හැඩට වැඩට ඉන්න ZUMBA

ලස්සන ලාලිත්‍යයෙන් පිරුණු සිරුරකට කවුද අකමැතිඉතින් සුම්බා කියන්නේ ඒ සඳහා ඉතාමත්ම සුදුසු විනෝදයෙන් පිරුණු ව්‍යායාම ක්‍රමයකටරිද්මයානුකූල සංගීතයක් සමග නර්තන ආකාරයට කණ්ඩායමක් සමග ව්‍යායාම් වල යෙදීම තමා මෙහිදී සිදු කරන්නේඉතින් අපි පොඩ්ඩක් මේ පිළිබඳව සොයා බලමු.

  • සුම්බාසිරුරේ අනවශ්‍ය කැලරි සහ මේදය දහනය කරනවා.
  • එහි ක්‍රියාකාරිත්වය තුළින් මනසටද සැහැල්ලුවක්සුවයක් ලැබෙනවා.
  • නිවැරදිව සුම්බා නර්තනයේ යෙදෙන්නෙකුට දිනකට කැලරි 600 – 1000 අතර ප්‍රමාණයක් දහනය කිරීමට හැකියාව ලැබෙනවා.
  • මේ මගින් මුළු සිරුරටම ව්‍යායාම් ලැබෙනවා.
  • හර්දයේ නිරෝගී බව සඳහා සුම්බා නර්තනය තුලින් විශාල රුකුලක් ලැබෙනවා.
  • ශ්වසන පද්ධතියේ නිරෝගිත්වයටද ඉතාමත්ම වැදගත් වනවා.
  • සුම්බා නර්තනය පිහිනුම් තටාකයේ පවා සිදු කරනු ලබනවා.
  • වයස් භේදයකින් තොරව මේ සඳහා යෙදිය හැකියි.

සිරුර සැහැල්ලු වන විට මනස සැහැල්ලු වීමත් අරුමයක් නොවෙයි නේද මානසික පිඩාවන්ගෙන් මිදීමට එය මහත් උපකාරයක් වනවානිසි උපදේශකත්වයක් යටතේ සහභාගී විය යුතු වීම අනිවාර්යයෙන්ම සිදු කල යුත්තක්නැතිනම් නිවැරදි ප්‍රතිපල නොලැබේවි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles