ගෙදරදීම වන්ඩු හදමු

අවශ්‍ය දේවල්:

  • තම්බාගත් පාන්පිටි ග්‍රෑම් 400,
  • පොල්වතුර පොඩි පාන් කෑල්ලක් හෝ යීස්ට්
  • කුඩුකරගත් ලොකු හකුරු පලුවක් හකුරු නැත්නම් පැනි කාලක් හෝ සීනි ග්‍රෑම් 250
  • සීනි මේස හැන්දකින් පමන
  • සාදාගත් කැරමල් පොල් බෑයක මිටිකිරි
  • ආප්ප සෝඩා

මෙන්න මෙහෙම හදමු…

පොල් වතුර, පාන් කෑල්ල, පාන්පිටි සහ කුඩුකරගත් හකුරු හොදින් කලවම් කරගන්න. ලුනු ටිකකුත් දමන්න. වතුර මදි නම් ඇල් වතුර ටික ටික එක්කර හොඳින් අත් ගසන්න. පැය හයක්පමන වසා තබන්න. කලින් දවසේ රාත්‍රී සූදානම් කර පසුවදා උදේට හදන්න පුලුවන්. පොල් බෑයක උකු කිරි එකතු කර පැය හයකට පසු උකු මිශ්‍රනයක් හදා ගන්න. එනසාල් සහ මාදුරුහොදින් බැදගෙන තලාගෙන මිශ්‍රනයට එක්කරන්න. ආප්ප සෝඩා තේ හැඳි බාගයක් පමන එක්කරන්න. නැවත පැය බාගයක් පමන වසා තබන්න.

ස්ටීමරයේ වතුර හොඳින් නටවන්න. කැන්ද කොල ගොටු හෝ කැන්ද කොල නැත්නම් කුඩා කෝප්ප කිහිපයකට වත්කර ස්ටීමරයේ දමා තද ගින්දරේ විනාඩි 15ක් 20 ක් ස්ටීම් කරන්න. ඉරටු කැබැල්ලක් වන්ඩුවේ මැදට ඇන තැම්බී ඇද්ද බලන්න. කුඩා කෝප්ප වල හැදුවේ නම් තරමක් නිවෙන්නට හැර ගලවාගන්න.

සෙල්ලම් කරන කලබලකාර පොඩිත්තන් මොහොතකට එක තැන තියාගන්න වගේම අපේ පැරණි කෑමක් ගැන දැන ගන්නටත් අවස්තාව ලැබේවි. වැඩිහිටියන්ට නම් අතීතයේ සුවඳ ක්දැනේවි.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles