(අ)හිමි සිහින -91

දහතුන් හැවිරිදි හිරිමල් කෙල්ලක කාලයේ මම ආදරය කළ විසිපස් හැවිරිදි තරුණයාගේ පනස්වැනි උපන්දිනය උදා වුණා.

අවුරුදු විසි පහක්!

ඔව් අවුරුදු විසි පහක්ම මම ඔහු හිත දරාගෙන ජීවත් වෙලා.අපිට එක්ව හිඳින්නට එතරම් කාලයක් ඉඩ නොලැබුණත් මම විසි පස් වසරක්ම ඔහුට ආදරය කිරීමත් මට මහා සොම්නසක් වූ බව නොකියාම බැහැ.

එදා උදෑසන සිට ඔහුට එන තොරක් නැති ඇමතුම් මට පුදුමාකාර සතුටක් අරන් ආවා.ඔහුට ආදරය කරන ඔහුව වටිනා මිනිස්සු කොච්චරක්නම් ඉන්නවාද? ඒ හැම සුබ පැතුමකටම පිළිතුරු දෙන මගේ සුධාරක ඊටපස්සෙ හිනැහෙමින් කියන කතාවක් තිබුණා.

“මැණිකෙ එක්ක ඉන්න ආවම මේ ෆෝන් එක එක්ක ඒකට නම් ඉඩක් නෑ.මෙන්න මේක විසි කරානම් හරි මැණිකේ.”

උපන්දිනය උදාවූ මොහොතේ සිට විවිධාකාර ඇමතුම් ආවත් ලැබීමට ප්‍රමාද වු ඇමතුමක් තිබුණා.පෘථග්ජන ගැහැනියක හැටියට මටත් ඒ ඇමතුම ගැන ඇත්තටම විමසිල්ලක් නොතිබුණාම නෙවෙයි.

“හෙලෝ..ආ හැපි බර්ත්ඩේ සුධාරක,මං තියන්නං.වැඩට යන්න පරක්කු වෙනව.”

දිල්හානි ඔහුව අමතා කිව්වේ එපමණයි.ඒ වාක්‍යය මට තවමත් මතක ඒ වාක්‍යය ගැන මට ඇති වූ තරහා නිසාමයි.වසර ගණනාවක් පවුල් ජීවිතය ගත කළ මිනිසාට,දරුවන් තිදෙනෙකු හැදූ මිනිසාට හැම සැපසම්පතක්ම අඩු නැතිව දෙන මිනිසාගේ සුවිශේෂි උපන්දිනයක් දවසේ ගැහැනියකට කියන්න තියෙන්නෙ එච්චරයි ද?

ඇය කිව්වේ එච්චරයි!!

ඔහුගේ දරු තිදෙනා තාත්තාට ඇමතුමක් දුන්නේ නෑ.දරුවන්ට මහත් ආදරය කරන,ඕනෑම දරුවෙකු ඔහුගේ දරුවෙකු කරගෙන ආදරය කරන සුධාරක ඒ නිසා දුක් වෙන්න ඇති.

සැමියා සහ බිරිඳට එක්ව ජීවන ගමනක් නොමැති අවස්ථා තිබෙන්නට පුලුවන්.විවිධ හේතු හන්දාම ආදරය නොකරන්නට ඔවුන් තීරණය කරන්න පුලුවන්.වෙන්වීම අවසාන තීරණය වන්නටත් පුලුවන්.සහකාරයා හෝ සහකාරිය හැටියට සිය දෙනෙක් වුණත් තෝරා ගන්න ඕනෑම මනුෂ්‍යයෙක්ට පුලුවන්.

ඒ වුණත් දරුවෙක්ට මවක් සහ පියෙක් කියන්නේ එකම එක චරිතයක් විතරයි.දිල්හානි සුධාරකගෙන් ඈත් වීම සැබෑවටම ගැටලුවක් නෙවෙයි.ඒත් තාත්තා දරුවන්ගෙන් ඈත් කරන්නටත් ඔවුන් සහ සුධාරක අතර කිසිම සමීප බවකට ඉඩ නොතබන්නටත් ඇය ක්‍රියා කිරීම ඇත්තටම මහ නරක දෙයක් බව නොකියාම බැහැ.

ඒ රිදුණු හිත සුව කරන්නට මට උවමනා වුණා.මම ඔහුට පිසිය හැකි තරමට රස මසවුළු පිසුවා.

“මේ කෑම දිව්‍යලෝක රහයිනෙ මැණිකෙ.මගෙ මැණිකෙ දක්ෂයි.”

ඔහු කියනවා.මම හිනා වෙන්නේ ආදරෙන්.

“මම චෙෆ් කෙනෙක්නෙ.ඉතින් රහට උයන එක මගේ රාජකාරිය.”

මං ඒ හිනාව එක්කම කියනවා.

එදා ඔහුට මම උපන්දින සර්ප්‍රයිස් එකක් පවා ලබා දුන්නා.බැලුන් එල්ලා කේක් එකක් තැබූ කාමරය දෙස බලාගෙන ඔහු කුඩා දරුවෙක් මෙන් සන්තෝස වුණා.ඔහු ඇත්තටම කුඩා හේතුන්වලට සතුටු වෙන අහිංසක ජීවිතයක් ඇති මිනිසෙක්.ඒ සතුට දෙන්නට ලැබීමම මම කරගත් මහත් කුසලයක් සේ මට දැනුණා.

කුඩා සාදයක්,මගේ අතින්ම හැදූ රස මසවුළු,තෑගි ගොඩක් එක්ක ඔහු වඩාත්ම ආදරය කරන ගැහැනිය ළඟ සිටියදී සුධාරකට ඔහුගේ පනස්වැනි උපන්දිනය බොහෝ සුන්දර වන්නට ඇති.

මට ඒ දවස අමතක නොවෙන සුන්දර මතකයක්.පනස් හැවිරිදි වුණත් මේ මිනිසාට තමන් ගැන වගක් නැති බව මට වැටහුණේ අන්න ඒ මොහොතේදී.

ඒ ඔහුගේ සිරුරේ තිබූ සමහර ශාරීරික ආබාධ නිරීක්ෂණය කිරීමෙන් පසු.ඒවා ගැන කිසිවෙකුත් සොයා බලා නෑ.සුධාරකටත් ඒවා ගැන වගේ වගක් තිබිලා නෑ.

“මිනිස්සුන්ට ලෙඩ තියාගෙන ජීවත් වෙන්න බෑ මහත්තයා.ඉක්මනින් මේවට ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න ඕන.”

මිනිසෙකුට ආදරයෙන් යමක් කියද්දී ඒවා පිළිගන්නවා.ආදරය සහ සොයා බැලීම තරම් තෑග්ගක් මිනිසෙකුට තවත් නෑ.සුධාරකත් හිස වනා මගේ ඉල්ලීම පිළි ගත්තේ ඒ නිසා වෙන්න ඇති.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...