බිරිඳව මිනීමරුවෙක් කල සැමියෙකුගේ කතාවක්

දිගින් දිගටම මූණ දෙන්න වෙච්ච අතවර වලට පුලුවන්ද අහිංසක ගෑණු කෙනෙක්ව මිනීමරුවෙක් කරන්න?

ඔයාලගෙ උත්තරේ මොකක් වුණත් මට මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්. අහිංසක ගෑණු කෙනෙක් වුනත්, පිරිමි කෙනෙක් වුණත් දුක් කරදර, අතවර දරාගන්න පුලුවන් එක් සීමාවක් තියෙනවා. ඒ සීමාව අවසානයෙ ඒ දුක් කරදර වලට පුලුවන් වෙනවා අපිව අපි නොහිතපු අන්තයකට අරගෙන යන්නා.

අද කතාව ඒ වගේ ගැහැණියක් ගැන.

ඔස්ට්‍රේලියාව ජීවත්වෙච්ච වෛද්‍යවරියක් වුණ, ශ්‍රී ලංකාවෙ චමරි ලියනගේව කෙනෙක්ට හිතෙන්නෙ නෑ අවූරුදු ගාණත් අතවර විඳපු කාන්තාවක් විදියට.

තමන්ට ආදරය කරනව කියල විශ්වාස කරපු, ස්කයිප් එක ඔස්සේ එක එක පිරිමින්ට තමන්ව විකුණන්න හදපු සැමියෙක් උන්නු බිරිඳක් විදියට කවුරුවත් කවදාවත් චමරි ලියනගේව දැක්කෙ නෑ.ඒ වගේම 2014 අවුරුද්දෙ ජුනි මාසෙ ජෙරල්ටන්වල ගෙදරදි නිදි ඇඳේදිම සැමියව මරා දැම්ම කාන්තාවක් විදියටත් කිසිම කෙනෙක් චමරිව දැක්කෙ නෑ.

ඒ නිසාමයි චමරි ලියනගේගෙ කතාව අපි අහන්නම ඕන.

2014 ජුනි 24 උදේ හය හමාරට විතර ඔස්ට්‍රේලියාවෙ emergency call line එකට කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නෙ චමරි ලියනගේ කියන කෙනෙක්ගෙන්. අඬන ගමන් චමරි කියනවා “කවුරුහරි කෙනෙක් මගේ සැමියා වෙච්ච දිනේන්ද්‍ර අතුකෝරාලව ගෙදරදිම මරලා දාලා” කියලා. ඒ කෝල් එක අනුව ඉක්මනට කටයුතු කරන පොලිසිය, හදිසි ගිලන් සේවයක් එහෙම චමරිගෙ ගෙදරට යනවා.

ගෙදරට ඇතුලුවෙන පොලිස් නිලධාරින් දකිනවා එයාලට කෝල් එක දුන්න චමරි ගෙදර සෝෆා එකක ගුලිවෙලා අඬ අඬ ඉන්නවා. චමරිගෙයි එයාගෙ සැමියාගෙයි නිදන කාමරේට යන පොලිස් නිලධාරින් දකිනවා දිනේන්ද්‍ර අතුකෝරාල ඇඳ උඩම මැරිලා ඉන්න විදිය.

හැම තැනම ලේ විසිරිලා තියෙන විදිය දකින පොලිසිය තේරුම් ගන්නවා දිනේන්ද්‍ර මිය ගිහින් තියෙන්නෙ ඔලුවට මාර හයියෙන් වැදිච්ච ලොකු පාරක් නිසා බව. ඒ වගේම දිනේන්ද්‍රව මරපු කෙනා එයාව මරලා  තියෙන්නෙ එයා නිදාගෙන ඉද්දි කියන එක බව. කොහොමහරි ඒ අසලින්ම පොලිසිය මේ මිනීමැරුමට හේතුවෙච්ච ආයුධය වුණ විශාල මිටියකුත් හොයාගන්නවා.

පොලිසියට මෙතනදි ඇතිවෙන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ මේ ගෙදරට පිටස්තර කෙනෙක් ඇතුලුවෙච්ච ලකුණක් පේන්නවත් නැති එක. පේන විදියට මේ මිනීමැරුම වෙද්දි මේ ගෙදර ඉඳලා තියෙන්නෙ චමරි සහ දිනේන්ද්‍ර විතරමයි.

ඒ නිසාම තමයි පොලිසියගෙ සැකය චමරිගෙ පැත්තට හැරෙන්නෙ.

ඇත්තටම ඒක කරේ චමරි නම් එයාම ඇයි emergency call line එකට කෝල් කරේ? ඇයි මිනීමැරුම කල ආයුධයවත් හංගලා නැත්තෙ?

ඒ ඇයි කියලා කියනවා මේ කතාව අන්තිමට.

පොලිසිය මේ ගැන චමරිගෙන් ඇහුවම එයා කියන්නෙ මහ අමුතු කතාවක්.

“දිනේන්ද්‍ර මට කිව්වා නිදාගන්න කියලා. ඉතින් මම ලැප්ටොප් එක වහලා නිදාගන්න ගියා. ආයෙ ඇහැරෙද්දි මට මතක තිබ්බෙ නෑ එතන වුණේ මොකද්ද කියලා”

සාක්ශිවලට අනුව පහැදිලිවම පෙනුනත් දිනේන්ද්‍රව මැරුවෙ චමරි කියලා චමරි කියන්නෙම “මට මතක නිදාගන්නවා සහ නැගිටිනවා විතරමයි” කියලා.

ඒ අනුව ජුනි 26 වෙනිදා චමරි ලියනගේ මේ මිනීමැරුමට වරදකරු වෙනවා. හැබයි චමටි තමන් නෙවෙයි මේ මිනීමැරුම කලේ කියල කියන ගමන් ඇපීල් එකක් දානවා. චමරි කියන්නෙ දිනේන්ද්‍ර අතින් තමන්ට කායික මානසික හිරිහැර මහ ගොඩක් වුණා, මේ නඩුවෙදි ඒ කාරණා ගැන පවා විමසලා බලන්න කියලා.

මේ කේස් එක ඔස්ට්‍රේලියාව පුරා ලොකු කතාබහක් ඇති කරනවා. එක එක අය එක එක දේවල් කියනවා. සති තුනක් පුරා පැවැත්වෙන මේ නඩුවෙදි මිනිස්සුන්ට දැනගන්න ලැබෙනවා මේ දිනේන්ද්‍ර අතුකෝරල කියන්නෙ එයාලා හිතපු කෙනා නෙවෙයි කියලා.

චමරිට දිනේන්ද්‍රව හම්බුන මුල් කාලෙදි චමරි හිතලා තියෙන්නෙ එයා හරිම ආදරණීය, තමන් ගැන හොයලා බලන කෙනෙක් කියලා. හැබැයි වෙස් මූණ පිටිපස්සෙ හැංගිල ඉන්න මනුස්සය කවුද කියල චමරිට තේරිලා තියෙන්නෙ පස්සෙ. දිනේන්ද්‍ර චමරි එක්ක සම්බන්ධයක් පවත්වන අතරෙම තවත් කාන්තාවො එක්ක යාලුවෙලා ඉඳල චමරිගෙ අතටම අහුවෙලා තියෙනවා. ඒ හැම වෙලාවකම “ආයෙ එහෙම වෙන්නෙ නෑ” කියලා චමරිගෙන් සමාව ගන්න දිනේන්ද්‍ර අමතක කරන්නෙ නෑ.

මේ ප්‍රශ්න නිසාම චමරි සම්බන්ධෙ නවත්තන්න වගේම සියදිවි නසාගන්න උත්සහ කරපු අවස්තාවත් අනන්තයි. මෙහෙම යද්දි තමයි චමරි – දිනේන්ද්‍ර විවාහය පවැත්වෙන්නෙ. ඒත් විවාහය අතරවාරයෙත් ඉන් පස්සෙත් හැමදේම නරක අතට හැරෙන්න මහ කාලයක් ගිහින් නෑ. දිනේන්ද්‍ර උත්සහ කරල තියෙන්නෙ චමරිව තමන්ට ඕන විදියට පාලනය කරන්න.

දිනේන්ද්‍ර කියන්නෙ කොච්චර විකෘති ලිංගික ආසාවන්ගෙන් පිරිච්ච මනුස්සයෙක්ද කියනවනම් එයා ඒ දෙන්නගෙ මධුසමය වෙලාවෙදි එයාලගෙ හෝටල් කාමරේට ගණිකාවක් ගෙන්න ගන්න පුලුවන්ද කියලා පවා චමරිගෙන් අහලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි දිනේන්ද්‍ර චමරිගෙ දුරකතන අංකය ගණිකාවන් ගෙන්න ගන්න පුලුවන් සයිට් එකකට පවා දාලා තියෙනවා.

චමරි මේ හැමදේම තමන්ගෙ විවාහ ජීවිතේ ඇතුලෙ දරාගෙන තියෙන්නෙ දිනේන්ද්‍ර එයාට දෙන කායික මානසික වද දරාගන්න බැරි නිසා. සමහර අවස්තාවල චමරිට දිනේන්ද්‍රගෙන් ගුටි කන්න පවා වෙලා තියෙනවා. මේ නිසාම චමරි ජීවත්වෙලා තියෙන්නෙ දිනේන්ද්‍රය බයෙන්. ඒ නිසාම චමරි කිසිම වෙලාවක දිනේන්ද්‍රට වචනෙකින්වත් විරුද්ධ වෙලා නෑ.

ඒත් දිනේන්ද්‍ර චමරිට හිංසා කරන එක නතර කරලා නෑ. අතින් පයින් පටන් ගත්ත මේ හිරිහැර පුටු, පිඟන්, රෝලින් පින් වලින් පවා දමලා ගහලා තියෙනවා.

චමරි මේ හැමදේම ලියපු ඩයරි එක තමන්ගෙ නඩුවෙදි උසාවියට ඉදිරිපත් කරනවා.

“එයා මාත් එක්ක සෙල්ලම් කරන්නෙ පූසෙක් වගේ. මම මීයෙක්. එයා මට පණ නැතිවෙනකම්ම වුණත් සෙල්ලම් කරයි. එයාගෙ ඇස්වල ඒ බැල්ම දකින්න මම හරිම බයයි. අනේ දෙවියනේ වේරගන්න” කියල චමරි ඒ ඩයරි එකේ ලියලා තියෙනවා.

තමන්ව දාලා ගියොත් පවුලෙ අයට පවා කරදර කරනවා කියපු දිනේන්ද්‍රව නිදි ඇඳේදිම මරලා දාපු චමරිව ඉන්ටවිව් කරන්න වික්ටෝරියා කුක් කියන Family and domestic abuse expert කෙනෙක් එනවා. එයා දරන අදහසත් මේ නඩුවෙදි ලොකුවට කතාබහට ලක්වෙනවා. එයා කියන කරුණු අතරෙ මේ තරම් කරදර විඳගෙනත් චමරි කාගෙන්වත් උදව් නොඉල්ලන්න හේතුවෙලා තියෙන  හේතු ගොඩක් තියෙනවා.

දිනේන්ද්‍ර තමන්ගෙ පවුලෙ අයට කරදර කරයි කියන එක, මොක උනත් තමන් දිනේන්ද්‍රට ආදරෙයිනෙ කියන එක වගේම, ගෙදර සමාජෙ මිනිස්සු මොනවා කියාවිද කියන එක ඒවයින් ටිකක් විතරයි. ඒ වගේම මෙහෙම ප්‍රශ්නවලට මූණ දෙන අය ඒ ප්‍රශ්න කාටවත් නොකියන එකත් සාමාන්‍ය දෙයක් බව වික්‍ටෝරියා කුක් කියනවා.

දිනේන්ද්‍ර ලොකු කැමැත්තක් දක්වලා තියෙනවා පොඩි ළමයින්ට. එහෙම ගැහැණු ළමයින්ව ගෙදරට ගෙන්ව ගන්න කියලා දිනේන්ද්‍ර චමරිට කරදර කරලා පවා තියෙනවා. මේ විදියට දිනේන්ද්‍රගෙ බල කිරීමට ආව බාල වයස්කාර දැරිවියක් පවා මේ නඩුවෙදි තමන්ගෙ සාක්කි දෙන්න ඇවිත් තියෙනවා.

ඒත් මේ කිසිම දෙයක් දිනේන්ද්‍ර මරපු එකට චමරිට සමාවක් ලැබෙන්නෙ නෑ. මේ සිදුවීම වෙච්ච දවසෙ රෑ චමරි සහ දිනේන්ද්‍ර අතර මත ගැටුමක් ඇතිවෙලා තියෙනවා. ඒ මේ බාල වයස්කාර දැරිවිය හන්දා. දිනේන්ද්‍රට ඕන වෙලා තියෙනව චමරි සහ ඒ ගහණු ළමයා එක්ක ට්‍රිප් එකක් ගිහින් ඒ ගැහැණු ළමයා සමග ඉන්න. ඒත් චමරි ඒකට විරුද්ධ වුණාම දිනේන්ද්‍ර සුපුරුදු සෑලකීමම චමරිට දක්වලා තියනවා. එදා රෑ දිනේන්ද්‍ර නින්දට ගියාට පස්සෙ තමයි චමරි දිනේන්ද්‍රගෙ හිසට පහර දීලා එයාව මරලා දාන්නෙ.

ඒත් චමරිට අනුව එයාට කිසිම මතකයක් නෑ තමන් ඒ මිනීමැරුම කල බවට. දිනේන්ද්‍රව ඝාතනය කිරීම වෙනුවෙන් චමරි වසර කිහිපයකට හිර ගෙදරට යනවා.

නිදහස් වෙලා එන්න පුළුවන් උනත් ඇත්තටම එච්චර අඳුරු අතීතෙක ජීවත්වෙච්ච, අවසානයේ කරදර අතවර දරාගන්න බැරිවෙච්ච තැන මිනීමරුවෙක් වෙච්ච ගැහැණියකට හිතෙන් නිදහසක් ලැබේවිද?

ඔයාලා හිතන්නෙ චමරි හරි ද වැරදි ද?

Related Articles

Don't Miss


Latest Articles