විසි වැනි නෙතු සැරිය
අයත්මාගේ නිවසේ දානයට චත්‍ර සහ කපිල හැරෙන්නට සියලු දෙනා සහභාගී වූහ. චත්‍ර උන්නේ කපිලවද පටලවාගෙන නොවූ කාර්‍යබහුලකමක් පෙන්වන්නට උත්සාහ කරමිනි. අයියාගේ උද්දච්චකම ගැන කෝපයෙන් උන් සිහිනි චත්‍රට එක දිගටම කෙටි පණීවිඩ මඟින් බැණ වැදුනාය. චත්‍ර නොපැමිණි බව දැකීමෙන් පසු අවිශ්ක අයියාද අමනාපය පල කල බවද ඕ ඒ අතරේ කියා යැව්වාය.
කිව්වාට චත්‍ර එන්නේ නැති වග දැන උන් නිසාම අයත්මා වැඩි කලබලයකට පත් වූයේ නැත. කොහොමටත් ඔහුට තමා ඉදිරියට විත් ඍජුව සිට ගන්නට තරමේ හැකියාවක් නැහැ නොවෙදැයි ඕ කල්පනා කලාය. ඒ නිසාම මෙහෙම අවස්තාවක තියා , සැලසුම් සහගතව තමා ඉදිරියට එන්නට ලැබෙන කිසිම අවස්තාවක චත්‍ර තමාට මුණ නොගැසෙන වගද ඕ පැහැදිලි කරගත්තාය.
ඔහුගේ ඒ සම්මුඛ නොවීම තුළ තමාට දැනිය යුතු සැනසීම නොදැනෙන්නේ ඇයි දැයි ඕ කල්පනා කලේ දානයේ කටයුතු අවසන් කර නාන කාමරය තුලට වීගෙනය. මනෝ උපදේශකවරියද කීවේ, චත්‍ර මුණ ගැසීම අවම වීම තුල සිතෙහි වන තුවාල අඩු වන වගය.
එසේම තමාට වඩා ප්‍රිය අයවලුන් හමුවේ ගැවසීමෙන් ඒ සැනසීම වැඩි වන වගය. එවෙලෙහි තමාට කලණව සිහි වුනෙත්, දැන් කලණ ගැන එහෙම දැනීමක් නැත්තේ ඇයි දැයි ඕ කල්පනා කලාය. මුලදී චත්‍රව දකින විට තමාට දැනුන වදකාරී හැඥීමේ පැහැය කොහොමදැයි සිතන්නට උත්සාහ කලද, අයත්මාට ඒ ගැන අදහසක් හෝ ආවේ නැත. කාලය එතරමට ඕ ඉදිරියට ඇදගෙනවිත් තිබුණාය.
ඔහුගේ කැබ් රිය දකින්නට තමා යන එන මඟක පවා කෙතරම් මඟ බලනවාදැයි අයත්මාට තවදුරටත් තම යටි සිතින් උඩු හිතට කාන්දු වීම වලක්වන්නට නොහැක. කලණ සමඟින් යන එන එක පවා දැන් හිතට බරක් ගෙන එන යමක් බව අයත්මාට විශ්වාසය. මේ සියල්ල එක් මිටකට ගෙන ඉන් පසුව එයට දිය හැකි තනි නමක් වේදැයි කල්පනා කරන්නට අයත්මා උත්සාහ නොකලාය. ඒ වෙනුවෙන් නැඟෙන තනි නම පිළිගන්න්නට ඇගේ හිතේ බියක් වූවායැයි කීම වඩා නිවැරදිය.
අවිශ්ක සවස චත්‍ර සොයා නිවසට පැමිනෙන විට ඔහු නිවෙසට පැමිණියා පමණි. මඟ හරින්නට කිසිඳු ඉඩක් නොවූ නිසා ඔහු අවිශ්ක සමඟ එලිමහනේ සකසා තිබූ අසුන් වෙත ඇවිද ගියේය.
” උඹ කොහොමද ආවේ?…”
” යාලුවෙක් ඇරලවලා ගියා…”
“කෝල් එකක් දුන්නා නම් මම එහෙමම උඹව ගනන් එනවනේ ..”
“අනේ නිකන් පලයං බං යන්න … උඹ ආවානේ මෙච්චර කල් ..”
“අඩෝ එහෙම නෙවෙයි බං ..”
” දැන් මන්ත්‍රීතුමාට අපේ ගෙවල් වලින් බත් කටක් කන එකත් සෙට් නෑනේ… උඹට දානේට එන්න කියන්නම මම කී පාරක් ගත්තාද? .. තෝ මිස් කෝල් එකටවත් ගත්තෙ නෑ…”
චත්‍ර ට අවිශ්ක සමඟ වන කතා බහ තුළ පවා වෙහෙසක් දැනුණි. අභ්‍යන්තරයෙන් නැඟෙන දාහයකින් තමා පිළිස්සෙන වග දැණුණි. තම නැගණියට වින කරන්න්නට ගිය සල්ලාල පිරිමි ශරීරයක් ඉදිරියේ මෙහෙම කතා කරමින් සිටීම අවිශ්ක වැනි අයියා කෙනෙකුගෙන් කිසිලෙසකවත් සිදුවන්නේ නැති බව චත්‍ර දනී. මේ සියල්ලම වන්නේ අයත්මා ඔහුට ගලපා කී බොරුව ගානට ගැලපුණු නිසා නොවේදැයි ඔහු කල්පනා කලේය.
” උඹ ඉන්නේ මොකක් හරි අවුලකද චත්‍ර ?…”
“ඇයි උඹ එහෙම අහන්නේ ?…”
” එදා නංගිගේ සිද්දියෙන් පස්සේ උඹ අමුතුයි .. හේතු හදාගෙන අපේ ගෙදර ආව උඹ හේතු අතටම දීලාවත් නේන ගානට ….. “
” වැඩ බං .. අනෙක .. අයත්මා එදා එහෙම අසනීප වුනේ මාව දැකලා ඒ තරහට කියලම මට හිතෙනවා…..මට සිද්දිය පැහැදිලි මතකයක් නැතත් මට අයත්මා උන්න විදිය අමතක කරගන්න බෑ … කෙල්ල මට කැමති නැති බව කෙලින්ම කියලා තියෙද්දී, අර අලුත් සර්ට කැමති බවත් පේන්නම තියෙද්දී මං තව එහෙ එන යන එක තේරුමක් නෑනේ බං …”
චත්‍ර කිසිඳු ගැලපීමක් නොසිතාම කියා දැමේය.
“මොන අලුත් සර්ද?…”
“ඉස්කෝලේට ඇවිල්ලා ඉන්නෙ අර.. උඹලෑ නැන්දලාගේ ගෙදර නැවතිලා ඉන්නේ..?”
අවිශ්ක චත්‍ර දෙස විමසිල්ලෙන් බැලුවේය. ඔහු මේ ගලපාගෙන ඇති කතාව කුමක්දැයි වටහා ගන්නට උත්සාහ කලේය. කලණ සහ අයත්මා අතර එවන් සම්බන්ධතාවයක් නැති වග අවිශ්කට හොඳටම විශ්වාසය. එවැන්නක් තිබේ නම් අයත්මාට එය මෙතරම් කාලයක් තමාගෙන් සඟවන්නට ඉඩක් ලැබෙන්නේ නැත. අනෙක් අතට කලණ ද අයත්මා කෙරෙහි දක්වන්නේ සහෝදර සෙනෙහසක් බව දෙදෙනාගේ හැසිරීමෙන් සහ කතා බහින්ද දැණී තිබේ. එලෙස තිබියදී චත්‍ර මෙවන් ඍ ජු ප්‍රකාශයක් සිදු කරන්නේ කෙලෙසකද?
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |