ජලයෙන් රුව රැක ගන්න හැටි දන්නවා ද?

0
1013

කවුද අකමැති ලස්සන වෙන්න වගේම නීරෝගීව ජීවත්වෙන්නත්? මුදලක් නොයදවා ජලය පමණක් උපයෝගීකොටගෙන රුව සහ ස්‍යෙඛ්‍යය රැක ගැනීමට ප්‍රතිකාරය ජපානයේ භාවිතා කෙරෙනවා. ජපාන ජනතාවට උදෑසන අවදි වූ වහාම ජලය පානය කිරීමේ පුරුද්දක් ඇති බව ඔබ දැනසිටියාද? දෙවන ලෝක යුද්ධයයෙන් පසු මේ ක්‍රමවේදය ඉතා ජනප්‍රිය වූ බවත් බොහෝ රෝග සුව කිරීම සඳහා මේ පැරණි සම්ප්‍රදායික ක්‍රමය වේගයෙන් පැතිරීම හේතුකොටගෙන ජපන් වැසියන් ලස්සන වී ලෙඩ රෝග අඩුව වැඩිම ආයුෂ භුක්ති විඳින රටක් බවට පත්වීමට මඟ පෑදූ බව සමහරුන්ගේ මතයයි.

මෙම ජල ප්‍රතිකාරය කරන්නේ මෙසේයි :

උදෑසන අවදි වූ විගසම (දත් මැදීමට ප්‍රථමයෙන්) ජලය විදුරු හතරක් (මිලි 200 ක්) පානය කරන්න. ඔබේ දත් හොඳින් සෝදා පිරිසිදු කර ඊළඟ විනාඩි 45 තුල කිසිවක් අනුභව කිරීමට හෝ පානය කිරීමෙන් වලකින්න. විනාඩි 45 ක් පසු ඔබ දිනපතා කරනවා මෙන් උදේ ආහාර පාන ගත හැක. ඔබේ උදේ ආහාරය, දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරයෙන් පසුව ගෙවන පැය දෙක තුල ආහාර පාන වශයෙන් කිසිවක් ගැනීමෙන් වලකින්න. එකවරම හිස් බඩ වතුර විදුරු 4 ක් බිමට අපහසු අය වෙත්නම් අනුක්‍රමයෙන් දවසින් දවස වීදුරුව, දෙක, තුන, හතර බැගින් අනුක්‍රමයෙන් වැඩිකරගත්තාට කම් නැත.

කියවන්න :  පිනි සේල - 18

මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් මගින් හිසරදය, ඇගපත වේදනාව, හෘද පද්ධතිය, හෘද ස්පන්දනය වේගවත්, අපස්මාර, ලේ මේදය, බ්රොන්කයිටිස්, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයිටිස්, වකුගඩු රෝග සහ බහිස්රාවී, වමනය, ගැස්ට්‍රයිටිස්, පාචනය, දියවැඩියාව, මලබද්ධය, ඇසේ රෝග, ගර්භාෂ රෝග, ඔසප් ආබාධ, කන් රෝග , නාසය සහ උගුර සම්බන්ධ සියලු රෝග සුවපත් වනවා පමණක් නොව ඔබට ලස්සන පැහැපත් සමක් සහ තරුණ පෙනුමක්ද ගෙන දෙනවාට නොඅනුමානයි. තවද මෙම ප්‍රතිකාරය ඔබේ ජීවිතයේ කොටසක් ලෙස නිවැරදිව ක්‍රියාත්මක කළහොත් වඩාත් ජවයකින් ඔබේ සිරුරේ ක්‍රියාවලි වැඩිදියුණු කර ස්‍යෙඛ්‍ය සම්පන්න කරවනු ඇත. ඔබටත් මේ ක්‍රමය ඇසුරෙන් ඔබේ රූ සපුව සහ නීරෝගීබව පහසුවෙන්ම රැකගැනීමට හැකියි.

කියවන්න :  කිරි පිටි සහ අඹ වලින් රසවත් අඹ අයිස්ක්‍රීම් ගෙදරදී හදමු..

– කල්හාරී –