බෙඩ් ටයිම් ස්ටෝරි -31

0
723

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි.කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ. පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

ඔන්න එකමත් එක රටක හරිම ලෝබ රජ කෙනෙක් හිටිය .ඒ රජ්ජුරුවෝ දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා .ඒ තමා තමන් අල්ලන සියල්ලම රත්තරන් වෙන්න කියලා. දෙවියො මුලින්ම ඒ වරය දෙන්නට කැමැති වුණේ නැහැ .නමුත් රජ්ජුරුවෝ බල කලා.

එතකොට දෙවියන් කිව්වා  නැවත ඒවා වෙනස් කිරීමට පැමිණියහොත් ලොකු දඬුවමක් දෙන බව.ඔන්න ඉතින් අර වරය ලැබුණු රජතුමා මාළිගාවට ගියා.රජතුමා අල්ලන අල්ලන ක් සියලුම දේ රත්තරන්  බවට හැරුණා.කෑමක් වත් කන්න ලැබුණේ නැහැ .ඒ විතරක් නෙවෙයි , පුත් කුමාරයා ත් රත්තරන් පිලිරුවක් බවට පත් වුණා .

රජතුමා කණගාටුවෙන් නැවතත් දෙවියන් මුණ ගැසීමට ගියා. වරය  ඉවත් කළ  දෙවියන් රජතුමා ට දඬුවමක් වශයෙන් බූරු කන් දෙකක් දුන්නා . දවසක් රජතුමාගේ කොන්ඩය කැපීමට ආ කරණවෑමියා ජටාවකින් අනාවරණය වී තිබූ බූරු කන් දෙක දැක්කා.එම රහස කාටවත් නොකියන ලෙසට රජතුමා පැවසුවා .

ගෙදර ගියා ගිය කරණවෑමියා මේ රහස කාට හෝ කිව යුතුයි කියා සිතුවා. වත්තේ තිබුණු උණ  පඳුරකට රහස කිවුවා .එම උණ පඳුරින් ළමයෙක් බටනළාවක් සදා ගත්තා.ඔහු එය වාදනය කරන විට  රජතුමාට බූරු කන් ඇති බව බටනළාවේන් ඇසුනා.රටම රහස දැන ගත්තා.

-චම්මි-