සරාගී Sunny Leone තමන්ගේ ජීවිතය යහපත් කරගත් රහස

ජීවිතේ අපි හැමෝටම වැරදෙන තැන්, වැරදි තීරණ ගන්න තැන් අනන්තවත් තියෙනවා.හැබැයි තමන්ට තමන්ගෙ ජීවිතේ මේ විදියට නෙවෙයි ගෙවන්න තිබුණෙ කියලා හිතලා ජීවිතේ වෙනස් කරගන්න හිතන කෙනෙක්ට ඒක නොකර ඉන්න බැරිකමක් නැහැ.

ස්වභාවදහම අපිට ඉඩ දීලා තියෙනව අපි කරපු මෝඩකම්, වැරදි හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් අද කතාවත් ජීවිතේ තරුණ වයසෙදිම වැරදි පාරකට වැටුණට පසුකාලීනව තමන්ගෙ ජීවිතේ යහපත් කරගත්ත සුන්දර, හිත හයිය කාන්තාවක් ගැන කතාවක්.

මේ වෙන කවුරුවත් නොවෙයි ලෝකෙ වැඩිපුරම Google පරිශීලකයන් Search කරපු, Sunny Leone. කෙනෙක්ට මෙයාගෙ නම ඇහෙන එකත් රසවත් දෙයක් වුනාට, තව කෙනෙක්ට නම් හිතට අකමැත්තක් වුණත් එන්න ඉඩක් තියෙනව මෙයාගෙ අතීත කතාව ඇහුවම.

මේ හැමදේම පටන් ගන්නෙ කැනඩාවේ සික් පවුලක කරන්ජීත් කෞර් නම් ගැහැණු ළමයෙකු තම පවුලේ මූල්‍ය ප්‍රශ්න කිහිපයක් හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් වැඩිහිටි චිත්‍රපට නිළියක් බවට පත්වෙන එකෙන්. Sunny Leone කියන්නෙ ඉන්දියාවෙ මෙතෙක් කාලකයට බිහිවෙච්ච වෙනස්ම ආකාරයක නිළියක් කියලා කියන්නම ඕන.

තරුණ කාලෙ වැරදි පාරකට වැටුණ නිසා සහ ආර්ථික ගැටලු නිසා වැඩිහිටි චිත්‍රපට නිළියක් විදියට තමන්ගෙ ගමන් පටන් ගත්තට අද වෙද්දි Sunny කියන්නෙ හොඳ අම්මා කෙනෙක්, ඒ වගේම ව්‍යවසායිකාවක්. හැබැයි මේ හැම වෙනසක්ම උනේ “ඒක එයාගෙ දෛවය” හන්දම නෙවෙයි. Sunny ගෙ තිබුණ හිත හයිය කම හන්දා.

“මම මුල් කාලෙ වැරදි Career Choices වලට ගියා. ඒත් මම ඒව ගැන දැන් පසුතැවෙන්නෙ නෑ. අනික මිනිස්සු ඒක එක එක විදියට Judge කරන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මම කලේ රස්සාවක්, මට ඒ වෙලාවෙ සල්ලි ඕන වුණ හන්දා මම ඒක කරා. එච්චරයි. මොකද මට උදව්වක් ඕන වෙච්ච වෙලාවෙ ඒ උදව්ව කරන්න කෙනෙක් එවෙලෙ හිටියෙ නෑ” කියල තමයි Sunny තමන්ගෙ වැඩිහිටි චිත්‍රපට නිළියක් ලෙස ගතකල කාලය ගැන කතාකරන්නෙ.

2016 ලොව බලගතුම කාන්තාවන් 100 දෙනා අතරට එන්නත් සනීට පුළුවන් වෙනවා.

“වැඩිහිටි නිළියක් විදියට ගමන පටන් ගත්ත Sunny කොහොමද හරි Track එකට වැටුණෙ?” අන්න ඒ ප්‍රශ්නෙ තමයි ඇත්තටම Sunny ගෙ කතාව ඇතුලෙදි ගොඩක්ම වටින්නෙ සහ වැදගත් වෙන්නෙ.

ඉන්දියාවෙ ගොඩක් මිනිස්සු Sunny ව විවේචනය කරමින් උන්නු කාලයක තමයි Sunny ට Raaeez චිත්‍රපටය වෙනුවෙන් King Khan එක්ක Laila සින්දුව කරන්න වෙන්නෙ. ඒක බොලිවුඩයම හොල්ලපු වැඩක් කියලා කියන්නම ඕන. ඒ විදියට තමයි Sunny හරිම Forward විදියට ඉස්සරහට ආවෙ. අපි හැමෝටම අතීතයක් තියෙනවා, ඒත් අපේ අනාගතය ඒ අතීතය මත සර්ව සම්පූර්ණයෙන්ම රැඳෙන්න උවමනා වෙන්නෙ නෑ කියන කතාව Sunny අපිට බොහොම ලස්සනට කියලා දුන්නා.

හිත හයිය නැති කෙනෙක් නම් මේ වෙද්දි ජීවිතය අවසන් කරගන්නත් හිතල තියෙන්න පුලුවන්. ඒත් මිනිස්සු මොනව කිව්වත්, කොච්චර අපහාස කරත් “මං ඉස්සරහටම යනවා” කියන හයිය හිතේ තිබ්බ Sunny ට ඒක එච්චර අමාරු ගමනක් වුණේ නෑ.

Sunny Big Boss වැඩසටහනට සහභාගි වෙන්න ඉන්දියාවට ආවෙ ඒ සඳහා ලොකු මුදලකුත් ලබාගෙන. හැබැයි ඇමරිකාවෙදි තරම් ඉන්දියාවෙදි ජීවිතේ එච්චර ලේසි වෙන්නෙ නෑ. ඉන්දියාව තවමත් සංස්කෘ තියට මුල් තැන් දෙන රටක්. එහෙම රටක වැඩිහිටි චිත්‍රපට නිළියක් වෙච්ච තමන්ට ජීවිතේ අසීරු වෙනවා කියන ඇත්ත Sunny දැනගෙන හිටියා. විවිධ ආගමික කණ්ඩායම්, දේශපාලන පක්ශවල විරෝධය මැද්දෙ හිත හයිය Sunny ඒ ගමන ආවා.

හොඳට හිතල නිර්මාණය කරපු බොරු කතන්දර ඔස්සේ ඇයට මිනිසුන් අතරෙ අගෞරවයෙන් පිරුණු මතයක් ගොඩනැගුනත්, ඇය කිසි විටෙකත් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී නොසිටි බව අපි හැමෝම දැක්කා. ඇයට විවිධ මාධ්‍යවලදී අඩු සැලකිල්ලකින් කතා කිරීම සාමාන්‍ය දෙයක් වුනා. එහෙත්, එයට සාපේක්ෂව ඇය තවත් මහන්සිවෙලා වැඩ කරා. තමන්ගෙ ජීවිතේ ගැන තීරණ ගන්න ඕන තමන්ව බව Sunny හොඳින්ම තේරුම් අරගෙන හිටියා.

ඇයට කිහිප වතාවක් තර්ජන එල්ල වුනා, මිනිසුන් ඇයට නින්දා කරමින් ඇය ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වැඩි කරන්න හේතු වෙනවා කියලා නින්දා කරත් Sunny තමන්ගෙ ගමන නතර කලේ බෑ. ඒ විශාල හයියක් තියෙන හදවතක් ඇති කාන්තාවක් වීම නිසා කියලා කියන්නම ඕන. අද දිනයේදී ඇය Starstruck Cosmetics හි හිමිකාරිය වන අතර, බොලිවුඩයේ ප්‍රසිද්ධ රියැලිටි වැඩසටහනක් වන “Splitsvilla” සඳහාත් ඇය එකතුවෙලා ඉන්නවා.

ඉතින් Sunny අපිට කියලා දෙන ලොකුම ලොකු පාඩමක් තියෙනවා.

ඒ තමයි අපි ගන්න තීරණවලට වගකියන්න ඕන අපිමයි. අපි ගන්න තීරණවල හරි වැරැද්ද තීරණය කරන්න පුළුවන් අපිටමයි.

ජීවිතේ කියන්නෙ ප්‍රශ්න වලට මූණ දෙමින් ඉස්සරහට යන්න වෙන තැනක්. අපි කරන්න ඕන ඒ එක එක ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන හරිම විදිය මොකද්ද කියලා තේරුම්ගන්න එක. ජීවිතේ කියන්නෙ අපේ ජිවිතේ වෙන එක එක සිදුවීම් වලට අපි ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියන දේ මත තීරණය වෙන දෙයක්.

අතීතය මොක උනත් අනාගතය සහ වර්තමානය යහපත් කරගන්න අපිට අමාරු නැ.

ඒක කරන්න අපිට උවමනා වෙන්න දේවල් දෙකක් විතරයි.

එකක් හිතේ හයිය. අනික ශක්තිමත් අරමුණක්.

Related Articles

Don't Miss


Latest Articles