අති දක්ෂ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්

“බැලූ බැල්මට ඔබට ඒක පෙනෙන්නෙ නැද්ද වොට්සන්?දොර අගුල් සහ ඉබ්බන් හොර යතුරු වලින් අරින්න මට දක්ෂතවයක් තිබෙන බව ඔබට මතක ඇති. අද රෑට මට ඒක යළිත් උවමනා වෙනවා. ඒ හන්දා මං ඒ කටයුත්ත යළිත් පුහුණු වෙන්නයි මේ සූදානම”

මේ වාග් විලාසය ඔබට සුපුරුදු එකක් බව ස්තිරයි.

ආසාවෙන් පොතක් කියවන කෙනෙක්ට, වෛද්‍ය වොට්සන් පොත් වල ලියා තැබූ ලන්ඩනයේ අන්ධකාරම කාලය ගැන අසන්නට නොලැබී තියෙන්න විදියක් නැහැ නේද? එම වෛද්‍ය වොට්සන්, නිතරම තමන්ගේ මිතුරා වන ෂර්ලොක් හෝම්ස්ගේ සුවිශේෂී සිද්ධීන් සහ වාසනාවන්ත දක්ෂතා හෙළි කරන්නේ ලොව විශාලම රහස් පරීක්ෂක කතා මාලාවක් වන ආතර් කොනන් ඩොයිලි විසින් රචිත ෂර්ලොක් හෝම්ස් හරහාය. මෙම කතා මාලාව ලොව පුරා ජනප්‍රියත්වයට පත් වීමට හේතුව, හෝම්ස්ගේ අතිශය විචක්ෂණශීලීත්වය හා අපූරු චින්තන ක්‍රමය බව නොරහසක්.

ඔබේ සිතුවිලි වලට මුලිකවම පැමිණෙන්නේ, හෝම්ස්ගේ සිද්ධාන්ත භාවිතය සහ දක්ෂතා පිළිබඳව. අපි කවුරුත් දන්නා ආතර් කොනන් ඩොයිල් අතින් මේ විශිෂ්ට රහස් පරීක්ෂක චරිතය නිර්මාණය වන්නේ, 1887 දී පළමුවෙන්ම “A Study in Scarlet” කතාව හරහා. එම කතාවෙහි වෛද්‍ය වොට්සන් තම මිතුරා වූ හෝම්ස්ගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයෙහි රසවත් විස්තර ඇතුළත් කරමින්, අපට අපූරු රහස් පරීක්ෂකයකු හඳුන්වා දෙනවා.

ෂර්ලොක් හෝම්ස් කියන්නේ එ සමයේ, අභිරහස් හෙළි කිරීමේදී තමන්ගේ මනෝවිද්‍යාත්මක හා විද්‍යාත්මක දක්ෂතා භාවිතා කරමින් අතිවිශිෂ්ටත්වයට පත්වූ පෞද්ගලික රහස් පරීක්ෂකයෙක්. ඔහුගේ විචක්ෂණශීලීත්වය, සැලකිලිමත් වීම තුළින් නිවැරදිව අනාවරණය කළ හැකි බව පෙන්වා දුන් විශිෂ්ටතම නිදසුන තමයි ෂර්ලොක් හෝම්ස්.

හෝම්ස්ගේ අපූරු ක්‍රමවේදයන් හඳුන්වා දීමට දායක වූ “The Sign of Four” (1890), “The Adventures of Sherlock Holmes” (1892), “The Memoirs of Sherlock Holmes” (1893), සහ “The Hound of the Baskervilles” (1902) යන කතා මාලා, රසිකයන් අතර අතිශය ජනප්‍රිය විය. කාලයත් සමග, හෝම්ස්ගේ කතා ලොව පුරා රසිකයන්ගේ හදවත් දිනාගත්තේ ඔහුගේ විශ්මිත විචක්ෂණ ශක්තිය නිසාය.

