පොඩිත්තන්ව කරදරයක් නැතිව රෑට නිදාගන්න පුරුදු කරන ක්‍රමය

පොඩි දරුවන් සිටින අම්මලාට බොහෝ අවස්ථාවන්වල දී තිබෙන එක්තරා අභියෝගයක් තමයි දරුවාව නිදි කරවීම.මේ නිසා බොහෝ මව්වරුන් මානසික පීඩාවන්ට පවා ලක්වෙනවා.දරුවන්ව නිදිකරවීම එතරම්ම අසීරු ද ? අසීරු නම් එහෙම වන්නේ ඇයි ? දරුවන් නිදි කරවීම සම්බන්ධයෙන් අපට අනුගමනය කළ හැකි Smart Tips මොනවාද?

යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් නින්ද කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍යම සාධකයක්.දරුවන් නිදි කිරීම සම්බන්ධයෙන් මේ ඉතාමත් වැදගත් වන්නේ දරුවාගේ නින්ද සම්පූර්ණයෙන්ම ඔබේ නින්දට ද බලපාන නිසා.එය සමස්ත පවුලේම නිරෝගීතාවය වගේම මානසික සුවතාවයට බෙහෙවින් බලපෑම් කරනවා.

1.දරුවා නිදිකරවීමට වගේම නියමිත වේලාවක් තබා ගන්න


පුරුද්දක් ලෙස යමක් සිදු කිරීමේදී අප එයට නිරායාසයෙන් ම හුරු වෙනවා. ඒ නිසා Bed Time එක සඳහා නියමිත වේලාවක් ඇති බව දරුවාට කියා දෙන්න.යමක් තේරුම් කර දීමට අපහසු වයසේ දරුවෙක් නම් ක්‍රියාත්මක වී දිනපතා නියමිත වේලාවකට නිදි කරවීමේ යෙදෙන්න.

2.නිදා ගැනීමට පැයකට පෙර අධිකව වෙහෙසෙන සෙල්ලම් ආදිය නොකරන්න.

නින්දට පෙර කාලය සැහැල්ලු,සතුටින් සිටින එකක් බවට පරිවර්තනය කර ගන්න.

3.හොඳින් ඇඟපත සෝදා ක්‍රීම් ගල්වන්න.

සුව පහසු නින්දකට සුදුසු වන ලෙස දරුවාව හොඳින් පිරිසිදු කරන්න.ආලේපන ගල්වන්න.රාත්‍රී ඇදුම් ඇඳුම් අන්දවන්න.ඒවා නිදාගැනීමට කරන පෙර ඉඟි ලෙස ක්‍රමක්‍රමයෙන් දරුවා අවබෝධ කරගන්නවා සහ ඔහු එයට හුරු වෙනවා.

4.කාමරයේ අඳුරු ආලෝකයක් දල්වන්න.

සාමාන්‍ය ආලෝකය නින්දට බාධාවක් වන නිසා තරමක් අඳුරු ආලෝකයක් හෝ නිල් පැහැති සියුම් එළියක් දල්වන්න.

5.සිහින් සංගීතයක් වාදනය කරන්න.

නින්දට උදව්වක් වන ලෙස සිහින් සංගීතයක් වාදනය කරන්න.දරුවාගේ වයස් කාණ්ඩයට උචිත,නින්දට පොලඹවන සංගීත ඛණ්ඩයක් අන්තර්ජාලය හරහා ඔබට තෝරා ගන්නට පුළුවන්.

6.බෙඩ් ටයිම් ස්ටෝරි එකක් කියාදෙන්න.

දරුවන් කතන්දර අහන්න හරිම ආසයි.ඉතින් නින්දට පෙර රසවත් කතාන්දරයක් කියා දෙන්නට අමතක කරන්න එපා.කතන්දරය රසවත් වන තරමට,නිදාගැනීමට දරුවාව ඇඳට ගැනීම හරිම පහසු එකක් බවට පත්වෙනවා.

7.පිරිසුදු ,සුවපහසු ඇතිරිලි අතුරන්න.

දරුවා ආසා කරන වර්ණයන්ගෙන් මේ ඇතිරිලි ඇතිරිලි තෝරා ගැනීම හරිම වැදගත් .රාත්‍රී කාලයේ නින්දට පෙර ඔහුට හෝ ඇයට තමා කැමති ඇතිරිල්ලක් තෝරා ගැනීමට දෙන්න.එය නැවුම් පිරිසිදු එකක් වීමට වගබලා ගන්න.

8.නින්ද ආසන්නයේ කේන්තිය ආදියට ඉඩ නොතබන්න.


නිදා ගැනීමට ආසන්නයේ ඇතිවන විවිධ කේන්ති යාම,කුසගින්න ,දුක ආදී හැඟීම් නිසා නින්දට බාධා ඇතිවනවා.එවන් අවස්ථාවක් ඇති නොවීමට වග බලා ගන්න

9.කාමරයේ සිසිල් පරිසරයක් නිර්මාණය කරන්න.

අධික ශීතල හෝ අධික උෂ්ණත්වය ක් නොමැති පරිසරය දරුවාගේ නින්දට සුවපහසු බවක් එකතු කරනවා.

10.නින්ද සම්බන්ධ ව අණකිරීම් ආදියෙන් වළකින්න .

නිදාගැනීමට ඇඳට යා යුතු වේලාව බොහෝ දරුවන්ට අප්‍රසන්න වන්නේ ආකර්ෂණීය මොහොතක් ලෙස දරුවාට හැඟවීමට ඇති දෙමව්පියන්ගේ අසමත් භාවය නිසා.තරවටුවක් ලෙස නිදා ගැනීම මතක් කිරීම,ආදී දේවල් මගින් දරුවාට ඒ මොහොත පිළිබඳ ප්‍රියතාවයක් ඇති වන්නේ නැහැ .

11.දරුවා කුසගින්නේ නිදි නොකරවන්න.

කුසගින්නෙන් නිදි කරවීම නිසා නින්දට බාධා ඇති වන්නේ ආහාර සොයා රෑ මැදියම දරුවා අවදිවීමට ඇති ඉඩකඩ වැඩි නිසා.බොහෝ මව්වරුන් මහරෑ කිරි පෙවීම ආදී දේවල් කිරීමද නින්දට බාධාවක් ලෙස හදුන්වන්නට පුළුවන්.

12.නින්දේ ඇති වැදගත්කම දරුවාට කියා දෙන්න.

නින්ද නිසා අපිට ලැබෙන වාසි ගැන රසවත් කතාවක් ඔස්සේ දරුවාට කියා දෙන්න.ඉන් අත්වන හිතකර ප්‍රතිඵල පෙන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles