බෙඩ් ටයිම් ස්ටෝරි -13

අන්දරේගේ කතා – 1

කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න,ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ.විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

ඔන්න අපි හිතුව බෙඩ් ටයිම් ස්ටෝරි අහන අපේ පොඩිත්තන්ට ලස්සන ජනකතා ටිකකුත් ගේන්නෙ.

ඔන්න එකමත් එක කාලෙක අන්දරේ කියල කවටයෙක් රජතුමාට සේවය කළා.කවටයෙක් කිව්වට එයා අනිත් අයට අමාරු ප්රශ්න හරිම වෙනස් විදියට විසඳපු කෙනෙක්. ඉතින් අන්දරේ ජීවත්වුණ කාලයේ හිටිය රජතුමා හරිම ආසයි ඇවිදින්න යන්න.හැබැයි පිරිවර එක්ක නෙවෙයි.තනියම.දවසක් රජතුමාට මෙහෙම තනියම ඇවිදගෙන යද්දි එයාට ඉබ්බෙක් මුණගැසුණා.ඉබ්බව දැකපු රජතුමාට හරිම සතුටක් ආවෙ.පොඩි කෝටුවක් අරන් ඉබි කට්ටට තට්ටුවක් දැම්මා.ඉබ්බා කටුව අස්සට රින්ගලා හැන්ගුණා.ඉබ්බව පොඩ්ඩක් ඒ මේ අත පෙරලල බලපු රජතුමා ආයෙමත් ගමන යන්න පිටත්වුණා.මේ රජතුමා හිටිවන කවි ගොතන්න හරිම දක්ෂයෙක්.හිටිවන කවි කියන්නෙ ක්ෂණිකව හැදෙන හදන කවි වලට.හැමෝටම බැහැ ඒවා නිර්මාණය කරන්න.ඉතින් රජතුමා හැදුවේ නිකන්ම නිකන් හිටිවන කවියකුත් නෙවෙයි.තේරවිලි කවියක්. රාජසබාවේදී අද මේ තේරවිලි කවිය කියන්න ඕනි කියලා රජතුමා හිතුවා. මේක නම් රාජසභාවේ කාටවත් විතරක් නෙවෙයි අන්දරේටවත් විසඳන්න බැරි තේරවිල්ලක් කියල රජතුමා තනිවම හිනාවෙවී හිතුවා. රාජ සභාවේ කවි මඩුවෙ දක්ෂ කවියො රාශියක් හිටියා.එදා රජතුමා කවි මඩුවට ආවෙ හරිම සතුටින්.ඒ කාටවත්ම තෝරන්න අමාරු තේරවිල්ලක් එයාට හමුවුන නිසා.ඔන්න රජතුමා කිව්ව මම තේරවිල්ලක් කියනවා.බලමු කාටද තෝරන්න පුලුවන් කියලා.මෙන්න මේ කවිය ගායනා කළා.

 දාර දෙකයි එක නම මුල්කර තැනුවා 

පාර තිහක් ගැහුවත් බයකුත් නැතුවා 

කොන් හතරයි කණු හතරයි ගෙට ඇතුවා 

තෝරාපන් අද මම මගදී දුටුවා 

කාටවත්ම තේරවිල්ල තෝරන්න බැරිවුණා.රජ්ජුරුවෝ උජාරුවෙන් අන්දරේ දිහා බැලුවා.කෝ මේ මහලොකු පණ්ඩිතයා වගේ බැල්මක්.අන්දරේ හිනාවෙලා මෙන්න මෙහෙම ගායනා කළා.

දාර දෙකයි එක මැද එක ගැවසීය

 වටපිට යන කලට කණු සතරෙන් යාය 

ගෙටවැදි කලට කිසි බියකුත් නැතිවාය

 මට හැඟෙනා ලෙසට මහරජ ඉබ්බාය 

රජ්ජුරුවෝ පුදුමයට පත්වුණා විතරක් නෙවෙයි ඔන්න මේ සැරෙත් අන්දරේ දිනුවා.

චම්මි

 

Related Articles

Don't Miss


Latest Articles