නපුරු උණකටුව කකුලේ ඇණුනු පෙතංගොඩ උයන බලන්න යමු

0
581

අප බොහෝ දෙනා රාජධානි අතුරින් නැරඹීමටපුරුදුව ඇත්තේ අනුරාධපුර සහ පො‍ළොණ්නරුවය. සීතාවක රාජධානිය බොහෝ දෙනාට අමතකව ගොස් ඇත. එනිසා සීතාවක රාජධානියේ ශේෂ වූ රමරණීය ස්ථානයක් ලෙස ටිකිරි කුමරු හෙවත් රාජසිංහ රජ මරණයට පත්කළා යැයි පැවසෙන පෙතංගොඩ කටු උණ පඳුර නැරැඹීමට යමු.

ටිකිරි කුමරු හෙවත් සීතාවක රාජසිංහ රජතුමාගේ සමයේ සීතාවක රාජධානියට අයත්ව තිබුණා යැය සැලකෙන මෙම උයන ගුරුගොඩ ඔයත්, අතලව ඇලත් අතර පිහිටා ඇත. වර්තමානය වනවිට, සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන අතරට මෙය අයත් ය. පෙතංගොඩ ග්‍රාමය අදට ස ජනප්‍රිය ව පවතිනුයේ, රාජසිංහ රජුට මරණය අත්කර දුන් නපුරු උණ කටුව ඇනුණු ස්ථානය මෙය බවට සැලකෙන නිසා ය. වර්තමානයේ මෙය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවවට අයත් ස්ථානයකි.

අවිස්‌සාවේල්ල – කෑගල්ල පාරේ 19 වැනි කිලෝමීටර් කණුව අසල කන්නන්තොටින් වමට හැරී ගමන් කල විට පෙතංගොඩ උයන කරා ළඟා විය හැක. වරකාපොළ සිට පැමිණෙන්නේ නම්, අඟුරුවැල්ල මංසන්ධියෙන් වමට හැරී, ගුරුගොඩ ඔය හරහා ඇති පාලමෙන් එගොඩවී, දකුණට හැරී, එම ඔය ඉවුරට සමාන්තරව ටික දුරක් ගිය විට පැරැණි පෙතංගොඩ උයනට පැමිණිය හැක.

කියවන්න :  ගුණයෙන් පොහොසත් අපේ පාරම්පරික සහල් ගැන දන්නවාද?

පෙතංගොඩ උයනට ප්‍රවිශ්ට වන්නකුට කොළ අඩු, තරමක් උල්වූ කටු ඇති උණ පඳුරු දෙකක් දැකගත හැක. මෙම උණ කටු විශේෂය ලංකාවට රැගෙනවිත් ඇත්තේ දකුණු ඉන්දියාවෙන් බව සඳහන් වේ. උයන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උයන වට කර අගලක් කපා තිබූ බව ද, ඒ අගලට පිටින් මේ උණ කටු පඳුරු සිටුවා තිබූ බව ද සඳහන්වේ. සීතාවක රාජධානිය සමයේ සිට වූ කටු උණ පඳුරුවලින් අද වනවිට ශේෂවී ඇත්තේ උණ පඳුරු දෙකක් පමණි.

අතීතයේදී සීතාවක රාජ්‍යයේ රාජකීයයන්, මෙම පෙදෙසේ සිට උඩරට කරා ගමන් ගන්නා විට විවේක ගෙන ඇත්තේ පෙතංගොඩ උයනේදී ය. රාජකීය මගුල් උයන නැතහොත් රාජකීය උද්‍යානය ලෙස ද මෙය සැලකේ. සීතාවක රාජසිංහ රජුගේ යටි පතුළේ ඇනී ඇත්තේ, මේ උයනේ සිටවා තිබූ කටු උණ පඳුරක කටුවක් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. රාජසිංහ රජු , උඩරට රාජ්‍යයේ රජ වූ පළමු විමලධර්මසූරිය හෙවත් කොනප්පු බණ්ඩාර සමඟ සටන් වැදී පැරදී ආපසු එන අවස්ථාවේදී එය සිදුවූ බව ද සඳහන් වේ. සටනින් පැරදී ආපසු එන අතර තුරදී, විඩාව සංසිඳුවා ගැනීම සඳහා විවේක ගැනීමට පෙතංගොඩ රාජකීය උයනට පැමිණි විටෙක එම උණ කටුවක් ඇනී, තුවාලය අසාධ්‍ය වී මරණය සිදුවූ බව පැවසේ. මෙම සිදුවීම හා සම්බන්ධ විවිධ ප්‍රවාද ඔබත් අසා ඇතිවාට සැකය් නැහැ.

කියවන්න :  තේ වෙනුවට බොන්න අලිගැටපේර වලින් අලුත්ම පානයක්.

පුංචි වෙනසකටත්  එක්ක ඔබේ දුවා දරුවන් සමඟ මීළඟ නිවාඩු කාලයේ දී මෙවැනි අලංකාර වෙනස්ම තැනක් බලන්න රැගෙන යමු.

 – කල්හාරී –