ඉන්දීය සුපිරි නිළි අයිශ්වර්‍යාගේ වත්කම

අයිශ්වර්‍යා රායි කියන්නෙ එදා ඉඳල අද දක්වාම තමන්ගෙ ජනප්‍රියත්වය එකම විදියට ලස්සන මේන්ටේන් කරගෙන ආව කාන්තාවක්නෙ. චිත්‍රපට මහ ගොඩක් තමන්ගෙ ලස්සනෙන් වගේම දක්ශකමෙන් ඔප දමපු අයිශ්වර්‍යාව නොදන්න කෙනෙක් නෑ.

හැබැයි අයිශ්වර්‍යාගෙ වත්කම ගැන නම් අපි දන්නෙ හරි අඩුවෙන් නේද?

ඉතින් මොකද කියන්නෙ පොඩ්ඩක් හොයල බලමුද අයිශ්වර්‍යා රඟපාන එකෙන් වගේම ඇඩ්ස් වලට පෙනී ඉන්න එකෙන් එකතුකරගත්ත වටිනකම් මොනවද කියල?

ඉන්දියාවෙ ඉහළම වැටුප් ලබන නිළියක් වන අයිශ්වර්යා රායි බච්චන් බහුකාර්ය රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි, සාර්ථක නිරූපිකාවක්, නිෂ්පාදකවරියක්, දානපතියෙක් සහ ව්‍යවසායිකාවක්. මනි රත්නම්ගේ දෙමළ චිත්‍රපටිය වූ Iruvar (1997) සමඟින් තමන්ගෙ රංගන දිවිය ආරම්භ කළ හිටපු ලෝක රූ රැජින, Hum Dil De Chuke Sanam, Mohabbatein, Devdas, Dhoom 2, Guru, Jodhaa Akbar සහ බොහෝ ජනප්‍රිය චිත්‍රපට රාශියකට තමන්ගෙ දක්ශතාවයෙන් උදව් වෙලා තියෙනවා. ඇගේ වෘ ත්තිය ජීවිතයට දැන් දශක දෙකකට ආසන්නයි.

අයිශ්වර්යා රායි බච්චන් හොලිවුඩ් චිත්‍රපටවල ද රඟපා ඇති අතර වසර ගණනාවක් පුරා රුපියල් කෝටි 776 ක ශුද්ධ වත්කම රැස් කරල තියෙන බව තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ.

Aishwarya Rai Bachchan ගේ දැවැන්ත ශුද්ධ වටිනාකම රුපියල් කෝටි 776 කි. ඒකට අයිශ්වර්‍යාට උදව් වෙන්නෙ මෙන්න මේ දේවල්:

1-      ආයෝජනය කිරීම්

2021 දී, Aishwarya Rai Bachchan, විශාල අරමුදල් වටයක කොටසක් ලෙස රුපියල් කෝටි 5ක් රැස් කළ. Posible කියන nutrition-based healthcare start-up එකකට ආයෝජනය කරල තියෙනව. හැබැයි ඒ ගාන කීයක්ද කියල කවුරුවත් තාම දන්නෙ නෑ.  ඒ වගේම අයිශ්වර්‍යා සහ ඇගේ මව Vrinda Rai විසින් Bangeuru හි Ambee නම් Environment Startup සඳහා රුපියල් කෝටි 1 ක් ආයෝජනය කර තියෙනව.

2-      චිත්‍රපට වල රඟපාන්න කෝටි 10ක්

ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාවකට අනුව ,අයිශ්වර්‍යා සෑම චිත්‍රපට ව්‍යාපෘතියක් සඳහාම රුපියල් කෝටි 10 සිට කෝටි 12 දක්වා වේතනයක් අය කරනවා. ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස් වාර්තාවකට අනුව , මනි රත්නම්ගේ වීර කාව්‍ය ඓතිහාසික නාට්‍යයක් වන පොන්නියින් සෙල්වන් හි රඟපාන්න නන්දිනී සහ මන්දාකිනී දේවිගේ චරිත නිරූපණය කිරීම සඳහා රුපියල් කෝටි 10 ක වේතනයක් අයිශ්වර්‍යා අරගෙන තියෙනව. හැබැයි ඉතින් ඒ චිත්‍රපටයෙ අයිශ්වර්‍යා කරපු රඟපෑමට ඒ ගාන පාඩුත් නෑ නේද?

3-      ඇඩ් එකක ඉන්න නම් කෝටි 7ක්

පසුගිය දශක දෙක තුළ ඓශ්වර්යා රායි බච්චන් Cadbury, Palmolive, Lakmé Cosmetics, Coca-Cola, LUX, Kalyan Jewellers, Philips, Titan Watches සහ තවත් බොහෝ දේශීය සහ ජාත්‍යන්තර සන්නාමවල මුහුණුවර වුණා . ඇය L’Oréal සහ Swiss luxury watch සන්නාමය වන Longines සමඟත් සම්බන්ධ වෙල ඉන්නව. CNBC TV18 වාර්තාවකට අනුව , Aishwarya Rai Bachchan දිනක කැපවීම සඳහා රුපියල් කෝටි 6 සිට 7 දක්වා මුදලක් අය කරනවා.

4-      චිත්‍රපට නිශ්පාදනයටත් ආවා

අයිශ්වර්‍යා නිලියක් ලෙස පමණක් නොවෙයි චිත්‍රපට නිශ්පාදිකාවක ලෙසත් සිනමාවට එකතු උනා. ඒ 2015 දී ඇය සන්ජේ ගුප්තාගේ අපරාධ ත්‍රාසජනක නාට්‍යයක් වන ජස්බා හි ඉර්ෆාන් ඛාන්, ෂබානා අස්මි සහ ජැකී ෂ්රොෆ් සමඟින් රංගනයෙන් දායක වුණා.

5-      ඩුබායිවල සුඛෝපභෝගී මන්දිරයක්

ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාවකට අනුව අභිෂේක් සහ ඓශ්වර්යා රායි බච්චන් ඩුබායි වල ජුමෙයිරා ගොල්ෆ් වතුයායේ මන්දිරයකුත් අරගෙනයි තියෙන්නෙ . දැවැන්ත පිහිනුම් තටාකයක්, Scavolini විසින් නිර්මාණය කරන ලද මුළුතැන්ගෙයක් සහ තවත් බොහෝ නවීන පහසුකම් සහිතව මේ මන්දිරය සකසා තියෙනවා.

6-      රුපියල් කෝටි 21ක් වටිනා මහල් නිවාසයක්

ඉකොනොමික් ටයිම්ස් වාර්තාවකට අනුව, 2015 දී, ඓශ්වර්යා රායි බච්චන් බන්ද්‍රා-කුර්ලා සංකීර්ණයේ ප්‍රිමියම් නේවාසික කුළුණක 5-BHK මහල් නිවාසයක් මිලදී ගන්න රුපියල් කෝටි 21 ක් වියදම් කරා . බොලිවුඩ් නිළි සෝනම් කපූර් අහුජාට ද එම සංකීර්ණයේම ඉඩකඩ සහිත මහල් නිවාසයක් හිමි වූ අතර, ඇය එය 2023 වසරේ මුලදී රුපියල් කෝටි 32.5 කට අලෙවි කලා.

7-      වර්ලිවලින් තවත් ගෙයක්

අභිෂේක් සහ අයිශ්වර්යා රායි බච්චන් මුම්බායි හි වර්ලි හි පිහිටි ස්කයිලාර්ක් ටවර්ස් හි 37 වන මහලේ ඉඩකඩ සහිත මහල් නිවාසයක් හිමිකරගෙන තියෙනවා . Architectural Digest ට අනුව , මෙම යුවළ මෙම දේපල අරගෙන තියෙන්නෙ රුපියල් කෝටි 41 කට.

8-      යාන වාහනත් නැතුව නෙවෙයි

අයිශ්වර්යා රායි බච්චන් මීට වසර කිහිපයකට පෙර Rolls Royce Ghost එකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 7.95 ක දැවැන්ත මුදලක් වැය කළා . වඩාත්ම සුඛෝපභෝගී සහ මිල අධික වාහන වලින් එකක් ලෙස සැලකෙන මේ සුඛෝපභෝගී මෝටර් රථය ලීටර් 6.6 twin turbo V12 එන්ජිමකින් සමන්විත වන අතර එය පැයට කිලෝමීටර 250 දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් බලයක් නිපදවනවා.

ඒ වගේම රුපියල් කෝටි 2.33ක් වටිනා Lexus LX 570 මෝටර් රථයක් ද හිමිකරගෙන තියෙනවා. 4.5-ලීටර්, twin-cam-four-valve inline එන්ජිමකින් සමන්විත, ජපානයේ නිෂ්පාදනය කරන ලද මේ මෝටර් රථය තත්පර 8 කින් වාහනය කිලෝමීටර 100 ක වේගයක් පසුකර යාමට හැකි වන පරිදි 362bhp බලයක් නිපදවීමට සමත්.

ඊට අමතරව Audi A8 L මෝටර් රථයකුත් අයිශ්වර්‍යාට තියෙනවා. ලීටර් තුනක V6 පෙට්‍රල් එන්ජිමකින් බල ගැන්වෙන රුපියල් කෝටි 1.56 ක් වන මේ වාහනය පැයට කිලෝමීටර 250 දක්වා ඉහළ යා හැකියි.

Related Articles

Don't Miss


Latest Articles