නිදහස වෙනුවෙන් සටන් කල කේරල කෙල්ලන්ගේ අනුවේදනීය කතාව

නිදහස කියන්නෙ පහසුවෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. නිදහසට උනත් හොඳ වටිනාකමක් ලැබෙන්නෙ සටන් කරල ලබාගත්තම කියල අපි අහල තියෙනවා.

ඒ උනාට කෙනෙක්ට ජීවත්වෙන්න, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති කෙනෙක් විවාහ කරගන්න තියෙන අයිතිය හා නිදහස බිඳ වැටෙනව කියන එක, ඒ වෙනුවෙන් තමන්ට සටන් කරන්න වෙනවා කියන හිතට කොච්චර අමාරුද නේද?

ඉතින් අද කතාව කරන්නෙ අන්න ඒ වගේ කතාවක් ගැන කියවන චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයේ නම The Kerala Story.

The Kerala Story කියන්නෙ 2023 අවුරුද්දෙ රිලීස් වුන ඉන්දියානු හින්දි භාෂා නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය Sudipto Sen විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර Vipul Amrutlal Shah විසින් නිෂ්පාදනය කරන ලදී.

කේරළයේ විවිධ ප්‍රදේශවලින් ආව තරුණ ගැහැණු ළමයින් තිදෙනෙකුගේ කථා විස්තර කරන චිත්‍රපටයක් විදියට මේ The Kerala Story චිත්‍රපටය හඳුන්වාදෙන්න පුලුවන්.  පැහැරගෙන ගොස් පසුව ඉස්ලාම් ආගමට හැරෙන ශලිනිගේ කතාවට තමයි මේ චිත්‍රපටය ඔස්සේ මූලික අවධානය යොමු කරන්නෙ. ශලිනි රැඩිකල්කරණයට ලක් වෙනවා වගේම ත්‍රස්තවාදියෙකු ලෙස ISIS හා බැඳීමට එයාට බල කෙරෙනවා. ඉතින් මේ කතාව සාමාන්‍ය චිත්‍රපටයක් බලනව වගේ Feel Good හැඟීමක් ලබාගන්න බලාපොරොත්තුවෙන් නම් බලන්න පුලුවන් එකක් නෙවෙයි කියල කියන්නම ඕන.

ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) කණ්ඩායමට සම්බන්ධ වීමට පොළඹවා ගත් හින්දු සහ ක්‍රිස්තියානි කාන්තාවන්ගේ කතාව ගැන කතාකරන මේ චිත්‍රපට ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් ඇති කරලා තියෙන බවත් අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

ශාලිනී උන්නික්‍රිශ්නන් කොලේජ් යන ස්ටුඩන්ට් කෙනෙක් විදියට ගෙවන්නෙ හරිම සාමාන්‍ය ජිවිතයක්. හැබැයි ඒ ආගමික අන්තවාදීත්වය එයාගෙ අනන්‍යතාවය, හීන, බලාපොරොත්තු ඔක්කොම කඩල බිඳල දානකම් විතරයි.

The Kerala Story චිත්‍රපටය ආරම්භ වන්නේ ප්‍රශ්න කිරීමේ කාමරයේදී ශලිනි (Adah Sharma) ඇගේ බිහිසුණු සහ ඛේදනීය අතීතය සහ ඇය අර්බුදකාරී තත්වයකට පත්වීමට හේතුව පිළිබඳ තොරතුරු හෙළි කරන තැනකින්. කේරලයේ කසර්ගවුඩා හි හෙද පාසලකට ඇතුළත් වූ විද්‍යාල සිසුන් හතර දෙනෙකු වටා තමයි ඇගේ පසුබිම් කතාව ගෙතිල තියෙන්නෙ.

 කතාව විස්තර කෙරෙන්නේ ඇගේ නේවාසික මිතුරන් වන ගීතාංජලී (සිද්ධි ඉඩ්නානි), නිමා (යෝගිතා බිහානි) සහ අසිෆා (සෝනියා බලනි) සමඟ Strong Bond එකක් බෙදා ගන්න ශලිනිගේ දෘෂ්ටිකෝණයෙන්. අනිත් අය දන්නෙ නැති උනාට අසිෆාට තමන් එක්ක එකට ඉන්න නේවාසික මිතුරන් කවුද කියල හෙළි කරන්න සහ එයාලව ඉස්ලාම් ආගමට හරවා ගන්න ප්ලෑන් එකක් තියෙනවා. පිටතින් එන එයාගෙ පිරිමි සහචරයින්ගේ උදව්ව එක්ක, ගැහැණු ළමයින් රැඩිකල්කරණයට ලක් කර, මනස වෙනස්කරන ඖෂධ භාවිතා කරමින් ආගමට හුරු කරන්න අසිෆා කරයුතු කරනවා. ශලිනි ගැබ්ගත් පසු, ඒකට සම්බන්ධ වගකිවයුතු පිරිමි කෙනාව හැරෙන්න වෙන කෙනෙක් විවාහ කරගන්න ශාලිනිට බල කෙරෙන අතර, පසුව පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය හරහා සිරියාවට එයාව දීර්ඝ ගමනක් එක්කරගෙන යන්න මෙයාලා කටයුතු කරනවා.

ෆාතිමා විදියට ශාලිනිට සිද්ධ වෙනවා තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරගන්න පවා සිදු වෙනව. ඒ වගේම මේ චරිතය රඟපාන Adah Sharma තමන්ගෙ චරිතය වෙනුවෙන් කරන කැපවීම අපි අගය කරන්නම ඕන.

ඒ විතරක් නෙවෙයි මේ චිත්‍රපටයට නවක නලු නිලියන් විදියට ඇවිත් ඉන්න යෝගිතා බිහානි, සෝනියා බාලනි සහ සිද්ධි ඉද්නානිත් තමන්ගෙ චරිත වලට උපරිම සාධාරණයක් කරල තියෙනව කියල කියන්නම ඕන.

ඉතින් මේ චිත්‍රපටය නිකන්ම චිත්‍රපටයක් කියනවට වඩා Factual Accuracy එකක් තියෙන තියෙන චිත්‍රපටයක් කියල කියන්නම ඕන.

2022 නොවැම්බර් 3 වෙනිදා නිකුත් වෙච්ච මේ චිත්‍රපටයේ ටීසර් එක ඇෆ්ගනිස්ථාන සිරකඳවුරකට යාමට පෙර ඉස්ලාම් ආගමට හැරී ඉස්ලාමීය රාජ්‍යයට බැඳුණු හින්දු මලයාලි හෙදියක් වන ෆාතිමා බාගේ චරිතය තමයි යොදාගෙන තියෙන්නෙ.

 ඇය කේරලයෙන් අතුරුදහන් වූ සහ ඉස්ලාම් ආගමට හැරවීමෙන් පසු ඉස්ලාමීය රාජ්‍යයට බඳවාගෙන ඇති හින්දු සහ ක්‍රිස්තියානි ප්‍රජාවට අයත් ගැහැණු ළමයින් 32,000 න් එක් අයෙකු බව මෙතනදි පැවසෙනවා. 2018 දී, කේරළය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීමේ “ජාත්‍යන්තර කුමන්ත්‍රණයක” කොටසක් ලෙස හින්දු සහ ක්‍රිස්තියානි ගැහැණු ළමයින් 32,000 ක් ස්වේච්ඡාවෙන් සමූහ වශයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම ගැන කතාව තමයි මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වල දෙන්නෙ.

ඉතින් මේක වේදනාත්මක කතාවක්. ඒත් අපි බොහොම සුන්දර ජීවිතයක් ගත කරන මොහොතක මේ ලෝකෙම තව කොහේ හරි තැනක අපි වගේම තව කෙනෙක් ජීවිතය වෙනුවෙන් නිදහස වෙනුවෙන් කරන අරගලය ගැන දැනගන්න මේ චිත්‍රපටය අපි බලන්නම ඕන

Related Articles

Don't Miss


Latest Articles