කෝපිවලින් වෙනස් විදිහෙ වැඩක්

අපි පුරුදුවී සිටින්නේ කෝපි පානය සඳහා යොදාගන්න පමණයි. නමුත් කෝපි වලින් ඔබේ රුව ඔපනංවාගත හැකි බව ඔබ දැන සිටියාද? මෙන්න කෝපිවලින් රුව වඩන වට්ටෝරු කිහිපයක්-

කොපි වලින් මුහුණේ scrub එකක් කරමු. මේ සදහා ඔබට අවශ්‍ය වෙන්නේ:

  • කොපි කුඩු තේ හැඳි 1
  • කිරි කෝප්ප 1/4
  • කොකෝව  තේ හැඳි 1
  • මී පැණි තේ හැඳි 1
  • පොල් තෙල් තේ හැඳි 1

භාවිතාකරන අයුරු:

ඉහත සියල්ල හොඳින් කලවම් කරගන්න. මෙය මුහුණේ ආලේප කිරීමට පෙර උණු වතුරින් තෙත් කර ගත් පිරිසිදු රෙදි කඩකින් මුහුණ පිස දා  මෙය ආලේපකොට විනාඩි 20 ක් පමණ තබන්න. අනතුරුව වතුර ස්වල්පයක් ඉස මද වෙලාවක් මෘදුව සම්බාහනය කරන්න. ඉන්පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කෝපි හා දෙහි mask එකක් හදමු. මීට ඔබට අවශ්‍ය වන්නේ:

  • කෝපි කුඩු තේ හැඳි 2
  • Olive oil තේ හැඳි 1
  • දෙහියුෂ තේ හැඳි 1

භාවිතාකරන අයුරු- ඉහත සියල්ල හොඳින් කලවම්කර විනාඩි 5ක් පමණ වසා තබන්න. මුහුණ හොදින් cleanse කර ගන්න. අනතුරුව සාසාගත් මිශ්‍රනය මුහුණේ ආලේප කර හොදින් scrub කර ගන්න.  පසුව අයිස් වතුරෙන් මුහුණ සෝදා  toner කරන්න.

කෝපි වලින් body scrub එකක් සකසාගනිමු. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

  • කෝපි කුඩු කෝප්ප 1/2
  • සීනි කෝප්ප 1/2
  • Olive තෙල් තේ හැඳි 3

භාවිතාකරන අයුරු- ඉහත සියල්ල හොඳින් මිශ්‍රකරගන්.  හොඳින් ශරීරය තෙත් කර ගෙන ඉහත මිශ්‍රණය හොඳින් ශරීරයේ ආලේප කර විනාඩි 10- 15 ක් පමණ හොදින් සම්බාහනය කර ගන්න.  අනතුරුව පස්සේ මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මේ අයුරින් කෝපි භාවිතා කිරීමෙන් මුහුණ සහ ශරිරිය  කෘතීම දේවල් වලට වඩා කල්පවතින ස්වාභාවික අලංකාර රුවක් ලබාගැනීමට හැකිවනු ඇත.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles