ඔලියැන්ඩර් – 85

0
2
oleander Flower

” නිශ්ශංකගේ සිද්ධියත් මේකෙම පැත්තක් තමයි නංගි. අන්කල් දිනේන්ද්‍රයි , අනුජ්කාරයයි වැඩ කරන මිනිස්සු කීප දෙනෙක්වම සල්ලි වලට අරන් තියනවා. එක පැත්‍තකින් නෙමෙයි . හැම සෙක්ශන් එකකින්ම. එහෙම සල්ලි වලට ගන්න බැරි වෙච්ච මිනිහෙක් තමයි නිශ්ශංක කියන්නේ. වෙන්නේ මොකක්ද කියලා හැමදෙයක්ම හොයා ගත්තු නිශ්ශංක අපේ එකාව මුණ ගැහෙන්න හදලා තියෙන්නේ මූට ඒ දේවල් ගැන කියන්න. ඒත් .. නිශ්ශංකව එදා රෑම මරලා දැම්මා. “

” ඔ.. ඔය කියන්නේ එතකොට.. ඒ මනුස්සයව මැරුවේ දි.. දිනේන්ද්‍ර සර් කියලද ?” 

පිළිතුරක් නුදුන් මහීල් නිහඬවම කුඩා තරුණිය දෙස බලා මුනිවත රකින ආකාරයෙන්ම ඈ අනුමාන කළ දෑ ස්ථීර වන බව හොඳින් ඔහු මුවින් පිළිඹිබු වූයේය.

” මේ දේවල් හැමදේම මෙහෙම එක පාරට හොයා ගත්තේ කොහොමද අයියේ ?” 

” නිවුස් වල කිව්වේ ෆැක්ට්‍රියට සම්බන්ධ එකසිය විසි හතරක් ඇරෙස්‍ට් කළා කියලා. ඒ එකසිය විසි හතරගෙන් එන ඩීටේල්ස් එක්ක ආයේ අමුතුවෙන් එවිඩන්ස් හොයන්න වෙන්නෑ. ඔක්කොම පිළිවෙළට ගැලපෙනවා . ඔයා දන්නවද පැය විසි හතරක් යන්න කලින් raid එකක් කරලා ෆැක්ට්‍රිය වහලා ඔය එකසිය විසි හතරම ඇල්ලුවේ ඉන්දීවර. ඒකට ඕන සපෝර්ට් එක ඔක්කොම අපේ එකා දුන්නා. අර මැශින් රෙපෙයාර් වලට ඔයාගේ තාත්තාට ලැබිච්ච සල්ලි වලින් ඒවා ඒ විදිහට උනා කියලා ඩොකියුමන්ට්ස් හදලා සියත්‍රට පෙන්නපු මැල්කම්ව ගෙනාවේ ඕමාන් ඉඳලා. “

ඈ මොහොතක් නිහඬවම ඔහු දෙස බලා සිටියාය. 

එ.. එතකොට මගේ තාත්‍තා ..? ම.. මගේ තාත්තා එදා බීලා හිටියේ නෑ අයියේ “

” ඔව් .. ඒක හරි. “

” බැල්කනියෙන් බිමට ඇදන් වැටෙන්න තරම් අවසිහියක් තාත්තට තිබ්බේ නෑ. තාත්තව කවුරුහරි තල්ලු කරන්නම ඕනේ. ඒක කරපු කෙනා සර් කියලා කිව්වට අයියට හිතෙන්නැද්ද දිනේන්ද්‍ර සර් රුයි , උත්පලා මැඩමුයි ඒක කළේ කවුද කියලා මුල ඉඳන් දැනගෙන හිටියා කියලා ?” 

පෙර පරිදිම වෙව්ලන කටහඬින් ඇසූණු යුවතියගේ පැනයට මහීල් මොහොතක් නිහඬව සිට සෙමින් හිස ඉහල පහල කළේය. 

” නැත්තේ නෑ. මටත් එහෙම හිතෙනවා. “

” මට මහා අමුතු බයක් දැනෙනවා.. “

යුවතිය බොහෝ දුර කල්පනාවක වෙළී මුමුණන ස්වරයකින් එසේ පැවසුවද හොඳින් එය සවන් වැකුණු මහීල් යටැසින් ඇය දෙස බලා තොල් පට සපා ගත්තේය. 

” නංගි…! අපරාධකාරයා කවුරු උනත් සියත්‍රගේ ඒකට කිසිම සම්බන්ධයක් නෑ . ඇත්ත කියන දේ සමහර වෙලාවට දරාගන්න අමාරුයි. මේ ලෝකේ අපි හිතන හැමදේම ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නෑ. ඒත්.. වරදක් කරපු එකාට අනිවාර්‍යෙන්ම දඬුවමක් ලැබෙන්න ඕනේ. ඒක නීතියෙන් ලැබුණේ නැතත් ස්වභාවධර්මයෙන් හරි ලැබෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්‍තටත් වැරැද්දක් නොකරපු එකෙක් හිතින් වත් දුක් විඳින්න ඕනේ නෑ. කොටින්ම අනුන්ගේ පව් වලට කර ගහන්න ඕනේ නෑ. “

දෙකොපුල් මැදින් බේරී යන කඳුළු බිඳු අතරින් ඈ නිහඬවම මහීල් දෙස බලා සිටි අතර ඇගේ උවන දෙස තව දුරටත් බලා හිඳීමට නොහැකි වූ ඔහු දෑස වෙනතකට හරවා ගත්තේය. 

” උඹ දැන්ද ආවේ ?” 

පසුපසින් ඇසුණු හඬට මහීල් වහා ඒ දෙසට හැරුණු අතර ඈ හනික කොපුල් මත තිබූ කඳුළු බිඳු සියල්ල පිස දමා ගත්‍තාය. 

” I’ve been here for 10-15 minutes. “

නින්දෙන් අවදි වූ තරුණයා සදළුතලය වෙත පැමිණ එහි මහීල් ඉදිරියේ තිබූ සෝෆාවට බර වූයේය. 

” තේ ටිකක් හදන් එන්නං “

ඈ මුළුතැන්ගෙය දෙසට යන ආකාරය එක දිගට බලා සිටි ඔහු නැවතත් මහීල් දෙසට දෑස යොමු කළේය. 

” ඉන්දීවර කතා කළාද ?” 

” හ්ම්ම්…” 

” ගොඩක් උන් කටවල් ඇරලා. “

” හ්ම්ම්..”

” අනුජ්ටනං පාරවල් තුන් හතරක් හොඳට වැදිලා “

” ඉන්දීවර ඒ අස්සේ අනිත් ඇරියසුත් කවර් කරනවා වගේ “

මිතුරාගේ කතාවට මඳ සිනහවක් නැඟූ මහීල් හිස දෙපසට සැලුවේය. 

” මෙයා මොකෝ ..?” 

සියත්‍ර යළිත් වරක් ඇහිබැම ඔසවා මුළුතැන්ගෙය දෙසට යොමු කර යළි මහීල් දෙස බැලුවේය.

” වෙච්ච දේවල් ඇහුවම එයා උනත් දැන් ඉන්නේ උඹයි , මායි ඉන්න ප්‍රශ්නෙම තමයි “

” මට ආයේ මේ කෙල්ලව නැති කරගන්න බෑ බං “

” උඹ හිතන තරම් ලොකු ප්‍රශ්නයක් එතන ඇති කියලා මං හිතන්නෑ. හරි අපි හිතමුකෝ සෝමතිලකගේ මරණෙට අන්කල් දිනේන්ද්‍ර සම්බන්ධයි කියලා. ඒත් මචං ඒ අන්කල්. උඹ නෙමෙයිනේ ? “

” ඒ උනාට ඒ සඳගේ තාත්තා. මේ කෙල්ල ඒ තාත්තට කොච්චර ආදරේද කියන එක මං දන්නවා. එහෙම තාත්තගේ මරණෙට සම්බන්ධ මිනිහගේ පුතා එක්ක මේ කෙල්ල හිත හදන් ඉඳී කියලා උඹ හිතනවද බං ? ” 

” දැන් උඹට මේ තියන ප්‍රශ්න මදිද ? තාම එහෙම දෙයක් ඔප්පු උනේ නෑනේ ? අනික සඳැස්වි කියන්නේ මොළයක් තියන කෙල්ලෙක් . හැම එකාම කරන්න දෙයක් නැතුව උඩ බලන් ඉද්දි උඹව එක රැයින් රිමාන්ඩ් එකෙන් එළියට ගත්‍තේ ඒ කෙල්ලෙ නෙමෙයිද ? අන්න ඒ නිසා නිකන්ම නිකන් කෙල්ලෙක් දිහා බලන ගාණට මේ කෙල්ල දිහා බලන්න එපා මචං . “

” මට මහ අමුත්තක් දැනෙනවා බං. උඹ දන්නවා මං කවදාවත් පරාද වෙන වැඩ කරලා නෑ. කොයිම වෙලාවකදිවත් කිසිම කෙනෙක්ගේ මූණක් දිහා කෙලින් බලන්න බැරි තරමට පසුතැවෙන වැඩ කරලා නෑ. ඒත්.. මේ දේවල් සැක කරන විදිහට උනොත් මේ කෙල්ලගේ මූණ බලන්නේ කොහොමද බං මං ? “

” මොන මඟුලක් උනත් කමක් නෑ . කලින් වතාවේ වගේ පිස්සු නටන්න තියාගන්න එපා. මේක කතා කරලා විසඳගන්න පුලුවන් ප්‍රශ්නයක්. ඒක මතක තියාගනින්. “

***********************************************

” රෑටත් කඩෙන්ද ? අපි ගිහින් මොනාහරි අරන් එමු. එතකොට මට උයන්න පුළුවන්නේ. ? අක්කට කතා කළාද  ? ශාක්‍යා අක්කා උදේ ඉඳන් එහේ. අපිත් යමුද ? අහන්නකෝ.. බඩු මොනාහරි ගෙනල්ලා මොනාහරි කන්න හදන් යන්ද ? ආ.. සර්.. කියන්නකෝ ?” 

” එක තත්පරයක් නිකන් ඉන්න බැරිද සඳ ? ම්ම්ම් ? “

බෙරි කර ගත් උවනින් ඉවත බැලූ ඈ නැවත මහ සාගරය දෙසට හැරුණාය. 

” අක්කා බලන්න යන්ද කියන්නකෝ “

මොහොතක් නිහඬව සිටි ඈ යළිත් පෙර පැනයම ඇසුවාය. 

” හ්ම්ම්..”

” මහීල් අයියා ගියෙත් එහෙද ? “

” හ්ම්ම්.. “

” හොස්පිට්ල් යන්නැද්ද සර් ?” 

” තව පොඩ්ඩෙන් මටත් හොස්පිට්ල් යන්න වෙනවා තමා. “

” ආහ්.. ඇයි ඒ ?” 

” ඇයි අර ගහපු පාරට . මහ පාර මැද්දේ ගැහුවේ පපුව මැද්දටම “

ඔහු එක් අතක් තම පපුවට තබා ඈ දෙස යටැසින් බලා පැවසුවේය .

” අනේ.. ! ඒක එහෙම තරහට නෙමෙයි කළේ . “

 කෙඳිරිලි ස්වරයෙන් එසේ පැවසූ ඈ වහා උවන බිමට බර කර ගත්තාය. 

” කොයි වෙලේ බැලුවත් කෝච්චිය වගේ කියෝනවා. එක්කෝ හිනා වෙනවා. නැත්තන් අඬනවා. කේන්ති ගිහින් ඉන්නවා දැක්කමයි. “

” කේන්ති ගියා නෙමෙයි , දුක හිතුණනේ. තරහද ඉතිං ?” 

හිස දෙපසට සෙලවූ ඔහු නැත යැයි පැවසුවේය. 

” දුක හිතිලා ? එහෙනං මට බැන්නේ ? “

” මං .. මං එහෙම මුකුත් කිව්වේ නෑ.. “

නැවත වතාවක් බිමට බර කර ගත් උවනින් කෙඳිරිලි සහගත හඬක් පිට විය. 

” පිස්සුද මනුස්සයෝ කියලා බැන්නේ ?” 

” අනේ.. සර්.. !” 

වහා ඔහු දෙස බැලු ඇගේ දෙනෙතින් කඳුළක් කඩා වැටුණු අතර ගැඹුරු දෑස ක්ෂණිකව තරවටු බැල්මක් හෙළුවේය. 

” බැන්නේ මට. ගැහුවේ මට. අඬන්න ඕනේ මමනේ ? “

මොහොතක් ඈ දෙස බලා සිටියද ඈ දිගටම නොඑසවූ මුහුණ බර කරමින් සිටියාය. 

” කෝ.. මෙහෙ එන්න. “

දෑතින්ම ඇගේ දෙවුර අල්ලා තදින් ඈ තම ළමැදට තුරුළු කරගත් ඔහු විසල් සුසුමක් හෙළුවේය. 

” අක්කව බලන්න යං. ගිහින් ලෑස්ති වෙන්න. “

මහා සයුර කෙළවර හිරු සැඟව යෑමට උත්සාහ ගනිමින් සිටින දර්ශනය වෙත දෑස යොමු කළ ඔහු මිනිත්තු කිහිපයක් පුරා පැතිර ගිය නිහඬ බව බිඳිමින් පැවසුවේය. ඔහුගේ තුරුළෙන් මිදුණු ඈ නිදන කාමරය තුළට අඩි තැබූ අතර ඔහු ජංගම දුරකතනය ගෙන ඉන් ඇමතුමක් ලබා ගත්තේය. 

” ඉන්දීවර කොහෙද ?” 

…..

” ඔව්.. half and hour වගේ වෙද්දි මං එනවා. “

……

” ඔව්. මහීලුත් ඉන්නවා “

……

” හ්ම්ම්.. “

ඇමතුම විසන්ධි කළ ඔහු යළි හැරුණු අතර ඔහු වෙත තරවටු බැල්මක් හෙළා බලා සිටිනා ඈ දුටු වහා දෙබැම රැළි කර ගත්තේය. 

” අදත් හරි වගේ. “

සිහින් සිනහවක් මුව තවරාගත් ඔහු සෙමින් අඩි තබා ඈ වෙත පැමිණ ඇගේ කොපුලක් මිරිකුවේය. 

” ඔයා එපා කියපුවා නෙමෙයි නේ ?” 

” ඒවානං ආයේ කවදාවත් එපා.. “

” ආයේ නෑ.. “

යළිත් වතාවක් ඈ තුරුළු කර ගත් ඔහු ඇගේ නළල මත සෙමින් හාදුවක් තැබුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here