සිරුරේ බර පාලනය කරන අතරම ඔබේ සුන්දරත්වය වැඩි කරන පෝශණීය ප්‍රෝටීන් ස්මූති

ඩයට් කරන ඔබ මග නොහැරිය යුතු ම ආහාර වේලක් තමයි උදේ ආහාර වේල කියන්නේ.ඔබ අනුගමනය කරන්නේ මොන ආකාරයේ diet plan එකක් උනත් හිතේ හැටියට බඩ පිරෙන්න ආහාර ගන්න ඔබට හැකියාවක් නැහැ.නමුත් අද අපි ඔබට කියන්න යන්නේ උදෑසන ආහාර වේලට වඩාත් සුදුසු , ඔබේ ශරීරයට ඉතා හොඳ පෝෂණයක් ලැබෙන සහ ඔබේ බර වැඩිවීමක් නොවෙන ස්මුති ( Smoothie ) වර්ග කීපයක් ගැනයි.ඉතා අඩු කාලයක් තුළ සකස් කරගන්න පුළුවන් මේ ස්මූති වර්ග කාර්යබහුල ඔබට වඩාත් ගැළපේවි

නැවුම් බ්ලූබෙරි ස්මූති

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • පැණි රස නොකල ආමන්ඩ් කිරි කෝප්ප භාගයක්
  • ශීත කල bluberry කෝප්ප භාගයක්
  • වැනිලා ස්වල්පයක් ( අවශ්‍ය නම් )

හදන්නේ මෙහෙමයි

සියලූ අමුද්‍රව්‍ය එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.අවශ්‍ය නම් පමණක් වතුර ස්වල්පයක් එකතු කරගන්න

පීනට් බටර් සහ කෙසෙල් ස්මූති

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • පැණි රස නොකල ආමන්ඩ් කිරි කෝප්ප භාගයක්
  • පැණි රස නොකල කොකෝවා කුඩු මේස හැදි එකක්
  • ශීත කල කෙසෙල් කෝප්ප භාගයක්
  • ලුණු රස රහිත peanut butter මේස හැඳි බාගයක්

හදන්නේ මෙහෙමයි

සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කර ගන්න.

ස්ට්‍රෝබෙරි සහ කෙසෙල් ස්මූති

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ශීතකළ කෙසෙල් ගෙඩි එකක්
  • ශීතකළ ස්ට්‍රෝබෙරි කෝප්ප එකක්
  • නිවිති කොළ කෝප්ප භාගයක්
  • පැණි රස නොකල නැවුම් කිරි කෝප්ප භාගයක්

හදන්නේ මෙහෙමයි

සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.අවශ්‍ය නම් අයිස් කැට එකතු කරගන්න.රස අනුව ස්ට්‍රෝබෙරි සහ කෙසෙල් ප්‍රමාණය වැඩිකර ගත හැකිය

ඩාක් චොකලට් සහ කෙසෙල් ස්මූති

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ශීත කළ කෙසෙල් ගෙඩි එකක්
  • දියකරගත් dark chocolate මේස හැදි දෙකක්
  • පැණි රස නොකල ආමන්ඩ් කිරි කෝප්ප භාගයක්
  • වෝල්නට්ස් හෝ රටකජු කීපයක්

හදන්නෙ මෙහෙමයි

සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.අවශ්‍ය නම් වතුර එකතු කළ හැකිය.wallnuts හෝ රටකජු වෙනුවට ආමන්ඩ් වුවත් භාවිතා කල හැකිය

රටකජු බටර් සහ යෝගට් ස්මූති

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • යෝගට් කෝප්ප එකක්
  • පැනිරස නොකල ආමන්ඩ් කිරි කෝප්ප භාගයක්
    රටකජු බටර් මේස හැඳි එකක් හෝ දෙකක්
    කොළ පැහැ මිදි ගෙඩි හතරක් හෝ පහක්

හදන්නෙ මෙහෙමයි

සියලු අමුද්‍රව්‍ය එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.අවශ්‍ය නම් ශීත කරගත් ආමන්ඩ් කිරි භාවිත කළ හැකිය

ඕට්ස් ස්මූති

වශ්‍ය වෙන්නේ මේ දේවල්

ඕට්ස් කෝප්ප භාගයක්
පැණි රස නොකල ආමන්ඩ් කිරි කෝප්ප භාගයක්
කෙසෙල් ගෙඩි එකක්
මී පැණි තේ හැඳී එකක්

හදන්නෙ මෙහෙමයි

සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.වඩාත් රසවත් කර ගැනීම සඳහා වැනිලා ස්වල්පයක් එකතු කළ හැකිය

ඇපල් ස්මූති

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • මධ්‍යම ප්‍රමාණයේ ඇපල් ගෙඩි එකක්
  • පැණි රස නොකල ආමන්ඩ් කිරි හෝ සෝයා කිරි කෝප්ප භාගයක්
  • යෝගට් මේස හැදි තුනක්
  • රටකජු බටර් මේස හැඳි එකක්

හදන්නේ මෙහෙමයි

සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.වඩාත් රසවත් කර ගැනීම සඳහා අවශ්‍ය නම් වැනිලා ස්වල්පයක් එකතු කරගන්න

Related Articles

Don't Miss


Latest Articles