ෂර්ලොක් හෝම්ස්ගේ නායකත්වය හා දක්ෂතාවයන්ට මුල් තැන දෙන මෙම කතා මාලාව, අපට ගැඹුරු විශ්වාසය සහ අවබෝධයක් ලබා දෙන්නක්. ඔහුගේ කතා, නව මානවකයාගේ චින්තන ක්‍රම සහ සමාජය හා විද්‍යාත්මක සංකල්ප අතර සම්බන්ධතාවය සෙවීමේ වැදගත්කම පිළිබඳව මනාවට විවරණය කරන්නක්.

ඉංග්‍රීසි භාශාවෙන් ලියවුන මේ අපූරු රහස් පරීක්ෂක කතා මාලාව අපට ලංවුනේ චන්දන මෙන්ඩිස් මහතා විසින් පසුකාලීනව ඒව සිංහලට පරිවර්තනය කිරීම සමග. 90 දශකයේ දරුවන් වූ අප අතර මේ රහස් පරීක්ෂකයා විශිෂ්ට ලෙස මතකයට ඔබ්බවා තබන්න චන්දන මෙන්ඩිස් මහතා කල මෙහෙවර අපමණක් බව මෙනෙහි කල යුතුමයි.

“මේක නම් පැහැදිළිවම ලේ පැල්ලමක්” හෝම්ස් කීය.”සැකයක් නෑ. ඇන්ඩසන් මහත්තයාගෙ සපත්තුවේ අඩියට පෑගී, ඔහු එළියට ගෙන ආ ලේ පැල්ලමක්. හො හෝ! මේ මොකද්ද? ලණු පැදුරේ පිටත දාරයත් බිත්තියත් අතර කුඩා හිඩසෙන් හෝම්ස් යමක් ඉවත් කර ගත්තේ අපහසුවෙනි. මී ලඟට ඔහු එය අත්ල මැද තබා අපට පෙන්විය. එය බගෙට දැවුන ගිනිකූරකි”

පොලිස් නිලධරයා ඒ දෙසට පහත්වූයේය. “ගෑස් පහන දල්වන්න කවුරු හරි පාවිච්චි කළ එකක්” බලාපොරොත්තු කඩ වූ හඬින් ඔහු කීය.

“ඒ වුණාට දල්වන්න පුලුවන් ගෑස් ජෙට් එකක් මේ හරියෙ නැහැනෙ” හෝම්ස් කීය. “ඉස්සරහ දොර කිට්ටුව එකක් තියෙනවා. අනෙක තියෙන්නේ කාමරේ පිටුපසම කෙලවර. නමුත් මේ කිට්ටුවක නැහැ”

මේ කොටස මම උපුටා ගත්තේ හචිංසන් චතුරශ්‍රයේ මිනිමැරුම කතාවෙන්. ෂර්ලොක් හෝම්ස් සමග නිරතුරුවම සසැඳෙන ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙ ලෙස්ට්‍රෙඩ් මහත්මයාවත් අපට මේ මොහොතේ අමතක කරන්නම බැහැ. අපූරු විමර්ශණශීලී දෙනෙත නිසා ෂර්ලොක් හෝම්ස් විසින් පහසුවෙන් හෝ අපහසුවෙන් විසඳන අභිරහස් බොහොමයක අයිතිය අවසානයේ මාධ්‍ය ඔස්සේ තමන් සතු කරගන්න, කිසිම විමර්ෂණශීලිත්වයක් නැති, නිරතුරුවම වැරදි හෝඩුවාවන් පස්සේ යන ලෙස්ට්‍රෙඩ් මහතා කටයුතු කරන බව මතක් කරන්න වෙන්නේ හාස්‍යයයෙන්ම තමයි.

හැබැයි “Adventures of Sherlock Holmes” තුළ ඇති “The Adventure of the Red-Headed League කතාවේදී, ලෙස්ට්‍රෙඩ් හෝම්ස්ට සහාය වීමෙන් පසු අභිරහස විසඳා ගැනීමට සමත් වෙනවා. මෙම කතාව, ඔවුන්ගේ විවිධත්වයෙන් පිරුණු සම්බන්ධතාවය සහ හෝම්ස්ගේ විශිෂ්ට විචක්ෂණශීලීත්වය එකට එක්වීමේ වැදගත්කම දක්වන කතාවක් බව ෂර්ලොක් හෝම්ස් රසිකයන්ට නම් පිළිගන්නම වෙනවා.

මෙම කතා, ෂර්ලොක් හෝම්ස්ගේ විශිෂ්ට විචක්ෂණ ශක්තිය සහ ලෙස්ට්‍රෙඩ්ගේ සහයෝගය අතර ඇති ගැටුම් සහ එකඟතා සමඟින් පුරාවටම ආකර්ශනීයව දිග හැරෙයි.

ටයිම්ස් සගරාවේ පැහැදිලි කළ පරිදි, “ෂර්ලොක් හෝම්ස්ගේ කතා මාලාව, ලෝකයේ අභිරහස් සහ අද්භූතත්වය පිළිබඳව අපට නව නිවැරදිව පැහැදිලි කිරීමේ උපකාරකයක් වේ.” ඔහුගේ මනෝවිද්‍යාත්මක හා විද්‍යාත්මක දක්ෂතා, අපගේ පෞද්ගලික ජීවිතයටද පිවිසෙනවා වැනි අත්දැකීම් සපයනවා වගේම අපගේ චින්තන ක්‍රමවල නව යථාර්ථයක් ලබා දෙන්නටත් හේතුවෙලා තිබෙනවා.

“මහත්මයා, මගේ නම ඩේවිඩ්සන්” හෝම්ස් කීය. “මේ මගේ මිත්‍රයා ස්කාබරෝ. අපි යෙදිල ඉන්නෙ පිව්ටර් වලින් තැනූ මුළුතැන්ගෙයි උපකරණ ආනයනය කිරීමේ ව්‍යාපාරයක. අපට උවමනා කරල තියෙනවා බඩු ගබඩා කිරීමට, තේම්ස් ගඟ කිට්ටුව බිම් මහලක්. කෙනෙකුගෙන් අපට ආරංචියක් ලැබුණා, ස්ටුවට් මහත්මයාගෙ බිම් මහල හිස්වෙලා නිසා, ඒක බද්දට ගන්න හැකිවේවි කියලා”

තමන් හඹායමින් හිඳින අපරාධකරුවන් අල්ලාගන්න ඕනම විදියෙ අභියෝගයකට මුහුන දෙන්න වගේම, අනන්‍යතාවය හංගගෙන, වෙස් වලාගෙන අපරාධකරුවන් ඉදිරියට යන්නත් ෂර්ලොක් දෙපාරක් නොහිතන බව පෙන්වන අපූරු සාධක රැසක් ඔහුගේ හැම කතාවක් ඔස්සේම අපට දකින්න ලැබෙනවා.

බොහෝමයක් රහස් පරීක්ෂක කතා සහ රහස් පරීක්ෂක චරිත අතරේ, ෂර්ලොක් හෝම්ස් ඉතාමත් ජනප්‍රිය චරිතයක් ලෙස ඉදිරියට පැමිණියේ ඒකාබද්ධ ලෙස අන්තර්ගත වූ විශේෂිත ලක්ෂණ නිසා බව අපි හැමෝම දන්නවා. ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයේ ප්‍රබල විශේෂතා කිහිපයක් තියෙනවා.

ෂර්ලොක් හෝම්ස්ගේ විශේෂත්වය, ඔහුගේ අතිවිශිෂ්ට විචක්ෂණශීලීත්වය සහ මනෝවිද්‍යාත්මක දක්ෂතාවයන්ගෙන් තවත් හයිය වෙනවා. ඔහු කිසිදු කුඩා තොරතුරක් හෝ සිදුවීමක් නොසලකා හරින්නෙ නෑ වගේම, එම සිදුවීම් අතරේ ඇති සම්බන්ධතා සහ තොරතුරු හරිම සියුම්ව පැහැදිළිව හෙළි කරගන්නත් සමත් වෙනවා.

ඒ කාලෙ මේ වගේ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන ලියවුන කතා අඩු වීමත් ෂර්ලොක් හෝම්ස් ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙලා තියෙනවා.

ඒ වගේම තමයි අමතක කරන්න බැරි ලොකුම කාරණාව – වෛද්‍ය වොට්සන්, හෝම්ස්ගේ මිතුරා සහ සහකරු ලෙස කතා මාලාව තුළ වැදගත් ස්ථානයක් ගෙන ඉන්න එක. වොට්සන්ගේ සරල බව සහ හෝම්ස්ගේ අතිවිශිෂ්ටත්වය අතර ඇති සම්බන්ධතාවය, කතා මාලාවෙහි අපූරු රසවත් භාවයක් සැදීමට හේතු වෙලා තියෙනවා.

අපි සිංහලෙන් කියවපු මේ ෂර්ලොක් හෝම්ස් කතා, ලෝක පුරා විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇති අතර, එම කතා පදනම් කරගෙන චිත්‍රපට, රූපවාහිනී කතා මාලා, නාට්‍ය හා Games නිර්මාණය වෙලත් තියෙනවා. ඒ නිසාම හෝම්ස්ගේ කතා ලෝකය පුරා ප්‍රසිද්ධියේ පවත්වා ගැනීමට හේතුවක් වෙලා තියෙනවා.

 ෂර්ලොක් හෝම්ස් තරම්ම නැතත් ජනප්‍රිය රහස් පරීක්ෂකවරු අතරේ –

Hercule Poirot – අගතා ක්‍රිස්ටිගේ ප්‍රකට බෙල්ජියන් පරීක්ෂකයා

Miss Marple – අගතා ක්‍රිස්ටිගේ තවත් ජනප්‍රිය චරිතයක්

Sam Spade – ඩෑෂියල් හැමට්ගේ “The Maltese Falcon” කතාවේ නායකයා,

Philip Marlowe – රේමන්ඩ් චැන්ඩ්ලර්ගේ ප්‍රකට පෞද්ගලික පරීක්ෂකයා

Nancy Drew – කැරලයින් කීන්ගේ තරුණ පරීක්ෂකාව අපිට අමතක කරන්න බැහැ.

මේ වගේ බොහෝ රහස් පරීක්ෂක චරිත අතර, ෂර්ලොක් හෝම්ස් ඉතාමත් ජනප්‍රිය චරිතයක් ලෙස පත් වීමට හේතුව ඔහුගේ විචක්ෂණශීලීත්වය, මනෝවිද්‍යාත්මක දක්ෂතාව, විද්‍යාත්මක ක්‍රම භාවිතය, වොට්සන් සමඟ ඇති සම්බන්ධතාව, රසවත් කතා රීති සහ ලෝක ව්‍යාප්ත ප්‍රසිද්ධිය.. මෙම අංග එකට එක්වූ විට, හෝම්ස්ගේ කතා ලෝකය පුරා අභිරහස් පරීක්ෂක කතා අතර ඉමහත් ආකර්ෂණයක් ඇති කිරීමට සමත් වෙලා තියෙනවා.

ඉතින් ඔයත් ෂර්ලොක් හෝම්ස්ගෙ රහස් පරීක්ෂක කතාවලට වහ වැටුණ කෙනෙක්නම් Comment එකක් දාගෙන යමුද ඔයා වැඩිපුරම ආස ෂර්ලොක් හෝම්ස් කතාව මොකද්ද කියල?

Related Articles

Don't Miss


Latest Articles