නිවසේදීම henna treatment එකක් නිවැරැදිව කරගන්නේ කොහොමද ?

නිරෝගී දිදුළන කළු පැහැති කෙස් කළඹක් ඕනෑම කාන්තාවකට අපූරු ලස්සනක් එකතු කරනවා.ඉතිං අද අපි කතා කරන්නේ ඒ වගේ නිරෝගී දිදුළන කළු පැහැති කෙස් කළඹක් ලබා ගැනීම සඳහා ගෙදරදීම හෙනා සත්කාරයක් නිවැරදිව කර ගන්නෙ කොහොමද කියන කාරණාව ගැන. සැලොන් ගිහින් හෙනා ට්‍රීට්මන්ට් කරන ඔබට මේ කාලෙ සැලොන් යන්න අපහසු නිසා මේ ලිපිය වැදගත් වේවි කියල අපි හිතනව. ප්‍රථමයෙන් henna treatment එකකින් කොණ්ඩයට ලැබෙන වාසි ගැන අපි දැනුවත් වෙමු.

හෙනා සත්කාරයක් සිදු කිරීමේ වාසි

කොණ්ඩයට තද පැහැයක් එක් වීමට අමතරව හෙනා සත්කාරයක් කිරීමෙන් වාසි රැසක් හිමිවෙනවා.

කොන්ඩයට අමතර පෝෂණයක් ලැබෙනවා

මෙම සත්කාරයට බිත්තර භාවිතා කරන බැවින් විටමින් E ,A ,B,බයෝටීන් සහ ප්‍රෝටීන් වැනි සංඝටක අඩංගුවන නිසා ඉතා හොඳ පෝෂණයක් ඔබේ කෙස් කළඹට ලැබෙනවා.

දිගු කෙස් කළබක් ලබා ගත හැකියි

මෙම සත්කාරයෙන් ලැබෙන පෝෂණය නිසා ඔබේ කොණ්ඩය දිගු වීමට එය උපකාරී වනවා

කෙස්වල දීප්තියද මේ හරහා වැඩිවනවා

හෙනා සත්කාරයක් නිවසේදීම කරන ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

හෙනා පව්ඩර් මේස හැඳි 2ක්

උණු වතුර

බිත්තර 01ක්

යෝගට් / මුදවපු කිරි මේස හැඳි 3ක්

Olive Oil තේ හැඳි 2ක්

Vitamin E කරල් 3ක්

මිශ්‍රණය සකසා ගන්නා ආකාරය :

පියවර 1
හෙනා පවුඩර් මද රස්නෙ උණු වතුරෙන් හොඳින් මිශ්‍ර කර ගන්න

black hair

පියවර 2
එම මිශ්‍රණය ශීතකරණයේ පැය 2ක් හෝ 3ක් තැබීමෙන් පසු මිශ්‍රණය ශීතකරණයයෙන් ගෙන මදක් තියෙන්නට හැර යෝගට්,බිත්තර සහ ඔලිව් තෙල් එයට එක්කර හොදින් මිශ්‍ර කර ගන්න

පියවර 3
අවසානයේ කෙස් අග සිට මුල දක්වා හොදින් ආලේප කර ගැනීම

පියවර 4

විනාඩි 45ක් පමණ වියළෙන්න හැර හොඳින් සෝදා හැරීම (ෂැම්පු භාවිතා නොකොට සෝදන්නේ නම් වඩා හොඳයි )

සැලකිලිමත් වියයුතු කරුණු

පීනස, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් හෙනා ප්‍රතිකාරය කිරීමෙන් වළකින්න

හොඳින් හිරුඑළිය වැටී ඇති දිනක උදය වරුවක මෙම ප්‍රතිකාරය කරන්න

හෙනා මිශ්‍රණය ආලේප කිරීමට ප්‍රථම කොණ්ඩය ෂැම්පූ දමා සෝදා ගන්න. කන්ඩිෂනර් යෙදීම නොකරන්න

මිශ්‍රණයේ කහට අත්වල තැවරෙන බැවින් ග්ලවූස් දෙක්ක භාවිත කරන්න

මසකට වරක් හෝ මෙම සත්කාරය සිදු කළ යුතුයි.

සෑම විටම ස්වාභාවික ක්‍රම භාවිතා කිරීමට උත්සහ කරන්න.

හෙනා ට්‍රීට්මන්ට්වලින් පසු හිසකෙස්වල වර්ණය දිගු කල් ආරක්ෂා කරගන්නෙ කොහොමද?

කොණ්ඩා මෝස්තර දැමීමට, කොණ්ඩය staight කිරීමට  උණුසුම් මෙවලම් භාවිතය සීමා කරන්න.

උණුසුම් වතුරෙන් හිසකෙස් සේදීමෙන් වළකින්න.

ඔබේ නාන කාමරයේ ජල කරාමයට පෙරණයක් භාවිතා කරන්න. එය ක්ලෝරීන් සහ බැර ලෝහ වැනි වර්ණක රසායනික ද්‍රව්‍ය පෙරීමට උපකාරී වෙනවා.

සැලොන් යන්න බැරි මේ කාලෙ මේ විදියටම නිවසේදීම හෙනා ට්‍රීට්මන්ට් එකක් කර ගන්න ඔබට දැන් පුලුවන්.මේ ක්‍රමයෙන් ඔබටත් ඔබේ කෙස් කළඹ ඉතාමත් ආකර්ශනීය කර ගත හැකියි.

Related Articles

Don't Miss



Latest Articles

ප්‍රේමයේ නාමයෙන් සියල්ලු ඉවසූ බිරිදක්

"සමහර මිනිස්සු ගෝනුස්සෝ වගේ.කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ.වෙනස් කරන්නත් බෑ" ඒ කතාව ඔබට කියන්නේ මේ අගෝස්තු පස්වැනිදා Netflix හරහා නිකුත්...

සීත මාරුතේ – 35

ප්‍රේමයේ ඊර්ෂ්‍යාව කියනා දේ මා පළමු වරට අත් විඳින්නට වූයේ ඒ සිදුවීම ඔස්සේ ය. මුණිවර ගේ රියෙහි මා තනි ව නුවර ගොස්...

දඩි බිඩි ගාලා පැයෙන් ආප්ප හදන හැටි.

සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදන්න ලොකු වෙලාවක් පිපෙන්න ඕනේ. ඒ වගෙ ම තෙත හාල් පිටි නිතරම ගෙදර තියෙන දෙයක් නෙවෙයි. ඉතින් හදිස්සියේ ම...

හිමගිරි අරණ -48

පාරමීගේ මිත්‍රත්වය අතීතයට අයත්ව ගිය බව හිමාෂාට වැටහී ගියේ ඇගේ හැසිරීම් නිසා ය.පාරමී හිමාෂාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටියා ය.ඇගේ වේදනා හිමාෂා...

(අ)හිමි සිහින -144

මම මේ කතාව තුළ සහමුලින්ම විවෘතව ඔබට පෙන්වන්නේ මගේ චරිතය පමණයි.සුධාරක සම්බන්ධයෙන් ද ඔහුගේ පෞද්ගලිකත්වය සුරකිමින් බොහෝ දේ මම ඔබට කියනවා.නමුත් මම...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content