Little Chef – රාබු චිප්ස් හදමු..

රාබු චිප්ස්.

රාබු කන්න පොඩිත්තන් ඒ හැටි මනාප නෑ.ඉතින් නිවාඩු දවසේ එයාලත් එක්කම රාබු වලින් චිප්ස් හදලා බලමු ද. පොඩිත්තෝ පොටැටෝ චිප්ස් වලට තරමටම රාබු චිප්ස් කන්නත් ආසා වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • රාබු අල 2
  • පොල්තෙල් මේස හැඳි 1
  • ලුණු අවශ්‍ය පමණ
  • ගම්මිරිස් අවශ්‍ය පමණ
  • මිරිස් කුඩු අවශ්‍ය පමණ
කියවන්න :  ගෙවත්තේ ඇති අත්බෙහෙත්..

මෙන්න මේ විදියට හදා ගනිමු..

  • රාබු කැමති හැඩේට ඒත් හීනියට කපාගන්න. ලුණු වතුරේ විනාඩි 15ක් පමණ තියලා ඇල් වතුරින් සෝදන්න. 
  • රාබු පෙති ටිකට ලුණු, ගම්මිරිස්, මිරිස් සහ තෙල් හැන්ද දමා පොඩ්ඩක් මැරිනේට් වෙන්න තියන්න. 
  • ඊට පස්සේ ප්‍රීහීට් අවන් එකේ සෙල්සියස් 200 උෂ්ණත්වයට විනාඩි 10ක් උඩ කොයිල් එකෙනුත් 10ක් යට කොයිල් එකෙනුත් වෙන විදියට බේක් කරගන්න.
කියවන්න :  ගර්භණී සමයේ පළමු සහ දෙවන සති ගතවෙන්නේ මෙහෙමයි

එයාලම හදා ගත්තු නිසා පොඩිත්තන් ආසාවෙන් රස බලාවි.

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments