ප්‍රේමයට නව අරුතක් දුන් අසහාය නායක නේරු සහ එඞ්විනා ආර්යාවගේ ආදර අන්දරය

0
460

නැත  ලොවේ අන් රසඳුනා – ආදරේ සේ සුවදෙනා 

සැබවින්ම ආදරය තරමට සුව දෙන වෙනත් යමක් මේ ලොව සතු වේද ? මේ අතීතයේ එවන් පෙරළිකාර සොඳුරු ආදර අන්දරයක අමරණිය මතකයයි………….

බටහිර ආදිපත්‍යයෙන් ඉන්දියාව මුදවා ගැනීමට  සිදු කරන මහත් අරගලයක් මැද සිය ආදරය ප්‍රති විරුද්ධ පාර්ශවයේ බටහිර සුදු ගැහැනියක කෙරෙහි ඇති වීම ගැන ඔබ සිතන්නේ කුමක්ද ?ආදරය ආදරයම මිස වෙනත් කිසිවක්ම නොවන බව එහි අදහස නොවන්නේද ?

මවුන්ට් බැටන් සාමිවරයාගේ දියණිය වන පැමෙලා මවුන්ට් බැටන් පවසා සිටින්නේ සිය මව එඩ්විනා සහ ඉන්දීය නිදහස් සටනේ නායකයෙකු වූ නේරු අතර පෙම් පලහිලව්වක් තිබුණ බවත් එය සිය පියාට රහසක් නොවූ බවත් වනවා.

එඩ්විනා වයස අවුරුදු 58 දී මිය යන අතර ඇය සහ නේරු අතර හුවමාරු වූ ලිපි ඉන් පසුව පැමෙලා අතට පත් වෙනවා .එඩ්විනා ගේ දියණිය පැමෙලා පවසන්නේ එම ලිපි නිදහස මෙන්ම ආදරය  පිළිබඳව නේරු විසින් ඉතා සංයමයෙන් යුතුව ලියූ ඒවා බවයි.

කියවන්න :  සති අන්තයේ Dinner එකට අපූරු Menu එකක්..

ඉන්දියාවට පැමිණෙන විට එඩ්විනා සිය දිවියේ හතළිස් හතරවන වසර ගතකරමින් සිටින්නේ. සිය සැමියාගේ කාර්යන්ට නොමදව උර දුන් ඇය නේරු සහ තමා අතර පැවති ආදරය හේතුවෙන් සිය සැමියා සහ දියණිය සහිත පවුල සම්බන්ධ කාර්යයන්ට එය බාධාවක් වීමට ඉඩ තැබුවේ නැහැ. එසේම පැමෙලා පවසන්නේ විසල් හදවතක් සහිත තම පියා එම සම්බන්ධය මනාව තේරුම් ගත් අයෙකු වූ බවයි.

පැමෙලා පවසන්නේ ඒ වන විටත් නේරු වැන්දඹු වී සිටි බවත් ඔහුගේ දියණිය ඉන්දිරා විවාහ වීම නිසා ඔහු තව තවත් තනිකමෙන් පිඩා විඳිමින් සිටි බවයි. සිය මව සහ නේරු අතර ගැඹුරු ආදරය ක්‍රමයෙන් වර්ධනය වූ බවත් සිය පියා ඉන්දියාවේ සේවය නිමවා පැමිණි පසු විටින් විට මව නේරු බැහැ දැකීම පිණිස ඉන්දියාවට ගිය බවත් ඇය පවසනවා.

කියවන්න :  ආදරයට තිත තබන මේ දේවල් වලින් වැලකෙමු

එඩ්විනා වයස අවුරුදු 58 දී සංචාරයකදී හදිසියේ මිය යන අතර ඇයගේ අවසන් කැමැත්ත වන්නේ සිය දේහය මිනී පෙට්ටියක හොවා බ්‍රිතානයේ දකුණු මුහුදේ ගිල්විය යුතු බවයි.එලෙස ඇයගේ අවසන් කැමැත්ත බ්‍රිතාන්‍ය නාවික හමුදාව අතින්  ඉටුවෙද්දී  ඉන්දීය ධජ රැගත් නවුකාවන් එම මුහුදු දිය සිසාරා මල් ඉසිමින් ඇයට අවසන්  ගරුත්වය දක්වනු ලැබුවා. එය නේරු විසින්  ඇයගේ ආදරණිය දේහයට පුද දුන් අවසන් ආදරණිය බුහුමනයි.

ස්වෛරීත්වය අපේක්ෂාවෙන් අධි රාජ්‍යවාධින් සමඟ ගෙන ගිය සටනක වෙහෙස නිවන්නට ආදරය පුදමින් ඔහු වෙතට තිලිණ වුවේද ඒ අධිරාජ්‍ය වාදී දේශයෙන් පැමිණි කාන්තාවක වීම සැබවින්ම දෛවයේ සරදමක්ද ?

නේරු සහ එඩ්විනා   අපට පවසා සිටින්නේ කුමන වේශයකින් පැමිණියත් ආදරය ආදරයම මිස වෙන කිසිවක් නොවන බව නොවන්නේද ?

– චම්මි –