බබාලාට nappy rash හැදෙන්නේ ඇයි?

නැපි රෑශ් වල රෝග ලක්ෂණ මොනවාද?

නැපි කුෂ්ඨ කුඩා දරුවාගේ ඉණ, තට්ටම්, ඉකිලි, සහ ලිංගේන්ද්‍රිය අවට හට ගන්නවා. එම ප්‍රදේශ වල සමෙහි පහත රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ දරුවාත් නැපි රෑෂ් තිබෙන්න පුලුවන්.

  • සම රතු වීම.
  • සමේ පොතු ගැලවී යාම.
  • රතු පැහැ බිබිළි හටගැනීම.
  • සම ඉරිතැලී යාම.
  • සම ගෙවී ගිය ස්වභාවයක් ගැනීම.
  • සමේ තැනින් තැන හෝ ඒකාකාරව ඉදිමීම.
  • දිගුකාලීනව මතුපිට පැතලි වූ ගැටිති සමෙහි ඇතිවිය හැක.

තත්වය වැඩි වෙන විට දරුවාට අපහසුතාවයක්, නොරුස්සනා බවක් ඇති වෙනවා.

කලහැකි ප්‍රතිකර්ම මොනවාද?

දරුවාගේ ඩයපරය හෝ නැපිය නිතර මාරු කිරීමෙන්, දිගටම සම තෙත්වී පැවතීම වලක්වා ගැනීමට හෝ අවම කරගැනීමට හැකියි. මෙහිදී, දරුවාගේ මළ ද්‍රව්‍ය සහ මුත්‍රා සමේ ගැටී පවතින කාලය ද අඩු වෙනවා.

නැපි රෑෂ් පවතින ප්‍රදේශය වැඩිපුර සේදීමෙන් ද වළකින්න. එමගින්, සම ඉරිතැලීම සහ තත්ත්වය නරක අතට හැරීම වලක්වා ගන්න පුලුවන්.

සම වාතයට නිරාවරණය වනසේ තැබීම, තත්ත්වය ඉක්මනින් සමනය කරනවා.

හිර යට කලිසම් දරුවාට ඇන්දවීමෙන් වලකින්න.

භාවිතයෙන් පසු ඉවත් කරන, හොදින් තෙතමනය උරාගන්නා නැපි හෝ කපු රෙදි වලින් මැසූ නැපි භාවිතා කරන්න.

සමට මෘදු, ආරක්ෂාකාරී පටලයක් සේ ක්‍රියාකරන, සින්ක් ඔක්සයිඩ් (Zinc Oxide) හෝ පෙට්‍රෝලේටම්/පෙට්‍රෝලියම් (Petrolatum/Petroleum jelly) ආලේපයක් සමේ ගල්වන්න.

වෛද්‍යවරයෙක් මුණ ගැසීම වඩා සුදුසුයි . දරුවාට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සහ ආලේපන වෛද්‍යවරයා ලබා දෙනවා

Related Articles

Don't Miss


Latest Articles