හදිසියේ ඇතිවන බඩේ අජීර්ණයට නිවසේදීම කලහැකි ප්‍රතිකාර

මිනිසා ඇතුලු සත්වයන් විවිධ අවස්ථාවලදී විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරු වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වෙලාවට ගෙදරදීම සුලු අත්බෙහෙතක් කරල බලන්න අපේ පැරැන්නෝ දැනන් හිටිය. මෙි සදහාා භාවාතා කලේ ගෙදර වත්තෙන්ම සොයා ගත්තු බෙහෙත්.. හදිසියේ ඇතිවෙන මේ වගේ සුලු රොගාබාද සුවකර ගන්න සොබා දහම අපට ස්වාභාවික ඔසු ගණනාවක්ම තිලිණ කර තිබෙනවා.

ඉතින් ඒ ඉසිවර ඔසුවල පහස ලබා අප සුවපත් වෙමු. අද ගෙනාවේ අජීර්ණය සදහා ප්‍රතිකාර කිහිපයක්

අජීර්ණය

ආහාර නිසි පරිදි නොදිරවීම නිසා බොහෝ දෙනෙක් අපහසුවට පත් වනවා.ඒ නිසා ආහාර නොදිරවීමේ තත්වය ආයුර්වේදයේ හඳුනා ගන්නේ අජීර්ණයක් ලෙසටයි.ආයුර්වේදයට අනුව අජීර්ණයට බලපාන්නේ  අග්නිමන්දතාවයයි.

අජීර්ණයේ රෝග ලක්ෂණ

  • ඇඟේ බර බව,
  • නිතර කෙළ ගැලීම,
  • කෑම ගත්විට උගුරට ඇඹුල් රස ඒම,
  • ඇස් අග ඉදිමීම, වැනි රෝග ලක්ෂණ අජීර්ණය නිසා දැනෙනවා.
  • පිත මුල්වී ඇතිවන අජීර්ණය නිසා හිස කැරකැවිල්ල,අධික පිපාසය,අම්ල ගතියට උගුරට ඒම,අධික දහඩිය දැමීම, ඇඟේ දැවිල්ල ඇති වනවා.
  • වාතය නිසා ඇතිවන අජීර්ණයේදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ බඩේ කැක්කුම, බඩ පිපීම, වාත වේදනා ගතිය, මල මුත්‍ර පිට නොවීම, බඩ පිපීම, තුනටියේ වේදනාව, ඇඟපතේ වේදනාව ආදියයි.

අජීර්ණය සදහා පුතිකාර

  • දෙහි පොතු,සුදු ලූනු,මුරුංගා පොතු,අමු ඉඟුරු කොටා එම ඉස්මෙන් වර්තිකාව ගුළියක් දියකර බීම ගුණයි.
  • වමනය පවතිනවා නම් සාදික්කා දෙහි ඇඹුලෙන් ගලගා දෙන්න.
  • අමු ඉඟුරු,මුරුoගා පොතු,පොල් හකුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් සාදා වරකට තිබ්බටු ගෙඩියක ප්‍රමාණයට දවසට තුන් වරක් බොන්න.
  • අරලු, වියලි ඉඟුරු, කරපින්චා නැටි කලං හතර බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පෙරා උදය,සවස බොන්න. දවසට දෙවරයි.
  • පිත සමනය කිරීමට ඉරිවේරිය, බෙලිමුල්, සැවැන්දරා, එකට තම්බා බීම හෝ වෙන වෙනම ගෙන තම්බා බීමද සුදුසුයි.
  • වාතය මුල්වූ අජීර්ණයේදී අරලු, නෙල්ලි, සුදු ලූනු, කසාය බීම සුදුසුයි. අරලු කලං හයකට සුදු ලූනු කලං හයක් දමා කසාය බීමට දීමත් සුදුසුයි.
  • බඩ පුරවා දමන ගතිය,බඩේ වේදනාව ඇත්නම් ශුලතර තෛලය, රසෝන තෛලය, උදරයේ ආලේප කිරීම සුදුසුයි.
  • උණු වතුරට විනාකිරි දමා  රෙදි කැබැල්ලක් පොඟවා මිරිකා, උදරය තැවීමද වඩාත් ගුණයි.

 මේ ගැනත් අනිවාර්‍යයෙන්ම සැළකිලිමත් වෙන්න.

වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන සන්කූලතා මෙන්ම දියවැඩියාව  වැනි රෝගයන් නිසාද එයට සමගාමීව විවිධ රෝග ලක්ෂණයන් පෙන්වනවා. ඒ වගේම විවිධ රෝග හටගන්නවා. එම නිසා ඉහත රෝග ලක්ෂණයන් හොඳින් අවබෝධ කරගෙන අදාළ ඔසු තෝරා ගැනීම සුදුසුයි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles