපි නොදන්න ගොඩක් දේවල් තව තව එළියට එන්න පුලුවන් . “

” එ.. එතකොට අයියේ අර සයුල්ගේ අයියගේ සිද්ධිය. අර ෆැක්ට්‍රි එකේ නිශ්ශංක කියලා කෙනෙක් නැති උනේ ?” 

මහීල් පිළිතුරු බැඳීමට පෙර විසල් හුස්මක් අත හැරියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here