ෂාරුක් – ගෞරි අවුරුදු 30ක විවාහ දිවියේ රහස

“ගෑණුන්ටත් හිතන්න පුලුවන්, එයාලටත් මනසක් තියෙනවා. ගෑණුන්ටත් ආත්මයක් තියෙනව. ඒ වගේම හදවතකුත් තියෙනවා. ඇයි කෙනෙක් හිතන්නෙ ගෑණුන්ට අරමුණු, බලාපොරොත්තු නෑ කියල?ඇයි හිතන්නෙ ගෑණු දක්ෂ නෑ කියලා? ලස්සන විතරක් නෙවෙයි ගෑණුන්ට තියෙන්නෙ, දක්ශතාවයක් එයාලටත් තියෙනවා. මට එපා වෙලා තියෙන්නෙ ඔය ගෑණුන්ට ඕන ආදරේ විතරයි කිය කිය නටන මිනිස්සුන්ව”

මෙහෙම කියන්නෙ සුප්‍රසිද්ධ Little Women කතාවේ එන එක චරිතයක් වෙන Jo March. කතාව ඇතුලෙත් Jo March ව සලකන්නෙ පොඩ්ඩක් රැඩිකල් විදියට හිතන කෙල්ලෙක් විදියට. මේ පොත ලියවුණේ අවුරුදු ගණනාවකට කලින් උනත් Jo March කියන මේ කතාව අදටත් කොච්චර වලංගු ද නේද?

“කාන්තාවන්ට Respect කරන්න ඕන” කියල අපි කාන්තා දිනය දවසට කොච්චර කතා කරත් ඒ දිනය ඇරුණම අනිත් දවස්වලට කාන්තාවන්ට ගරු කිරීම වෙන්නෙ කොච්චර අඩුවෙන්ද කියන එක ලංකාව වගේ ආසියාතික රටක ජීවත්වන අපි අමුතුවෙන් කතාකරන්න ඕන නෑ.

මෙහෙම කිව්වම අපිට මතක් වෙන්නෙ පොදු ස්තාන වලදි, පොදු ප්‍රවාහන වලදි කාන්තාවන්ට Respect නොකරන කාරණානෙ. ඇයි අපි අමතක කරන්නෙ මේ Respect කිරීම ඇත්තටම පටන් ගන්න ඕන ගෙදරින් කියල?

පවුල කියන්නෙ Important දෙයක් නෙවෙයි, ඒක තමයි හැමදේම.

අපි හැමෝම හරිනම් හිතන්න ඕන මෙහෙම උනාට මම මේ කතාකරන්නෙ නම් ලෝකෙම අඳුරන ඉන්දීය සුපිරි නලුවෙක් වන ෂාරුක් ඛාන් ගැන. පවුල තමයි තමන්ගෙ හැමදේම කියල කියන්නෙ ෂාරුක්. අපි හැමෝම දන්නව ෂාරුක්ට කාන්තා ආකර්ෂණය කොච්චර තියෙනවද කියල. ලස්සන, කඩවසම්. දක්ෂ නලුවෙක් නිසාම නම් නෙවෙයි හැබැයි ඒ ආකර්ෂණය ෂාරුක්ට ලැබිල තියෙන්නෙ.

“ෂාරුක් කියන්නෙ කාන්තාවන්ට ගොඩක් ගරුකරන කෙනෙක්” – ෂාරුක් එක්ක වැඩකරන, වැඩ කරපු Industry එකේ ගොඩක් අයට කියන්න තියන කතාවක් තමයි ඒ.

ඉතින් බොලිවුඩයේ ගොඩක් පවුල්වල ප්‍රශ්න මතුවෙද්දි, බැඳීම් ඉරිතලා යද්දි Bollywood වල King Khan ට තමන්ගෙ රැජිණ වුන ගෞරි එක්ක අවුරුදු 30ක් සන්තෝසෙන් ජීවත් වෙන්න පුලුවන් වෙලා තියෙන්නෙත් ෂාරුක් තමන්ගෙ බිරිඳට මෙන්න මේ විදියට Respect කරන නිසා බව හැමෝම දන්න කාරණාවක්.

ඇත්තටම කන්තාවකට Respect කරන්න ඕන ගෙදරින් එළියෙදි කියල අපි හිතුවට, කාන්තාවට ආරක්ෂාව ලොකුවටම ඕන ගෙදරින් එළියෙදි කියල හිතුවට ඒ කාරණා දෙකම මුලින් සම්පූර්ණ වෙන්න ඕන ගෙදර ඇතුලෙදි. ගෙදරදි නොලැබෙන ගෞරවයක්, ආරක්ෂාවක් කාන්තාවකට එළියෙන් කොච්චර ලැබුණත් තේරුමක් නැහැ.

අවුරුදු පනස් ගානක් වුනත් මේ කඩවසම් හාදයා මයික් එක අතර අරගෙන, තමන්ගෙ හැඟීම්බර ලස්සන ඇස් දෙකේ කඳුලුත් පුරවගෙන කතාවක් කරද්දි නොඅහ ඉන්න පුලුවන් කෙනෙක් මේ ලෝකෙ ඇති කියල මං හිතන්නෙ නෑ. ඒක තමා ෂාරුක්ගෙ Charishma එක.ඉතින් මේ ලඟඳිත් ෂාරුක් Indian Express එක්ක කරපු Interview එකේදිත් එයා ඔය වගේම හරිම ලස්සන කතාවක් කරා.

එතනදි ෂාරුක් ප්‍රධාන වශයෙන්ම කිව්ව දේ තමයි දෙමව්පියන්ගෙ හැසිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය දරුවන්ගෙ යහපැවැත්මට කොච්චර වැදගත්වෙනවද කියන කාරණාව.

ඒ වගේම දෙමව්පියන් එකිනෙකාට Respect  කරන විදිය බලාගෙන තමයි දරුවනුත් එකිනෙකාට වගේම අනිත් අයට ගරු කරන්න පුරුදු වෙන්නෙ කියන කාරණාව.

“මම මගේ පුතාට කියල තියෙනව කෙනෙක්ට Disrespect කරනව කියන එක හොඳ දෙයක් නෙවෙයි කියල. හැබැයි මම එකඟ වෙන්නෙ නෑ ඔය ගහල බැනල දරුවන්ව හදන්න පුලුවන් කියන එකට. මම කියන්නෙ අපි හොඳට හිටියොත් දරුවන් හොඳට හැදේවි.මම මේ කියන්නෙ Basic Respect කිරීම ගැන. මම දැන් අවුරුදු 30ක් කසාද බැඳල ඉන්නවා. මේ අවුරුදු 30ට මම කවදාවත් මගේ බිරිඳගෙ පර්ස් එකට ඔලුව දාලා නෑ. අදටත් මම මගෙ දුවගෙ කාමරේට යන්න කලින් දොරට තට්ටු කරනවා. එයාලා දන්නව ඒ මම  කියල. හැබැයි එයාලටත් Personal Space එකක් තියෙනවනෙ”

ඒ වගේම ෂාරුක් මේ කතා බහේදි ඒ දවස්වල Industry එකේ Ongoing තිබුන #MeToo Movement එක ගැනත් කතා කරලා තිබුනා. එයා එතනදි කියල තිබුනෙ මෙන්න මෙහෙම දෙයක්.

“දේවල් තුනයි කරන්න තියෙන්නෙ. Respect. Respect. Respect. මම ඒක විශ්වාස කරනවා. සමහර මම හොඳින්ම දන්න, මාත් එක්ක ගොඩක් එකට වැඩ කරල තියෙන අය පවා කියනව ගොඩක් වෙලාවට මම Formal කියලා. හැබැයි ගෞරවයක් නැති තැන ආදරයක්වත්, බැඳීමක්වත් නෑ. Respect කරනව කියන්නෙ සමානව සලකන එක. ඒකෙන් මම අදහස් කරන්නෙ Social Media වල කතා කරන Equality ගැන නෙවෙයි.   මම Equality කියල හිතන්නෙ මම කොච්චර Weak ද, කියල ඔයා තේරුම් ගන්න එක. මට ඔයාගෙන් දෙයක් අහන්න පුලුවන් වීම වගේ දෙයක්. මම මේ විදියට තමයි මගේ බිරිඳ සහ අනිත් මාත් එක්ක වැඩ කරන හැම කාන්තාවකටම ගරු කරන්නෙ. ඒ තමයි මම එයාලට ආදරය කරන විදිය. ආදරය පෙන්නන විදිය.

“මගේ ලොකෙ පලවෙනි තැන හම්බුවෙන්නෙ මගෙ බිරිඳට. කවුරුහරි කිව්වොත් මට ෆිල්ම්ස් සහ බිරිඳ කියන දෙකෙන් එකක් තෝරගන්න කියල මම අනිවාර්‍යෙන්ම තෝරගන්නෙ ගෞරිව.මං වෙනුවෙන් එයා හැමදාම හිටිය වගේම ඉස්සරහටත් ඉන්නව. ඉතින් මට බෑ එයාට ආදරය නොකර ඉන්න, එයාට ගෞරව නොකර ඉන්න”

ඉතින්, ලෝකෙම හොල්ලපු, කඩවසම් දක්ෂ නලුවෙක් වුන ෂාරුක් ඛාන් තමන්ගෙ බිරිඳ සහ දුවට මෙච්චරම Respect කරනවනම්, අපි ගැන කවර කතාද?

කාන්තාවන්ට විතරක් නෙවෙයි, අපිට පුලුවන් වෙන්න ඕන මොන තැනක ඉන්න, මොන මට්ටමේ මනුස්සයෙක්ට උනත් ගෞරව කරන්න. මොකද ආර්තික, සමාජීය තත්ත්ව මොන දේ උනත් හැම මනුස්සයෙක්ම ගෞරවය ලබන්න සුදුසු කෙනෙක්.

ඒ වගේම තමයි ඒ ගෞරවය මුලින්ම පටන් ගන්න ඕන ගෙදරින්. තමන්ගෙ පවුලට ගරු නොකරන කෙනෙක්ට පුලුවන් කමක් නෑ සමාජයේ ඉන්න වෙන කෙනෙක්ට ගරු කරන්න.

ඉතින් අද ඉඳල පටන් ගන්න, ඔයාගෙ ජීවිතේට ඉන්න වටින අයට, ඔයාට ආදරය කරන සහ ඔයා ආදරය කරන අයට ගරු කරන්න.

අපි හිතනවනෙ ආදරයේ විරුද්ධ පදය වෛරය කියල.

නෑ ඇත්තටම ආදරයේ විරුද්ධ පදය වෛරය නෙවෙයි Indifference. ඉතින් ආදරය කරන කිසිම කෙනෙක්ට දැනෙන්න දෙන්න එපා ඔයා එයාට ගෞරව කරන්නෙ නෑ කියල.

අමතක කරන්න එපා,

ආදරය රැකෙන්නෙ ගෞරවය රැඳුනොත්.

ඒ වගේම තමයි ඔයාට කෙනෙක් Respect කරන්නෙ, ඔයා එයාලට Respect කරොත් විතරමයි!

Related Articles

Don't Miss


Latest Articles