සුවඳ ගුණ රකිමින් රසට තුනපහ හදමු (නිකිණි බණ්ඩාර ගේ ගමේ කෑම කෘතියෙන්)

ව්‍යංජනයට ඔබ එකතුකරන ස්වාභාවික රසකාරක නිසි පරිදි පිළියෙළ කරගැනීමට ඔබ කැමති බව අප දන්නවාඔබ සියළුම ව්‍යංජන එකම පාටින් පිසගන්නේ විවිධ ලෙසින් තුනපහ සාදා ගන්නට නොදන්නා නිසාවෙන් නම් මේ සටහන රසවත් වර්ණවත් ව්‍යංජන සාදා ගැනීමට කැමති ඔබට පිදෙන තිළිණයක් ලෙසින්.

සාමාන්‍ය ව්‍යංජන සඳහා තුනපහ

  • කොත්තමල්ලි ග්රෑම් 500
  • මාදුරු ග්රෑම් 250
  • සූදුරු ග්රෑම් 50

මේවා වෙන වෙනම හොඳින් සෝදා වතුර බහින්නට තබා අව්වේ වියළා ගන්නපසුව බ්ලෙන්ඩරයෙන්ඇඹරුම් හලෙන්හෝ මිරිස් ගලෙන් අඹරා ගන්නනැතහොත් වංගෙඩියෙන් කොටා ගන්න.

කොත්ත මල්ලි වැනි දෑ කබලේ බැදීම නොකළ යුතුයඅධික ගිනි රස්නය නිසා පෝෂණ ගුණයන් විනාශ වෙන්නට හැකියාව ඇතසුවඳ රස වැඩි වන්නේ ගලේ අඹරා ගැනීම හෝ වංගෙඩියෙන් කොටමින් සිහින් පෙනේරයකින් හලා ගැනීමෙනිවිශාල ඇඹරුම් යන්ත්‍ර වලින් මෙන්ම බ්ලෙන්ඩරයෙන් කොටාගත් විට සුවඳ රස සහ ගුණ අඩුවේඒ එකවර අධික උෂ්ණත්වයකට පත්වීම හේතුවෙනි.

අතීතයේ ගෘහණියෝ මේවා ඇඹරුම් ගලේ අඹරාගෙන පිරිසුදු කරගත් පොල් කටුවකටමැටි කෝප්පයකට හෝ කුඩා බඳුනක ගුලියක් ලෙසින් තබා එහි මුදුනේ ලුණු කැට කිහිපයක් ගසයිඑවිට ලුණු වලින් ස්වාභාවික ආවරණයක් හැදෙන බැවින් කෘමින් හෝ බැක්ටීරියා ආසාදනය නොවී දවස් ගණනක් තබා ගත හැකියිමෙලෙස සකසා ගන්නා තුනපහ සාමාන්‍ය ව්‍යංජන වලට එකතුකර ඉතිරිය බඳුනකට දමා සුළං නොවදින සේ කෘමි සතුන්ට යන්නට නොහැකි සේ තබන්න.

පොළොස්මාළුබිම්මල් වර්ගමස් වර්ග සඳහා

  • කොත්තමල්ලි ග්රෑම් 500
  • සූදුරු ග්රෑම් 250
  • මාදුරු ග්රෑම් 50
  • කුරුඳු කැබලි අහුරක් පමණ
  • එනසාල් කරල් 5
  • කරපිංචා ඉති 5ක කොළ
  • රම්පෙ කැබලි 7 පමණ
  • උළුහාල් මිටක්
  • වියළි මුරුංගා පොතු කැබලි කිහිපයක්

සියල්ලම වෙන වෙනම සෝදාගෙන අව්වේ වේලා ගන්නකරපිංචාරම්පේ ද අව්වේ වේලීම ප්‍රමාණවත්කබලේ බැදීමට අවශ්‍ය නොවේඅමුවෙන් සියල්ලම කොටා ගන්නපොළොස් ඇඹුලකොහිලමාළු වැනි දෙයක් අඳුරු පැහැයෙන් පිස ගැනීමට අවශ්‍ය නම් ඒ මොහොතේ අවශ්‍ය ප්‍රමාණය කබලේ බැදගන්නසියල්ලම බැද ගතහොත් හැමදාම මාළු වැනි ආහාර එකම පැහැයෙන් පිස ගැනීමට වන නිසා ඒ මොහොතේ අවශ්‍ය ප්‍රමාණය පමණක් බැද ගැනීම තමා වඩාත් සුදුසුමඒ වගේම බැදගත් තුනපහ වලින් කෑම පිසගතහොත් නරක් නොවී වැඩි කාලයක් තියා ගන්නටත් පුළුවන්.

ඒ වගේම ඔබ ව්‍යංජනයට කරාබු නැටි මෙතෙක් කාලයක් තලා එකතු කළා නම් මින්පසු තලන්නේ නැතිව එකතු කරන්නකරාබු නැටි තැලීමෙන් පෝෂණ ගුණය විනාශ වන බව මෑතකදී සොයාගෙන තිබෙනවා.

  • කළු කුඩු
  • කොත්තමල්ලි ග්රෑම්500
  • සූදුරු ග්රෑම්250
  • මාදුරු ග්රෑම්50
  • කුරුඳු පොතු මිටවල් 2
  • එනසාල් කරල් 10
  • අබ මිටක්
  • උළුහාල් මිටක් පමණ
  • සාදික්කා වසාවාසි කැබලි 5 පමණ
  • සේර කැබලි 2
  • මුරුංගා පොතු කැබලි 3
  • රම්පෙකරපිංචාසහල් මිටක්

හොඳින් සෝදා වෙන වෙනම කබලේ බැදගන්නහොඳින් කොටා පෙනේරයෙන් හලාගන්නබෝතලයක අසුරා භාවිතා කරන්න.

ව්‍යංජන උකුවට පිළියෙළ කිරීම සඳහා

  • කැඩුණු කැකුළු සහල් ග්රෑම් 200
  • කිරි ඉවත් කරන ලද පොල් කුඩු ග්රෑම් 200

කැකුළු සහල් සෝදා ගරා අව්වේ වියළා කබලේ බැදගන්නකළු වී තිත්ත රස එනතෙක් බදින්න එපාපොල් කුඩුද පරිස්සමට කබලේ බැදගන්නරස්නය නිවෙන්නට පෙර කොටා ගන්නසිහින්ව හලා ගන්නබෝතලයකට අසුරා භාවිතයට ගන්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles