රුව රකින ටිප්ස්

අඩු මුදලකින් පුන්චි කාලයකින් ඔබේ රුව රැක ගන්න මේ දේවල් අදම අත්හදා බලන්න.. ලස්සනට ඉන්න කැමති ඔබට මෙන්න මේ ටිප්ස් කිසිදු අපහසුවකින් තොරව අත්හදා බලන්නට පුලුවන්. ඉතින් ගෙදර දොරේ වැඩ අතර ඔබට ආදරය කරන්නත්, ඔබවෙනුවෙන් කාලයක් යොදවගන්නට හැකිවන ලෙසට කාලය කළමනාකරණය කරගන්නත් අමතක කරන්න එපා.

  • දිනපතා ව්‍යායාම කිරීමෙන් පසුව දොඩම් යුෂ වීදුරුවක් පානය කරන්න. ගතේ විඩාව නිවෙන අතර විටමින් සී නිසා වාසි රැසක් ලැබෙනවා.
  • තොල් ආලේපන ඉවත් කිරීමෙන් පසු තොල් කලු පැහැයට හැරී ඇත්නම් එඬරු තෙල් හෝ තක්කාලි යුෂ ස්වල්පයක් තොල්වල ආලේප කරන්න. පැය භාගයකට පසුසෝදා හරින්න. සතියකට දෙතුන් වතාවක් කරන්න.
  • තොල් ආලේපන ඉවත් කරන විට දෙහි යුෂ ටිකක් ආලේප කරන්න. මද වේලාවකි පිස දමන්න.
  • හිස් හොරි ඉවත් කරගැනීමට දෙහි ගැට, උලුහාල් තම්බා එයට පොල්කිරි ස්වල්පයක් ද එකතු කර හිසේ ආලේප කරන්න.
  • ඇස් වටා කලු ගතිය ඉවත් වීමට අරලු කුඩු මුහුණේ ආලේප කරන්න. විනාඩි 20කින් පමණ සෝදා දමන්න.
  • වෙනිවැල් ගැට,කොකුම් පොතු,කස්තුරි කහ,මදතිය,මේ සියල්ලේම කුඩු සමව ගෙන කලවම් කර බෝතලයක අසුරා ගන්න. සතියකට දෙවතාවක් පමණ එයින් කුඩුස්වල්පයක් ගෙන, යෝගට් හෝ මුදවපු කිරි ටිකක් සමග මුහුණේ, බෙල්ලේ සහ අත්වල තවරා විනාඩි 25 කින් පමණ සෝදා හරින්න.සම පැහැපත් වනවා.
  • නියපොතු කැඩී දුර්වර්ණ වී ඇත්නම් ඒ මත ඔලිව් තෙල් ආලේප කරන්න.
  • දොඹ කොළ තම්බා,පෙරා නිවුණාට පසුව,ඇස් දෙක සෝදන්න.
  • හිස කෙස් ගැලවී යයි නම් පොල්තෙල් සහ ඔලිව් තෙල් එක්කර පහනකින් රත්කර රාත්‍රියට හිස ගල්වා විනාඩි 10ක් පමණ මසාජ් කරන්න.
  • මුහුණේ සහ බෙල්ලේ හටගන්නා කලු ලප සුව කරගැනීමට අමු කහ, වෙනිවැල් ගැට, ඇල් වතුරෙන් ගලගා ලප මත ආලේප කරන්න. විනාඩි 30කින් පමණ සෝදාහරින්න.මෙය සතියකට තුන් වතාවක් පමණ කරන්න.
  • බෙල්ලේ රැලි ඉවත්වීමට කඩල පිටි වලට ජලය මිශ්‍ර කර ආලේප කරන්න.විනාඩි 30 කට පමණ පසු සෝදා හරින්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles