ආහාර කල් තබා ගන්නා බෝතල් ජීවාණුහරණය කරමු..

  • ආහාර ගබඩා කරන්න වීදුරු භාජන පාවිච්චි කරන්න. පරණ ජෑම් බෝතල් හොඳයි
  • බෝතල් හොඳට පෙඟෙන්න දාල ලේබල් ඉවත් කර ගන්න. විනාකිරි මිශ්‍ර වතුර ට දාල තිබුණම ලේබල් වල ගම් හොඳ ට යනවා.
  • උණු සබන් දියරයක් හදල බෝතල් වල ඇතුළත් පිටත් හොඳට පිරිසිදු කර ගන්න. Bottle brush එකක් ඒකටම තියා ගන්න.
  • ගෙදර රස්නෙ වලං තියන්න භාවිතා කරන rack එකක් භාජනයක පතුළට තියලා බෝතල් ඒක උඩින් තියලා අඟල් තුන හතරක් උසට වතුර පුරවලා, පියන වහල විනාඩි 10ක් විතර තම්බ ගන්න. හුමාලය බෝතල් ඇතුළට ගිහින් හොඳට බෝතල් ජීවාණුහරණය වුනාම ඒවට පුරවන ආහාර නරක් නොවී තියා ගන්න පුළුවන්.
  • අව්වේ තබා වේලා ගන්න. එහිදී Kitchen towel එකක් හරි tissue papers හරි උඩ තියලා හොඳට වේලාගෙන අරන් තියා ගන්න.
  • පියන ලඟටම ආහාර පුරවන්න එපා. පියන වහන්න කලින් තෙල් කඩදාසියක් තියන්න පුළුවන්, පියනට ගාල තියන තීන්ත සමග ආහාර ද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියා කරන එක වළක්වන්න.
  • ආහාර වල පියන වහල උයන්න එපා. හුමාලය පිට වෙන්න දෙන්න. නැත්නම් ඉක්මනින් නරක් වෙනව.
  • හැම අමු ද්‍රව්‍යයක් ම හොඳට වතුර බේරල තෙත මාත්තු කරල වියළි ව පාවිච්චි කරන්න.
  • උසස් තත්වයේ පොල්තෙල් විනාකිරි සහ කුළු බඩු භාවිතා කරන්න.

Related Articles

Don't Miss


Latest Articles