Hichki (2018) –

Brad Cohen නම් ඇමෙරිකානු දේශකවරයා ඔහුගේ ජීවන කතාව ඇසුරෙන් Lisa Wysocky සමඟ එක්ව රචනා කළ “ Front of the Class : how Tourette Syndrome Made Me the Teacher I Never Had” නම් කෘතිය පදනම් කරගනිමින් නිර්මාණය වූවක්. ‘Hichki (2018)‘ හින්දි චිත්‍රපටය . දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂක සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙහි අධ්‍යක්ෂකවරයා යි. IMDB දර්ශක අගය 7.5/10ක් වූ මේ චිත්‍රපටය විචාරක හා ප්‍රේක්ෂක පැසසුමට ඉතා ඉහළින් ලක් වූවා.

නේනා මාතූර් උපතින්ම කථන අපහසුතාවයකින් (Tourette Syndrome) පෙළෙනවා. ඇය කතා කරද්දී ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිදු වෙනවා. විශාල ශබ්දයකින් නොනවතින ඉක්කාවක් වගේ. මේ නිසා ඇය ඉගෙන ගනිද්දී පාසලේදී නිතර උසුළු විසුළු වලට ලක් වෙනවා. ගුරුවරුන් පවා ඇයව නොසලකා හරිනවා. නමුත් ඇය ධෛර්යමත් ලෙස උපාධිධාරිනියක් බවට පත් වෙනවා.

ඇය පළමු කඩඉම ජය ගන්නවා ඇගේ ඊළඟ බලාපොරොත්තුව ගුරුවරියක් වීම. මේ තරම් කථන අපහසුතාවයක් තියෙන ඇයට ගුරුවරියක් වෙන්නට වුවමනා කළේ ඇයි යන්න ඇය සහභාගී වූ හැම සම්මුඛ පරීක්ෂණයකදීම ඇයට ලැබෙන ප්‍රශ්නය. කථන අපහසුතාවය නිසා ඇයව ගුරුවරියක් විදියට බඳවා ගන්නට කිසිම පාසලක් ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් ඇය ඉගෙනුම ලැබූ සෙන්ට් නොට්කරයිට්ස් පාසලෙන් ඇමතුමක් එනවා ඇයව ගුරුවරියක් විදියට බඳවා ගන්න කැමතියි කියලා.. ඇයට ලැබෙන්නේ 9F පන්තිය. ළමයි දහහතරක් දෙනෙක් ඉන්න මේ 9F පන්තියට කථන අපහසුවක් ඇති නේනාට ගුරුවරියක් විදියට පත්වීමක් ලැබීම පිළිබඳ කතාන්දරය සමඟ චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යනවා. රාණි මුකර්ජි මේ නේනාට පණ දෙන්නේ ඉතා විශිෂ්ඨ ලෙස.

තමන්ට ඇති රෝගාබාධයක් හෝ අඩුපාඩුවක් නිසා ජීවිතය කඩා වට්ටා ගන්න හදන හැම කාන්තාවක්ම අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි මේ Hichki තමන්ගේ දුර්වලකම තමන්ගේ ශක්තිය බවට පත් කරගැනීමට ඉතා තද ආත්ම විශ්වාසයක් අවශ්‍යයයි.එය වර්ධනයට හිච්කි ඔබට උදව් වේවි. ඔබත් නේනා මාතූර් කෙනෙක් නම් ඔබට ඔබ ගැන ආඩම්බර වීමට මේ චිත්‍රපටය හේතුවක් වේවි.

ඒ වගේම ඔබ ගුරුවරියක් නම් සමාජ ක්‍රමයේ තිබෙන සමහර දුර්වලතා හඳුනා ගන්න හිච්කි ඔබට උදව් වේවී.ලෝකයේ නරක ගුරුවරු මිස නරක ළමයින් නැති බව යළිත් සිහිපත් කරාවි.

2018 වසරේ නිකුත් වූ නැරඹිය යුතුම චිත්‍රපටියක් හිච්කි. එය නරඹන්න. ඔබටත් කරදර මැදින් නැගිටිමින් ඔබේ හැකියාව සොයා ගන්නා හැටි නේනාගෙන් ඉගෙන ගන්නට ලැබේවි.

 

Related Articles

Don't Miss


Latest Articles