Type Writer එකක් සම්බන්ධ වෙනස්ම විදියෙ හොල්මන් කතාවක්

Smartlady ඔස්සේ අරගෙන එන අපේ චිත්‍රපට ආටිකල් වල ගොඩක් වෙලාවට අපි කතාකරන්නෙ ආදරේ ගැන, ජීවිතේ දිනන කතා එහෙමත් නැත්තම් Feel Good Movies ගැනනෙ. ඉතින් වෙනසකටත් එක්ක අපිට ආටිකල් ටොපික්ස් හොයලා දෙන දිලිනි ඔන්න ඔයාලා වෙනුවෙන්ම මේ පාර Horror Movie එකක් ගැන ලියමු කිව්වා හන්දම තමයි මේ අපූරු චිත්‍රපටය ගැන කතාව අපි ඔයාලාට අරගෙන එන්න හිතුවෙ.

ඉතින් කිව්ව වගේම අද කතාකරන්නෙ Horror Movie එකක් ගැන. නිකන්ම නිකන් එකක් නෙවෙයි, සුපිරි වර්ගයේ Horror Movie එකක් ගැන.

මේ චිත්‍රපටයේ නම Typewriter. මේක 2019 අවුරුද්දෙ ආව ඉන්දියන් Horror Movie එකක්.Bardez කියන පැත්තෙ තියෙන විශාල බංගලාවකින් තමයි මේ කතාව පටන් ගන්නෙ. මාධව් මැතිව් තමයි බංගලාවෙ අයිතිකාරයා. කතාව පටන් ගනිද්දි අපිට පෙන්වන්නේ මාධව් තමන්ගෙ කාමරේට වෙලා ටයිප් රයිටර් එකෙන් ටයිප් කර කර ඉද්දි එයාගෙ මිණිපිරිය වෙච්ච ජෙනී ඇවිල්ල කියනවා “මට කාමරේ ඉන්න බයයි” කියලා.

මේක ජෙනී දවස් ගාණක් තිස්සෙ කියන දෙයක් උනත් මාධව් කරන්නෙ ජෙනීව වඩාගෙන “හොල්මන් කියලා දෙයක් මේ ලෝකෙ නෑ. ඒ නිසා බයවෙන්න එපා” කියල ජෙනීව එයාගෙ කාමරේට එක්කරගෙන ගිහින් නිදිකරවන්න ඇඳෙන් තියන එක. එහෙම තියලා මාධව් කාමරෙන් එලියට යන්න හදද්දි ජෙනී ආයෙම වතාවක් තමන්ගෙ සීයට කතාකරනවා.

“සීයෙ කවුරු හරි ඇඳ යට ඉඳගෙන අඬනවනෙ” කියලා ජෙනී මාධව්ට කියනවා. ඉතින් මාධව් මොකද කරන්නෙ ඉන්න බයවෙන්න එපා, මම ඇඳ යට කාවුරුත් නෑ කියලා ඔප්පු කරන්නම් කියලා ඇඳ යටට එබිල බලද්දි මාධව්ට හිතාඅගන්න බැරි දෙයක් තමයි දකින්න වෙන්නෙ. මෙච්චර වෙලා ඇඳ උඩ උන්නු ජෙනී ඇඳ යට ඉන්නවා. ඇඳ යට ඉන්න ජෙනී මාධව්ට කියනවා මගෙ ඇඳ උඩ කවුද ඉන්නවා කියල. මාධව් ඔලුව උස්සල ඇඳ උඩ බලද්දිත් ජෙනී ඉන්නවා ඇඳ උඩ. හැබැයි ටිකක් වෙලා ඒ ජෙනීගෙ මූණ දිහා මාධව් බලන් ඉද්දි තමයි එයාට තේරෙන්නෙ ජෙනීගෙ මූණ ටිකෙන් ටික වෙනස්වෙලා නපුරු පෙනුමක් ගන්නවා කියලා.

ඇඳ උඩ වාඩිවෙලා ඉන්න ජෙනී මූන නපුරු කරගන්න ගමන්ම හීන් සැරේ මාධව් දිහාවට තමන්ගෙ අත දික්කරනවා. ඔතනින් තමයි ඔය කොටස් ඉවර වෙන්නෙ. හැබැයි කතාව ඇත්තටම පටන් ගන්නෙ මෙතනින්.

මෙතන ඉඳලා කතාව යන්නෙ ඊට අවුරුදු විසි පහකට පස්සෙ ඉන්න අය එක්ක. මේ වෙද්දි මාධව් මැරිලා. හැබැයි එයා මැරෙන්න කලින් හොල්මන් නවකතාවක් ලියලා තමන්ගෙ නම මිනිස්සු අතර ප්‍රසිද්ධ කරලා තමයි මිය ගිහින් තියෙන්නෙ.

 ඊලඟට පෙන්වන්නෙ පොඩි ළමයි කීප දෙනෙක්මාධව් මැතිව්ස් ලිව්ව මේ නවකතාව කියවන තැනකින්. අනිත් හැමෝටම මේක තවත් එක නවකතාවක් විතරක් වුනාට මේ පොඩි ලමයි සෙට් එකනම් විශ්වාස කලේම මේක ඇත්තම ඇත්ත කතාවක් කියලා. මෙයාලා ඉස්කෝලෙ ඇරිලා බෝට්ටු අස්සට ගිහින් මේ මාධව්ගෙ පොත ගැන කතා කරන එක තමයි කරේ.

මෙයාලට ඕන වෙන්නෙ ඇත්තටම හොල්මනක් දකින්න. ඒකට මේ මාධව් ජීවත්වෙච්ච Bardez වලව්වට යන්නම වෙනවා කියලා මෙයාලා අතර ඉන්න එක ගෑණු ළමේක් කියනව. මේ ළමයි ටික ඇවිල්ල කතා බහ කරන අබලන් බෝට්ටුව තමන්ගෙ ගෙදර විදියට පාවිච්චි කරන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා හැම තිස්සෙම ඇවිත් මේ ළමයිව බයකරලා පන්නලා දානවා තමයි අපිට ඊලඟට පෙන්වන්නෙ.

බෝට්ටුවෙන් එලියට දුවන් ආව ළමයි ආපහු ගෙදර යද්දි ළමයි දකිනවා මෙච්චර කාලයක් හොල්මන් වලව්ව විදියට වහල දාලා තිබ්බ Bardez වලව්වෙ පදිංචියට කට්ටියක් ඇවිත් ඉන්නවා. මේ ළමයිට මේක මහ පුදුමයක් වෙනවා. මොකද මෙච්චර කාලෙකට එකම එක පවුලක් ඇරෙන්න වෙන කවුරුවත් මේ වලව්වට ආවෙ නෑ. ඒ ආව අයත් මෙහෙන් ගියේ මේ වලව්ව හොල්මන් තියෙනවා කියලා.

මේ ලමයි ටික එක ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් එක්ක වලව්වට ආවෙ කවුද කියලා අහන්න යනවා. ඒ ඇවිත් ඉන්නෙ වෙන කෙනෙක් නෙවෙයි අවුරුදු විසි පහකට කලින් මිය ගිය මාධව්ගෙ මිණිපිරී වෙච්ච ජෙනී, එයාගෙ සැමියා සහ දරුවො. මාධව්ගෙ මරණයෙන් පස්සෙ මේ වලව්වෙ අයිතිය ලැබිලා තියෙන්නෙ ජෙනීට. කොහොමහරි ඊලඟට පෙන්වන්නෙ ජෙනී ගෙදර බඩු අස් කරන අතර වාර එයාගෙ සීයගෙ පරණ ටයිප් රයිටර් එකත් පෙට්ටියකින් එලියට ගනවා.

ඊලඟට පෙන්වන්නෙ බාර් එකක වොශ් රූම් එකක සිද්දියක්. බාර් එකේ වොශ් රූම් එක ඇතුලෙ හොඳම බිපු මනුස්සයෙක් මූණ හෝද හෝද ඉන්නවා. මේ අතරෙ මේ වොශ් රූම් එකට වෙන පිරිමි කෙනෙක් එනවා.

මේ කෙනා අර මූණ හෝදපු මනුස්සයගෙන් අහනවා වැඩේ හරිද? කියලා. මේ මූණ හෝද හෝද ඉන්නෙ ජෙනීලගෙ ගෙදර බඩු අදින්න ආව මනුස්සයෙක්.

වැඩේ හරිද කියලා අහන්නෙ මේ පරණ වලව්වෙ තියෙන දෙයක් තමන්ට ගෙනැල්ලා දෙන්න කියන එක.

ඒ ගෙනැල්ලා ඉල්ලන්නෙ මොකද්ද දන්නවද? මාධව් මැතිව්ස්ගෙ පරණ ටයිප් රයිටර් එක. මේ මනුස්සයට ඇයි මේ ටය්ප් රයිටර් එක? චිත්‍රපටයෙ නමත් ටයිප් රයිටර් නෙ. එහෙනම් මේ කතාවට මේ ටයිප් රයිටර් එකේ තියෙන සම්බන්ධෙ මොකද්ද?

ආන්න ඒක දැනගන්න මේ ෆිල්ම් එක බලන්නම ඕන.

මේක සාමාන්‍යයෙන් ඔයා බලන අර බඩු පාවෙන, මිනිස්සු බය වෙලා දුවන විදියෙ Horror Movie එකක් නම් නෙවෙයි. වෙනස්ම විදියෙ එකක්.

ඒ නිසා අනිවාර්‍යෙන්ම බලන්න!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles