හවස් වරුවක නගරයේ ප්‍රසිද්ධම අයිස් ක්‍රීම් කඩේට පොඩි පිරිමි ළමයෙක් ඇතුළ් වුනා. ඊට පස්සේ හිස් මේසෙකින් වාඩි වුණා.
සේවා මුරයේ හිටපු සේවිකාවක් පොඩි ළමයා ලඟට ඇවිල්ලා මොනවද ඕනි කියලා ඇහුවා.
“චොකලට් අයිස්ක්‍රීම් බාර් එකක් කීයද ?
“රුපියල් දෙසිය පනහය්…”
පොඩි පිරිමි ළමයා සාක්කුවෙන් ගත්ත සල්ලි වගයක් ගණන් කරන්න ගත්තා. කාසි මේසේ පුරාම විසිරිලා තිබුණේ.
අයිස්ක්‍රීම් හලේ සේවිකාව් ළමයා දිහාවට හෙළුවේ හරිම නොරිස්සුම් බැල්මක්. කෝපයක්.
“වැනිලා අයිස් ක්‍රීම් බාර් එකක් කීයද ?”
“දෙසිය දහයයි…”
සේවිකාව පිළිතුරු දුන්නා. ඒත් තරහෙන්.
“එහෙනම් මට වැනිලා අයිස් ක්‍රීම් බාර් එකක්…”
පොඩි ළමයා එහෙම කියලා දහයේ, පහේ කාසි ගොඩ මේසේ පැත්තකට තිව්වා
අයිස් ක්‍රීම් එක ලැබුණා. ළමයා සෑහෙන්නම වෙල් ඇරගෙන අයිස් ක්‍රීම් එක රස වින්දා.
ඊට පස්සේ බිල ලැබුණා.
ළමයා රුපියල් දෙසිය දහයක් බිල එක තිව්වා.
ඊට පස්සේ ගෙවිම සනාත කරන බිල් කොටස එක්ක ආව අවන්හල් සේවිකාවගේ ඇස් තෙත් වුණා. පේපර් සර්වියට් එකේ බෝල අකුරු වලින් ලියලා තිබුණා.
“මෙතන රුපියල් හතලිහයි තියෙන්නේ.. ඒක ඔයාගේ කොටස… සමාවෙන්න මට අයිස් ක්‍රිම් එකක් අරගෙන දෙන්න බැරි වුනාට… අපි හෙට මේ නගරෙන් යනවා.. බායි…..”
මේ කතාව කියෙව්වාම ඔයාට මොකද හිතෙන්නේ ? ජීවිතේ කවදාම හරි දවසක කරපු පරිත්‍යාගයක් මතක් වෙනවද ? එහෙම නැත්නම් කෙනෙක් වෙනුවෙන් ඔයාගේ සතුට කැප කරපු අවස්ථාවක් මතක් වෙනවද?
පරිත්‍යාගය කියන්නේ හැම කෙනෙක්ටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. කැප කිරීම් කියන්නේත් හැම කෙනෙක්ටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. හැබැයි, ජීවිතේ එක එක අවස්ථා එනවා අපිට ලෝකේ ජීවත් වෙන අනෙක් මිනිස්සු වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙන, පරිත්‍යාග කරන්න වෙන.
වැදගත්ම දේ තමයි ඒ පරිත්‍යාග, කැපකිරීම් වලට පස්සේ පෙරළා ප්‍රති උපකාර බලාපොරොත්තු නොවී ඉන්න එක.
අර පොඩි ළමයා චොකලට් අයිස් ක්‍රීම් බාර් එක නොකා, වැනිලා අයිස් ක්‍රීම් බාර් එකක් කාලා රුපියල් හතලිහක් ඉතිරි කරලා අවන්හලේ සේවිකාවට දුන්නේ ඇයටත් අයිස් ක්‍රීම් එකක් කන්න පුලුවන් වෙන්න කියලා හිතලා. එහෙම නැතුව අද මෙහෙම ටිප් එක දුන්නොත් හෙට මට නොමිලේම අයිස් ක්‍රීම් එකක් දේවි කියලා හිතුවොතින් නම් ඒ කැපකිරීම, පරිත්‍යාගය පලක්ම නැහැ.
මේ අයිස් ක්‍රිම් කතාවෙන් එහාට අපේ ජීවිත වල සෑහෙන්නම පරාසෙකට මේ කතාව අදාල කරගන්න පුලුවන්.
සමහරවෙලාවට අහල තියෙනවා නේද, වයසට ගියාම වතුර උගුරක් දෙන්න දරුවෙක් ඉන්න ඕනි කියලා ඇහෙනවා…
මං එයා වෙනුවෙන් එච්චර කරලත් එයා මාව දාලා කියා කියනවා….
මං මගේ ගැනවත් නොහිතා එයාට දේවල් කලා., අන්තිමේදී මට මෙහෙම කරා එයා කියනවා…
එතකොට ඔබ දරුවෝ වෙනුවෙන් ජීවිතේ පුරාම කරන කැපකිරීම්, පරිත්‍යාග වල අගය ශුන්‍ය වෙනවා. එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් වෙලා. අපි වග බලාගන්න ඕනි අපේ දරුවො සමාජයට බහිනකල් ඔවුන්ව රකින එක. ඉන් පස්සේ ඔවුන් අපිව රැක බැලුවත් නැතත් … ඒ කල කී දේවල් වල සතුට එක්කම ජීවත් වෙන එක.
ඔබේ ප්‍රේමය වෙනුවෙන් ඔබ කල හැමදේම සුවඳ විශ්වය පුරාම තියෙනවා. සමහර වේදනාවන් වල රිදුම් විශ්වයම පිරිමදීවි. එතකොට ආදරෙන් කල් ඒ කැපකිරීම් වලට ආයෙම මිලක් ඉල්ලන්න, වෙන්දේසි දාන්න ඕනි නැහැ නේද .??
මේ හැම දේම අතරේ මතක තියාගන්න ඕනි කාරණාව තමයි,
කොහේ කවුරු වෙනුවෙන් කැපකිරීම්, පරිත්‍යාග කරත්, ඔයා ඔයාට ආදරේ කරල ඉන්න එක වැඩිපුරම වැදගත් කියන කාරණේ….
එහෙනම් ..ආදරෙන් ආයෙම හමුවෙමු …….!!!