සති අන්තේ ෆිල්ම් බලන ගමන් කන්න.. Potato Wedges

අවශ්‍ය දේවල්:

  • අල ගෙඩි කිහිපයක්
  • පාන් පිටි කප් 1ක්
  • ලුනු තේ හැන්දක්
  • ගම්මිරිස් කුඩු තේ හැන්දක්
  • මිරිස් කුඩු තේ හැන්දක්
  • බිත්තර 2ක්

සාදාගන්නා ආකාරය:

  • අල ගෙඩි කිහිපයක් ගෙන සුද්ද කර කැබලි කපා ගන්න.
  • පාන් පිටි කප් එකකට ලුනු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් දමා හොඳින් කලවම් කරගන්න.
  • බිත්තර දෙකක් කඩා ගෑරප්පුවකින් ගසාගන්න
  • කපාගත් අල වල ගසාගත් බිත්තර සාරු තවරා පිටි වල දවටා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.

Related Articles

Don't Miss


Latest Articles