දරුවන්ගේ ආත්මය භක්ෂණය කරන යක්ෂයෙකුගේ කතාව – (Bhakshak)

ඉන්දියාවේ කියන මොනතරම් ලොකු රටක්ද සහ එහෙ කොච්චර විශාල ප්‍රමාණයක් ජනගහනය ඉන්නවද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. අපි හැමෝම දන්නව ඒ ගැන. අපි ඉන්දියාව අඳුරන්නෙ දැවැන්ත සිනමා තරු සහ දැවැන්ත සිනමා කර්මාන්තය  නිසා වුනාට ඉන්දියාව කුප්‍රකට වෙන්න තවත් හේතුවක් තමයි දරුවන්ව අපරාධ වලට ඇදල දැමීම, එහෙමත් නැතිනම් චයිල්ඩ් ට්‍රැෆිකින්.

අවුරුද්දකට වතාවත් දරුවන් 40,000 පමණ ප්‍රමාණයක් මේ විදියට අයතා ලෙස භාවිතා වෙන බවත් ඒ සමහර දරුවන්ගෙන් 11,000ක් පමන ප්‍රමාණයකට වුනේ මොනවද කියල හොයාගන්නවත් බැරි බව තමයි ඉන්දියාවෙ National Human Rights Commission එක කියන්නෙ.

අපි දරුවන්ව දරුවන්ගෙ දක්ශතා සමරද්දි, ඒ දරුවන් මල් වගේ සුරකින්න හදද්දි අපේ අල්ලපු රටේ මෙන්න මේ වගේ දේවල් වෙන බවත් ඇහුවම හිරිගඩු පිපෙනව නේද?

ඉතින් අද කතා කරන්නෙ යන්නෙ මේ මල් වගේ පුංචි දරුවන්ගේ ආත්මය භක්ෂණය කරන යක්ෂ බලවේගයක් ගැන කතාවක්. මේ චිත්‍රපටයෙ නම Bhakshak.ඒ වචනෙ තේරුම් භක්ෂණය කරන්නා කියන එක. අහල තියෙනව නේද මිනිසා අතරම තමයි දෙවියයි යක්ශයයි දෙන්නම ඉන්නෙ කියල. ඉතින් අපි බලමු මේ චිත්‍රපටයෙන් මිනිසා අතරම ඉන්න යක්ශයන් ගැන කියන කතාව මොනවගේද කියල.

ස්වාධීන රූපවාහිනී වාර්තාකාරිනියක් වන වෛශාලි සිං සහ එයාගෙ එකම යාලුවා වෙන බාස්කර් එක්ක එකතුවෙලා තමන්ට ලැබිච්ච ඔත්තුවකට අනුව පොඩි හෝඩුවාවක් පස්සෙ යනවා. මෙයාලාට ලැබෙන්නෙ එසේ මෙසේ ඔත්තුවක් නෙවෙයි. ඉන්දියාවේ අතිශය රහසිගතව කෙරෙන ළමා ජාවාරමක් ගැන ඔත්තුවක්.

බලයයි ධනයයි ඕනවටත් වඩා තියෙන බන්සි සාහු කියන්නෙ ටිකක් විදියෙ අමුතු මනුස්සයෙක්. මෙයාට අයිතිවෙලා තියෙනව බිහාර් ප්‍රාන්තයේ මුනව්වර්පූර් වල තියෙන බාල වයස්කාර දරුවන්ව අපයෝජනය කරන ගෙදරකින් දරුවන්ව බේරගන්න මේ වෛශාලි සහ එයාගෙ එකම යාලුව වෙච්ච බාස්කර් උත්සහ කරනවා.

හැබැයි ඉන්දියාවෙ පොලිසිය ඉතින් ආයෙ දන්නවනෙ? සල්ලිවලට, පගාවට, දේශපාලනයට යටවෙච්ච අතකොලු. නීතියයි සාමයයි දූශනය වෙලා තියෙන, අපයෝජනය වෙලා තියෙන රටක ඔයාල හිතනවද මේ දුප්පත් ගම්මානවලින් ආව පොඩි දරුවන්ට කිසිසේත්ම නීතිය ඉදිරියේ සාධාරණයක් වෙයි කියල.

පොලිසිය ඉන්නෙත් යටත්වෙලා, සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්ට පුලුවන් වෙයිද පොලිසිය, දේශපාලන බලය, තර්ජන ඉදිරියේ බය නැතුව ඉස්සරහට ගිහිල්ල මේ දරුවන් වෙනුවෙන් සටන් කරන්න?

xr:d:DAFomBNz_vE:2290,j:2362555111064572833,t:24013011

චිත්‍රපටයේ එක තැනකදි පොලිසියෙ නිලදාරියෙක් වෛශාලිට මෙන්න මෙහෙම කියනව.

“මගෙ අත් බැඳල තියෙන්නෙ. ඔයා මට සාක්කි හොයල දෙන්න. එහෙම උනොත් මට එයාලව අත් අඩංගුවට ගන්න පුලුවන්” කියල.

ජාතික අපරාධ වාර්තා කාර්‍යංශයට අනුව හැම මිනිත්තු අටකට වරක්ම ඉන්දියාවෙ දරුවෙක් අතුරුදහන් වෙනවා. මම මේ ලිපිය ලියන්න වගේම ඔබ මේ ලිපිය කියවන්න ගතකල වෙලාවෙ දරුවන් කී දෙනෙක් අතුරුදහන් වෙන්න ඇති කියලද හිතන්නෙ?

ඒ දරුවන්ගෙ ඉරණම කුමක් වෙන්න ඇති කියලද හිතන්නෙ?

වෛශාලිට සහ බාස්කර්ට තමන්ගෙ මේ සටන වෙනුවෙන් උදව් කරන්නෙ එක හිත හයිය කෙල්ලෙක් වෙච්ච සුධා සහ එස් එස් ජස්මිත් කෞර් කියන පොලිස් නිලධාරියා. ඒත් හිතේ හයිය විතරක් මදි මේ සටන දිනන්න. මොකද සටන කරන්න වෙලා තියෙන්නෙ දේශපාලනය, ධනය සහ බලය ඕනවටත් වඩා තියෙන, ඒ නිසාම නීතියට බය නැති යක්ශ ආත්ම ගොඩක් ඉස්සරහ.

මේ චිත්‍රපටයෙ තියෙනව එක්තරා දෙබසක්. ඉතාම හිත රිදවන.

“අනාතයෙක් කියන්නෙ මොකෙක්ද කියල දන්නවද? කවුරුවත් නැති එකෙක්. කාටවත් ඕන නැති එකෙක්. කිසිම කෙනෙක් දන්නෙ නෑ උඹල ඉන්නෙ කොහෙද? මොකද කරන්නෙ කියල”

අනාතයෙක් වෙන්න අපේ Choice එකකින් නෙවෙයි. අපි කවුරුවත් කිසිම අවස්තාවක කාගෙවත් හව්හරණක්, රැකවරණයක් නැති කෙනෙක් වෙන්න කැමති නෑ. විශේෂයෙන්ම මේ ලෝකෙ හරියට නොදැක්ක පොඩි දරුවො කිසිසේත්ම කැමැත්තෙන් අනාතයෙක් වෙන්නෙ නෑ.

දෛවය නිසා නම් හැමදේම වෙන්නෙ, ඉරණමේ ලියල තියෙන විදියට නම් හැම දේම වෙන්නෙ ඒ දෛවය සහ ඉරණම විසින් අනාත කරපු දරුවන්ගෙ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න, නිදහස, ජීවත් වීමේ අයිතිය බලෙන් අරගන්න අපිට තියෙන අයිතිය මොකද්ද?

මේ චිත්‍රපටයෙන් කතා කරන්නෙ අන්න ඒ ගැන. චිත්‍රපටය පුරාවටම අපිට පෙන්නල දුන්නට අයුක්තියට එරෙහිව සටන් කරන්න කියල ඒ සටන අපි හිතන විදියෙ පහසු සටනක් නොවෙන වග චිත්‍රපටය ඔස්සේම පෙන්නල දෙනවා.

“මේ රිපෝට්ස් රජයට සහ නීතියට අතට භාරදීලා මාස දෙකක් ගතවෙලත් කිසිම උත්තරයක් නෑ කියන එකෙන්ම ඔයාට තේරෙනව නේද බන්සි සාහුගෙ හයිය කොච්චරද කියල?”

මේ චිත්‍රපටය අහන එක දෙබසකින් පෙන්නල දෙන්නෙ අපි හැමෝම ලැජ්ජ වෙන්න ඕන අපි විසින්ම බලය, ධනය සහ පාලනය අතට දීල බලයට පත් කරපු මිනිස්සු ගැන.

ඉන්දියාවෙ උනත් ලංකාවෙ උනත් මොන රටක උනත් දරුවෙක් කියන්නෙ ඒ රටේ අනාගතේ. ඉතින් අනාගතයට අනාත වෙන්න නොදී පරිස්සම් කරගන්න එක අපේ වගකීම.

ඒ වගකීම ගැන දැනගන්න, ඒ වගකීම වෙනුවෙන් සටන් කල යුතු බව දැනගන්න නෙට්ෆ්ලික්ස් ඔස්සේ Bhakshak බලන්න කියල මම ඉල්ලනවා!

Related Articles

Don't Miss


Latest Articles