දරුවන් සමඟ සෙල්ලම් කරන මරුවා ගැන ඔබ දැනුවත්ද?

දරුවන්ට කිසියම් තෑග්ගක් අරන් දුන්නම අපට දැනේනේ මහත් සතුටක්.දරුවා තරමටම අපේ හිතත් සතුටින් පිරෙන්නේ ඔහුගේ හෝ ඇයගේ සතුට අපටත් ලඟාකර දෙමින්. එහෙම නේද ?ඒත් ……….
ළදරු උපකරණ, ක්‍රීඩා භාණ්ඩ බොහොමයක් නිෂ්පාදනය කරන PVC එහෙම නැත්තම් Poly Vinyl Chloride නිෂ්පාදනයේදී පැතැලේට්ස් හෝ පැතැලේට්ස් එස්ටර් යොදාගන්නේ නම්‍යශීලි භාවය ලබා ගැනීම සඳහා. පැතැලේට් කියන්නේ වාෂ්පශීලි ද්‍රව්‍යක්. එය ආහාර මඟින් ශරීර ගත වනවා පමණක් නෙමේ කුස තුළ සිටින දරුවාට පවා ගමන් කරනවා. තැලේට් සහිත pvc භාණ්ඩයක් ස්පර්ශ කිරීමේදී ඇතිවන පීඩනය නිසා ඒවා නිදහස් වී ආහාරයට හෝ වාතයට එක් වීමේ හැකියාව පවතිනවා. පැතැලේට් මඟින් ස්ථුලතාවය, දියවැඩියාව, ලිංගික හෝර්මොනවල වඳ භාවය වැනි රෝගී තත්වයන් ඇතිකරන බව සොයාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව සහ යුරෝපීය රටවල පැතැලේට් භාවිතය තහනම් සහ පාලනය කර තිබෙනවා.එහෙත් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගතයුතු අපවැනි රටවල මිනිසුන්ට ආරක්ෂාව සලසාගත හැකි වන්නේ දැනුවත්වීම් ඔස්සේ පමණක් වීම කණගාටුවට කරුණක්.

ඉතින් අපගේ එදිනෙදා ජීවිතය නිර්මාණය වී තිබෙන්නේම ප්ලාස්ටික් සමඟ නිසා මේ තොරතුරු අපව අසරණ කරනවා. එහෙත් හැකි සැම අවස්ථාවකම අප දරුවන් ඉන් ඉවත් කර තැබීමට, ප්ලාස්ටික් සෙල්ලම් බඩු වලින් ඔහුගේ ලෝකය පිරවීමට අප ගන්නා උත්සාහය අඩු කරලිය යුතු වෙනවා. ප්ලාස්ටික් ක්‍රීඩා භාණ්ඩ වෙනුවට වෙනත් ද්‍රව්‍ය වලින් නිපදවී ඇති භාණ්ඩ සේම ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවූ භාණ්ඩ ගැනත් හෙට දවසේදී අප අවධානය යොමු විය යුතුයි නේද ?

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles