මුහුණට සත්කාර කරනකොට “කන් දෙක”අමතක වෙනවා ද?

පැහැපත් මුහුණක් වෙනුවෙන් ඔබ බොහෝ සත්කාර කරනවා ඇති. ඒත් මුළු මුහුණටම සත්කාර කරද්දී කන්දෙක අමතකව යාම ඔබටත් සිදු වෙනවා නේද?

මේ නිසා බොහෝ යුවතියන්ට පැහැපත් මුහුණක් සමඟ අඳුරු කන් දෙකක් හිමි වී තිබෙනවා. මෙය ඔබේ පෙනුමට කෙළින්ම බලපාන බව අමතක කරන්න එපා.

මේ වෙනුවෙන් ඔබට කළහැකි දේවල්.

  1. මුහුණ සේදීමේදී සහ ක්ලේන්සර් කිරීමේදී ඒ සත්කාර කන් දෙකටත් කරන්න.
  2. මොයිස්චරයිස් හෝ ෆේස් ක්‍රීම් ආලේප කිරීමේදී කන් දෙක හොඳින් සම්බාහනය කරන්න.
  3. මුහුණ මේකප් කිරීමේදී ෆවුන්ඩේෂන් සහ පව්ඩර් කන් වලත් ආලේප කරන්න.
  4. කනේ පළඳින කරාබු නිතරම හොඳින් පිරිසිදු කරගන්න.
  5. ගැළපෙන කරාබු තෝරා ගන්න.-දිගු ගෙලක් ඇති අයට දිග කරාබු සුදුසු අතර කෙටි ගෙලක් සහිත අයට සුදුසු වන්නේ චාම් දිගින් අඩු කරාබු යි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles