අවුරුදු 16ක්ම නොකා නොබී ජීවත්වෙන මුලුවෝර්ක් අම්බව් ගේ අපූරු කතාව..

“කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට

මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ”

මෙහෙම කියන්නෙ රජගහේ නාඩගම වේදිකා නාට්‍යයේ. නාට්‍යය බලපු අයට නම් මේ සිංදුව හොඳටම මතක ඇතිනෙ. ඇත්තටම මේ වේදිකා නාට්‍යය ගීතයේ තියෙන විදියට අපි ගොඩක් වෙලාවට හිතනවනෙ “කන්න ලැබෙනවනම් බොන්න ලැබෙනවනම් තව මොනවද ඕන කියල?” නේද?

හැබැයි අවුරුදු 16ක් පුරාවටම මුකුත්ම කෑවෙ බිව්වෙ නැතෙයි කියන කාන්තාවකුත් ඔන්න හොයාගෙන. ඉතින් අද මේ ලිපියෙන් අපි කතාකරන්න යන්නෙ “කන්න බොන්න තියෙනම් මොන කෙංගෙඩියද තව ඕන” කියල අහන ලෝකෙක අවුරුදු 16ක් පුරාවට මුකුත්ම කෑවෙ බිව්වෙ නැති කාන්තාවක් ගැන කතාවක්.

මෙයාගෙ නම Muluwork Ambaw. මෙයා ඉන්නෙ ඉතියෝපියාවෙ. මෙයා අවුරුදු 10 ඉඳල දේවල් කන බොන එක නතර කරල දැම්මලු.

වසර 16ක් තිස්සේ කිසිම දෙයක් කාලා නැතිව, වතුර බීලා නැතිව ජීවත් වෙන්න පුළුවන් කියල හිතනවද? ඉතිහාසයේ මෙතෙක් නොඇසූ මේ අමුතුම කතාව කීවේ ඉතියෝපියානු කාන්තාවක්. මුලුවෝර්ක් අම්බව් කියනවා, “මේක දෙවියන්ගේ වැඩක්” කියලා. එක විදියකට හිතද්දි ඒක ඇත්ත කියලත් හිතෙනව නේද? මොකද අවුරුදු 16ක් පුරාවට මුකුත්ම නොකා නොබී ඉන්න ඉතින් ඇත්තටම පුලුවන් කමක් නෑනෙ. මෙයාව ගොඩක් වෛද්‍යවරු පරීක්ෂාවට ලක් කරල බැලුවත් ඒ මිනිස්සුන්ට පවා හොයාගන්න බැරිඋනාලු මොකද්ද මේ අමුතු ලෙඩේට හේතුව කියාලා.

ඩේලි ස්ටාර් පුවත්පතට අනුව , Muluwork Ambaw කියන්නේ ඉන්දියාව, කටාර් සහ ඩුබායි යන රටවල වෛද්‍යවරුන් පවා තමන්ව වෛද්‍ය පරීක්‍ෂා කරා වුණත් එයාලට පවා බැරිවුනාලු තමන්ගෙ මේ අමුතු තත්ත්වය සහ ඒකාට හේතුව මොකද්ද කියල පැහැදිළි කරගන්න.

අදාල වෛද්‍ය වාර්තා අනුව, ඇය වසර තුනක් තිස්සේ අදිස් අබාබා හි වෛද්‍යවරුන් විසින් පරීක්ෂාවට ලක්කර, සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න බව සහ දිගටම කෑම සහ වතුර නොකා නොබී ජීවත් වන බවට තහවුරු කර තිබෙනවා. ඇගේ ජීරණ පද්ධතියේ කිසිදු ආහාර, වතුර හෝ අපද්‍රව්‍ය සලකුණු නොමැති බව පරීක්ෂණ වලින් හෙළි වී තියෙනවා.

ඇම්බව්ට වයස අවුරුදු 10 දී කෑම බීම නැවැත්වූ අතර හදිසියේම ආහාර හා ජලය අවශ්‍යතාව නැතිවෙලා ගිහින් තියෙනවා.තමන් අන්තිමට කෑවේ රතු පරිප්පු ඉස්ටුවක් බව ඇයට තවමත් මතකයිලු. (හිතද්දිත් නිකන් බඩගිනි වගේ නේද?”

ගිනස් ලෝක වාර්තාවක් හිමි, වික්‍රමාන්විත සහ එක්සත් රාජධානියේ යූ ටියුබ්කරුවෙකු වන Drew Binsky මේ අමුතු තත්ත්වය ගැන අහන්න දවසක් මේ Muluwork ගෙ ගෙදරටම ගිහිල්ලත් තියෙනවා. ඒ මනුස්සයත් ගිහිල්ල අහල තියෙන්නෙ මේ ලිපිය කියවන ඔයාලගෙ හිතෙත් මේ වෙලාවෙ කැරකෙන ප්‍රශ්නෙම තමයි.

“මේක ඇත්තක්ද?”

ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තර විදියට අම්බාව් කියල තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

“මම ඉස්සර මගේ පවුලේ අය සමඟ ජීවත් වූ අතර ඔවුන් මගෙන් උදේ ආහාරය ගෙන පාසලට යන ලෙස ඉල්ලා සිටියා. මම කිව්වා මම කෑවා නමුත් මම මවාපෑමක් කරනවා. මට වතුරට හෝ කෑමකට ඇති රුචිය නැති වුණා,”

අනෙකුත් අසල්වැසියන්ට සාපේක්ෂව ඇම්බව්ගේ නිවස විශාල සහ ආරක්ෂිත බවත් උස් බිත්ති සහිත සංකීර්ණයක පිහිටා ඇති බවත් Drew Binsky දැකල තියෙනවා. ඒ වගේම මේ ඇම්බව්ගෙ කාමරේට ඇතුලුවෙද්දි තමන්ට නිකන් වෙන ලෝකෙකට ඇතුලු වෙනව වගේලු දැනුනෙ කියලත් එයා කියනවා මෙන්න මෙහෙම.

“මුලුවර්ක්ගේ විසිත්ත කාමරයට ඇතුල් වීම වෙනත් ලෝකයකට ඇතුල් වීම හා සමානයි” කියා Drew කියනවා.

 “බිත්තිවල පෝස්ටර් සහ විවිධ පුරාවස්තු ඇත, එය ඇගේ ළමා කාලයේ කාල කැප්සියුලයක සිරවී සිටින බවක් දැනේ” කියල Drew තවදුරටත් කියනව. වැසිකිළිය බිම තියෙන සරල සිදුරක් වන අතර, ඇගේ දියණිය සහ සහෝදරිය විතරයිලු ඒක පාවිච්චි කරන්නෙ. මොකද ඉතින් කෑම වතුර නොකන නොබොන කෙනෙක්ට වැසිකිලියකට යන්න හේතුවක් නෑනෙ නේද?

ඇම්බව් ගෙවතු වගාවට සහ ඉවුම් පිහුම් කටයුතුවලට ප්‍රිය කරනව වුනාට කන බොන ඒව නම් එයාට එච්චරම දිරවන්නෙ නෑ කියල තමයිලු කියන්නෙ.

මොන තරම් අවාසි වගේම අපහසුතා තිබුණත්, ඇම්බව් ගැබ්ගත් අතර කලලය පෝෂණය කිරීම සඳහා ග්ලූකෝස් ලබා දීල තියෙනවා. කෙසේ වෙතත්, උපතින් පසු දරුවාට මව්කිරි දෙන්න ඇම්බව්ට පුලුවන් වෙලා නැහැ.

ඇම්බව් විශ්වාස කරන්නේ තමන්ට මුළු ජීවිත කාලය තුළම ආයෙම කන්න බොන්න නම් ආසාවක් ඇතිවෙන එකක් නැහැ කියලලු.

ඉතින් මේ අමුතු කතාව ඇහුවම මොකද හිතෙන්නෙ?

පොඩි උණක් හැදිල Appetite එක නැතිවුනාමත් අවුල් යන අපි ජීවත්වෙන්නෙත් අවුරුදු 16ක් පුරාවට මෙලෝ දෙයක් කෑවෙ බිව්වෙ නැති ඇම්බව් ඉන්න ලෝකෙම කියල හිතෙද්දිත් පොඩ්ඩක් අමුතුයි නේද?

Related Articles

Don't Miss


Latest Articles