වසර 75කට පෙර ලෙස් සහ හෙලන් බ්‍රවුන් උසස් පාසැල් පෙම්වතුන් බවට පත් වූ විට ඔවුන්ගේ දෙමාපියන් ඒ සම්බන්ධය පවතිනු ඇතැයි විශ්වාස කළේ නැහැ.ලෙස්ගේ පියා දකුණු කැලිෆෝනියාවේ ව්‍යාපාරිකයෙකු සහ සමෘද්ධිමත් ඉඩම් හිමියෙක් වුණා. හෙලන්ගේ පියා දුම්රිය මාර්ගයේ වැඩ කළා. පවුල් දෙකම මේ සම්බන්ධය ගැන එතරම් සතුටට පත් වූයේ නෑ.
1918 වසරේ එකම දිනක උපත ලැබූ ලෙස් සහ හෙලන් හැත්තෑපස් වන උපන්දිනය සැමරුවේ එකට. “ඔවුන් ඇත්තටම එකිනෙකාගේ ඇසුර භුක්ති වින්දා” යැයි ඔවුන්ගේ පුතු පවසනවා. “
ඔවුන් සැබවින්ම වෙන් කළ නොහැකි වූ අතර කිසි විටෙකත් වෙන් වීමට කැමති වූයේද නෑ”
ඔහු පවසනවා.
ඒ බැඳීම කොතරම් ශක්තිමත්ද යත්, ජීවිතයේ අවසානය අත ළඟ බව දැන සිටියත් එකිනෙකා නොමැතිව ජීවත් වීමට ලෙස් හෝ හෙලන් කැමති වූයේ නැහැ. ලෙස් කලක සිට පාකින්සන් රෝගයෙන් පෙළුණු අතර හෙලන් බඩේ පිළිකාවක් සමඟ පොරබදමින් සිටියා.
ලෙස් කැලිෆෝනියාවේ නිවසේ කෝමා තත්ත්වයට පත් වූ අතර වෛද්‍යවරුන් පැවසුවේ ඔහුට තවත් දින කිහිපයක් ජීවත් විය හැකි බවයි. මාස කිහිපයක් ජීවත් වනු ඇතැයි අපේක්ෂා කළ හෙලන් ඉතා දුර්වල වූ අතර ඇය 2013 ජූලි 16 වැනි දින මිය ගියා. ලෙස් පසු දින මිය ගියත් ඔහු තම බිරිඳගේ මරණය ගැන කිසිදා දැන සිටියේ නැත. ඔවුන් 94 හැවිරිදි වියේ පසු වෙද්දී ජීවිතයෙන් සමුගත් යුවලක්.
ඔවුන් ප්‍රසිද්ධියට අකමැති වූ යුවලක්. එහෙත් ඒ මරණයෙන් පසු ඒ සුන්දර ආදර කතාව ලෝකය පුරා ජනප්‍රිය වුණා.කෝපි සහ ඩෝනට් වලට ප්‍රිය කළ මේ අපූරු යුවළ ඉතා නිදහස් ජීවිතයක් සැනසීමෙන් ගත කළ බව දරුවන් පවසන්නේ ආදරයෙන්.
මෙම යුවළ සංචාරය කිරීමට ප්‍රිය කළ අතර බොහෝ විට කැලිෆෝනියා වෙරළ තීරයේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ මොන්ටෙරේ වෙත චාරිකා යන්නට පුරුදුව සිටියා. ඔවුන් ඔවුන්ගේ බොහෝ මුණුබුරන් සහ මුනුබුරු මිනිබිරියන් කෙරෙහි බැඳී සිටියා.
ගැඹුරු ආගමික ඇදහිල්ලක් ද ඔවුන් බෙදාගත් අතර, එය 1950 ගණන්වල ඔවුන්ගේ විවාහයේ දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට ඔවුන්ට උපකාර වූ බව සඳහන්. “ඔවුන් එකිනෙකාගේ වැරදි සහ දුර්වලකම්වලට ඉතා ඉක්මනින් සමාව දුන්නා. ඔවුන් සතුටින් වැඩ කිරීමට ඉතා කැමැත්තෙන් සිටියා.” ඔවුන්ගේ දරුවන් දෙමාපියන් ගැන ආදරයෙන් එසේ පවසනවා.
1918,වසරේ දෙසැම්බර් 31 ඉපදී උසස් පාසලේදී මුණ ගැසී ඉන් අනතුරුව ප්‍රේම කර ඒ ප්‍රේමය විවාහය දක්වාම රැගෙන ආ ආදරණීය යුවලක් ජීවිතය අත් හැර ගියේ ද එකටම වීම දෛවයේ අපූරු තීරණයක් වන්නට ඇති.
දිගුකාලීන සම්බන්ධතාවයක් විවාහයක් දක්වා රැගෙන යාම එතරමට පහසු නෑ. පාසල් ප්‍රේමයන් අත අත් හැරෙන අවස්ථා ඕනෑවටත් වඩා වැඩියි. පවුල් පසුබිම සහ තවත් සාධක ප්‍රේමය පවත්වාගෙන යාමට හරස්වෙන අවස්ථා ද ඕනෑතරම්. එහෙත් ප්‍රේමය මෙපරිද්දෙන් පවා පැවතෙන්නට හැකි බව ලෙස් සහ හෙලන්ගේ කතාවෙන් පැහැදිලි වෙනවා.ප්‍රේමය සහ එය පවත්වා ගැනීම ආදරය වෙනුවෙන් කැපකිරීම් කිරීම එකිනෙකාට අනන්‍ය කාරණාවක් බව ඇත්ත. එහෙත් තමන්ගේ ප්‍රේමය වසර හැත්තෑපහක් තිස්සේ පවත්වාගෙන යාම පහසු දෙයක් වන්නේ නෑ.
ඒ නිසා මේ ආදර අන්දරය අපූරු ආදර අන්දරයක් නොවන්නේ ද?