ඔබේ පුංචි සුරංගනාවියගේ කන්පෙති විදීමෙන් පසු මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න

මේ වෙන විට ඔබේ පුංචි දෝණිගේ කන්පෙති විද කරාබු දමා හැඩකර ඇති නම් එම සුසිණිදු කන්පෙති වලට හානි නොවන ලෙස තබා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා මෙම කරුණු ඔබට උපකාරී වේවි.

ආසාදන ඇති විය හැකි බැවින්පුංචි දූගේ කන්පෙති නිතර නිතර පිරිසිදු කරන්න. ඒ සඳහා පුළුං කෑල්ලක් ඇල්කොහොල්/ සර්ජිකල් ස්ප්‍රීට් වල පොඟවා යොදා ගත හැකිය. අපිරිසිදු දෑත් වලින් කන්පෙති විදි ප්‍රදේශය නොඅල්ලන්න මතක තබා ගන්න.

කන් විදි ප්‍රදේශය තුල රුධිර සංසරණය පවත්වා ගැනීම සඳහා දිනකට එක් වරක් හෝ දෙවරක් වරක් වත් කරාබු කරකවන්න. අවම වශයෙන් මාස අටක කාලයක්වත් කරාබු මාරු කරන්නට පෙර සිටිය යුතුය. කරාබු ඉවත් කළ වහාම තවත් කරාබු යුගලයක් පළඳවන්න.

විෂබීජ ඇතුළු වී ආසාදනය විය හැකි නිසා දරුවාගේ දෑත් වලින් කන්පෙති අල්වන්ට ඉඩ නොදෙන්න. පුංචි දෝණි නාවද්දී ෂැම්පු, කන්ඩිෂනර් හෝ සබන් එම ප්‍රදේශය හා ගැටීමෙන් වැළක්වා ගන්න. පුංචි දූට ඇඳුම් ඇන්දවීමේ දී කරාබු වල නොගැටෙන පරිදි ඇන්ද වීමට වගබලා ගන්න. ආසාදන පිළිබඳව විමසිලිමත් වන්න. ඇය ආසාදන තත්ත්වයකට පත්වන බවක් පෙනෙන්නට ඇත්නම් ඇයව වහාම වෛද්‍යවරයා වෙත රැගෙන යන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles