නිතර හැදෙන වේදනාවන් රැසකට සුව ගෙනෙන දේශීය අත් බෙහෙත්

නිතර හැදෙන වේදනාවන් රැසකට සුව ගෙනෙන දේශීය අත් බෙහෙත් කිසියම් ලෙඩක් දුකක් හැදුනම අපගේ මුතුන් මිත්තන් ට රෝහල් ගතවීමේ පහසුකම් තිබුණේ නැහැ.නමුත් සොබා මාතාව ඒ සියලු ලෙඩ දුකට අවශ්‍ය කරන ඔසු තමන්ගෙ තුරුලේ තබාගෙන සිටියා. කිසිම අහිතකර බලපෑමකින් තොරව ඒ ඔසු ලෙඩ දුක් සුවපත් කළා. ඉතින් තවමත් සොබා දහම විශ්වාස කරන ඔබට ඉපැරණි අපගේ මුතුන් මිත්තන් සුව කල ඒ හෙල ඔසු සුව විදින්නට තවමත් පුලුවන්.

ඉරුවාරදයට

  • නළලේ දෙබැම මුල පිහිටි, ලලාටකෝටර තුළට, ශ්ලේශමල ඇතුලු වූ විට සෑදෙන දරුණු හිසරදය ඉරුවාරදය කියලයි හඳුනාගෙන තියෙන්නෙ. සියඹලා කොළ, උඳුපියලි කොළ, රතු ලූණු, කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා, නිර්ගුඩ්‍යාදී තෙලෙන් තවා, එම තෙලම නස්නය කිරීම හා හිස ගැල්වීම ඉතා හොඳය. නිශාදි තෛලයත් වඩා සුදුසුයි. මේ තෙල් වර්ග බෙහෙත් කඩවල මිළදී ගන්නට තිබෙනවා.
  • ආලේපයට – සුදු ලූණු, සහිඳ ලුණු, තල ඇට, මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.
  • පැලැස්තර– සුදු හඳුන්, අමු ඉඟුරු, අබ, ඇඹුල් දොඩම් යුෂයෙන් අඹරා පැලැස්තර කර නළලට එලන්න.
  • තෙල් – නීල්‍යාදී තෙල් හිසේ ගාන්න.

උඳුගොව්වන් කනවාට

  • එම ස්ථානවල බූදැලියා හෝ කොරස කොළයකින් අතුල්ලා, සම සීරුණු පසුව, ඔලිඳ ඇට, ඔලිඳ මුල්, ඔලිඳ ඉස්මෙන් අඹරා ආලේප කරන්න. දින කීපයක් ආලේප කරන විට බිබිලි මතුවී තුවාල වුනොත් ආලේප කිරීම නවතන්න. හිස කෙස් මතුවීමට ඉන්පසු පටන් ගන්නවා.
  • නියඟලා අල, සෙංකොට්ටන්, කලු තල,සමව ගෙන ඇල් වතුරෙන් අඹරා ගාන්න.
  • එල බටු ගෙඩියක් සහ දලු අඹරා ආලේප කරන්න.
  • ඇත් දත් අඟුරු, තල තෙලෙන් අඹරා ආලේප කරන්න.

ඉදිමුම රහිත උලුක්කුවට

  • අමු කහ, බැල තණ, දිය ලුණු, සමව ගෙන කොටා මලවා තබා බඳින්න.

ඉදිමුම සහිත උලුක්කුවට

  • අඹ පොතු, බැල තණ,සමව ගෙන, අමු කහ සහ දිය ලුණු, ටිකක් එකතුකර කොටා මලවා තබා බඳින්න.

නිදි උලුක්කුවට

  • මී ඇට තෙල්, බෙල්ලේ ගා උණු බත් පොට්ටනියක් සාදා තවන්න.
  • මී ඇට තෙල් ස්වල්පයක්, මේස හැන්දකට ගෙන කපුරු පෙත්තක් දමා පොල්තෙල් පහනෙන් රත්කර බෙල්ලේ ආලේප කරන්න
  • හිස තබන කොට්ටය තද වී තිබීමත් නිදි උලුක්කුවට හේතුවක්. එ නිසා කොට්ටය තද අව්වේ වේලා බුරුල් වූ විට හිස තබන්න
  • වැලි කබලේ බැද, ගිනියම් වූ විට, විනාකිරෙන් තෙත් කර පොට්ටනි බැඳ තවන්න.එසේම ලුණු කුඩුකර, බැදගෙන තවන්න.
  • වැලි කබලේ බැද, ගිනියම් වූ විට, විනාකිරෙන් තෙත් කර, පොට්ටනි බැඳ තවන්න. තැවීමට පෙර, මී ඇට තෙල් රත්කර ආලේප කිරීම සුදුසුයි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles