හිතක තැවුල් සංසිඳිලා

“ඇයි පුතේ ඔයා බදින්න බෑ කියන්නෙ.මොකක් හරි ප්‍රශ්නයක් තියනවද? අම්මා මං රට ඉදලා එන්න කලිනුත් මට වයිබර්  කෝල් කරාම කිව්වා ඔයා බදින්න බෑ කියල අඬනවා කියලා. අම්මා පොඩ්ඩක් බනින්න ඇති.ඔයා දන්නවනේ අම්මි හරි ඉක්මනට කලබල වෙනවා කියලා.ඒඋනාට ඔයාට ඕනෙම දෙයක් මේ තාත්තිට කියන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ.”

“එහෙම දෙයක් නෙවෙයි තාත්තේ, මට බයයි.මන් දන්නෙ නෑ කොහොමද මේක කෙනෙක්ට තේරුන් කරවන්නෙ කියලා”

“මොකක්ද පුතේ ඇත්තටම ප්‍රශ්නෙ? ඔයාට බයද මේක මේ අපි කතා කරපු කසාදයක් නිසාත්, ඔයා කලින් යාලුවෙලා ඉදපු සම්බන්දකම් දෙක ගැන ඒ පිරිමි ලමයා මොකක් හරි ප්‍රශ්නයක් ඇදල ගනිවී කියල.”

” නෑ තාත්තෙ එහෙම දෙයක් නෙවි.කලින් සම්බන්ධකම් දෙකක් තිවුනා කියලා එයා මුකුත් හිතන එකක් නෑ කියල මන් හිතනව.ඒ උනාට”

“ඔයාට ඒ කලින් ඉදපු පිරිමි ලමයින්ගෙන් මොකක් හරි ප්‍රශ්නයක් උනාද පුතේ? ඔයාට අපිට ඒක කියන්න බැරි එහෙම දෙයක් නිසාද? ඒ අෆෙයාර්ස් දෙක ඉවර උන වෙලාවෙවත් ඔයා එහෙම ඇඬුවෙ දුක්වුනේ නැති නිසා තමයි අම්මිවත් මමවත් ඒ ගැන හාරැවිස්සුවෙ නැත්තේ. “

“නෑ තාත්තෙ එහෙම දෙයක් නෙවි.මන් එයාව බඳින්න කැමති.එහෙම ප්‍රශ්නයක් නෑ.මන් එයාව දන්නෙවත් නෑ.කතාකරලාවත් නැති නිසා තමයි මන් අම්මට බදින්න බෑ කියල කිව්වෙ.වෙන හේතුවක් නෙවි.මන් බඳින්න කැමතියි.”

ඇඳ උඩ දිගෑරල තිබුන මුතු ඇට අල්ලපු බර සාරිය අතගාන අතරවාරෙ මගේ හිත මාව මාසෙක විතර එහා ඈත අතීතෙකට ඇදගෙන ගියා.කසාද බඳින්න මගේ හිතේ අකමැත්තක් තිබුනා නෙවි. ඒත් මගේ හිතේ ලොකු බයක් තිවුනා. ඒ බයට හේතු වෙච්ච් සාදාරණ හේතුවක් තිබුනා. මගේ කලින් ප්‍රේම  සම්බන්දකම්  දෙකක් බිඳ වැටෙන්නත් හේතු පාදක උනේ, ඒ සිදුවීමමයි.අනිත් පාර්ශ්වය ඒ ගැන දක්වපු ආකල්පයයි.

“දැන් ඉතින් උඹ ඔය ගැන කොයිතරම් කල්පනා කලත් වැඩක් නෑනෙ ලයන්ති. එක්කො උඹට ඔය ඉලව් කසාදෙ වෙන්න කලින්ම ඒ කොල්ලට කියන්න තිවුනා, මෙහෙම ගැටළුවක් තියනවා කියලා.එහෙනම් එක්කො ඌ ඒක තේරුම් ගනිවී, නැත්තම් කසාදෙ කරන්න බෑ කියලා උගේ මව් දෙමව්පියන්ට කියාවි.උඹ මේ කරපු වැඩෙන් වෙන්නෙ ඉතින් දැන් උඹලම ඔය ප්‍රශ්නෙ කතාකරලා විසඳගන්න එක.වෙන කරන්න දෙයක් නෑ.”

මට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ ඇත්තටම. මගේ නිහඬතාවය නිසාම ශෙහානි කාමරේ හරහා ඇවිත් ඇඳ උඩින් වාඩිවෙලා මගේ උරහිසෙන් අත තියලා ආයෙමත් කතා කරා.

“දැන් ඇත්තටම උඹ ඔය කියන ඉස්සර වෙච්ච සිද්දිය වෙන කවුරුත්ම දන්නෙ නැද්ද බං? අඩුගානේ කෝසලයි මලින්දයි දන්නෙත් නැද්ද?”

“ඒ දෙන්නා දන්නවා.ඒ නිසාම තමා එයාල අෆෙයාර් එක නැවැත්තුවෙ මන් හිතන්නෙ.අනේ මන්දා ශෙහා.මට වෙලාවකට හිතෙනවා.මේක අම්මලාට කිව්වනම් ඉවරයි කියල.එහෙනම් මේ කසාදෙ වෙන්න එක්කෝ සනුශ්ක මේ ගැන දැනගෙන .එහෙනම් හිතට මෙහෙම කිසි වදයක් නෑනේ.”

“සමහරවිට අවුරුදු ගාණක් ඉදලම එංගලන්තෙ වගේ රටක ජීවත් වෙච්ච කොල්ලෙක් නිසා, සනුශ්ක සමහරවිට ඕවා ගැන අපිටත් වඩා දන්නවා ඇති බන්.කොල්ලොනෙ.උඹට ඕක කතාකරලා විසඳගන්න ඇහැකි වෙයි කියල මට හිතෙනවා.බයවෙන්න එපා.මන් ඉන්නවනේ.අපි බලමුකො.”

ඇස් වල මන් ගැන ඇතිවුන අනුකම්පාව වේදනාව ආදරේ පිරිච්ච බැල්මක් පුරවගත්ත ශෙහානි මගේ ඇස් වලින් බේරිලා සාරිය උඩට වැටෙන්න ගියපු කඳුලු බිංදුවකට එයාගෙ අත උඩ විසිරිලා යන්න ඉඩකඩ හදලා දුන්නා.

“බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විදිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී”

“රත්නායක මුදියන්සේලාගේ සනුශ්ක දේශාන් කුලතුංග වන මම මෙහි සිටින ලයන්ති අභිශේකා සේනාරත්න යන අයව මාගේ දයාබර භාර්‍යාව ලෙස භාරගන්නා බවට මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිව්රා
පොරොන්දු වෙමි”

විවාහ පොරොන්දුව දෙන ගමන් සනුශ්ක මන් දිහා ආදරණීය බැල්මක් හෙලුවා.නිරුත්තර දෑස්කින් එයා දිහා බලමු මගේ අත මේසෙ යටින් අතදාලා හෙමින් සැරේ අල්ලපු සනුශ්ක ගෙ අතේ තිබුන උණුහුමට මගේ ඇඟ සීතල වෙලා ගියා.

අශ්ටක, ජයමංගල ගාථ, කිරි කච්චි පිළිගැන්වීම් හැමදේකටම පස්සෙ නැකැතට පෝරුවෙන් බැහැලා අළුත් ජීවිතේකට පියනගන්න අවසර ලැබුන මමයි සනුශ්කයි අපේ මධුසමය ගතකරන්න හිතාගෙන ගියේ  ජෙට්වින්ග් යාත්‍රා කියන බෝට්ටුවට.මුලු රැයක් පුරාවටම ගඟ දිගේ ගමන් කරන ඒ බෝට්ටුව ආයෙමත් උදේට තොටුපළට එනබවත් , අළුත විවාපත් යුවලකට කිසිම බාදාවක් නැතුව තමන්ගෙ පලවෙනු රෑ ගතකරන්න එතන හොඳයි කියලා එයා හිතුව බව එහෙට යන අතරවාරෙ සනුශ්ක හෙමින් කිව්වා.

“අම්මලා කිව්ව නිසාත්, ලස්සන මනමාලියෙක් වෙන එක ඕනෙම කෙල්ලෙක්ගෙ හීනයක් නිසාත් තමයි ලයන්ති මන් ඔය වෙඩින් එකක් ගමු කිව්වම කැමති උනේ.මන් නැත්තම් ඇත්තටම කැමැත්තෙන් ඉදියෙ පුංචියට ලස්සන තැනක කීප දෙනෙක්ට විතරක් කියල පොඩි එන්ගේජ්මන්ට් එකක් ගන්න.හැමදේම කොයිතරම් කලබලේකින් උනාද කිව්වොත් අද කසාදෙ දි කියනකම්ම මන් ඔයාගෙ සම්පූර්ණ නමවත් දැනගෙන ඉඳියෙ නැහැ ලයන්ති. ඒකට කමක් නැහැ අපි අද ඉදල ජීවිතේට මූණ දෙන්නෙ එකට.හෝම්කමින් එක ආයෙ එන්නෙ දවස පහකින් නිසා ඒ දවස් ටිකේ අපි පුළුවන් තරම් උත්සාහ කරමු අපිව තේරුම් ගන්න.”

සනුශ්ක ඩ්‍රයිව් කරන් යන්න කැමතියි කිව්ව නිසාම යාත්‍රා බෝට් එකට යන්න එයාව කාර් එක අරගෙන ගියා. ඒ යන අතරවාරෙදි මන් වචනයක්වත් නොකිව්ව තරම්.ඒත් සනුශ්ක කතාකරපු විලාසෙන්, මන් විසින් නොදැනුවත්වම උනත් අපේ අම්මල තාත්තලා මට විවාහ කරවලා දීලා තියෙන්නෙ මට ගැලපෙන අදහස් තියෙන කෙනෙක් කියලා මට යාන්තමට වගේ හිතුනා.ඒත් මුළු ගමන පුරාවටම මගේ හිත ඇතුලෙ සැඟවිලා තිබුන බය මගේ හිත හෙමිහිට කෙනිත්තුවා මට දැනුනා.

“අපි බහිමුද?” කියල සනුශ්ක අහන සද්දෙට මේ ලෝකෙට ආව මම දැක්කෙ අඩ අඳුරෙ ඈත තොටුපලේ ලන්තෑරුම් එලියකින් දිලිසෙමින් තිබුන යාත්‍රා බෝට්ටුව.බෝට්ටුවට නගින්න යන්න ගඟ උඩින් දාපු ලී පාලමක් තිබුනා.

“සර්ලා දිගටම ඔහොම යන්න.අපි බෑග්ස් අරගෙන එන්නම් සර්.”

එහෙම කියපු උදව්වට ආව පිරිමි ලමයට ස්තූතිවන්ත හිනාවකින් සංග්‍රහ කරපු මම ඉස්සරහට යන්න අඩිය තියද්දිම මගේ  හැට්ටේ සහ සාරියෙ අතර මැද නිරුවත්ව තිබුන  ඉණ වටේ ගියපු සනුශ්කගෙ අතේ උණුසුමට මාව එයා දිහා බලන්න පෙලඹවූවා.

“මන් ඔයාව අල්ලගෙන එන්නම් ලයන්ති.පාලම ටිකක් ලිස්සනවා.මෙහෙට වැහැලා වගේ.ඔයා ලිස්සුවොත්.ඒනිසා මට වාරුවෙලා යන්න.බයවෙන්න එපා”

සනුශ්කගෙ ආදරණීය වචන එක්කම ආදරණීය බැල්ම දරාගෙන මන් හෙමිහිට ඉස්සරහට ගියා.

” සර්ලා විතරයි අද මුලු බෝට් එකටම ඉන්නෙ.සර් රිසර්ව් කරපු නිසාම අපි වෙන කිසිම රෙසවේශන් එකක් අපෲ කලේ නැහැ.”

අපේ බෑග් අරගෙන පිටිපස්සෙන් ආපු පිරිමි ලමයා සනුශ්ක එක්ක එහෙම කිය කිය එද්දි තමයි මට තේරුනේ සනුශ්ක මේ එක දවසකට සෑහෙන වියදමක් දරලා කියලා.මන් ඉස්සර ඉදලමා පරිසරයට මේ වගේ තැන්වලට සෑහෙන ආස කරපු කෙනෙක්
හිත යට මොනතරම් බයක් තිබුනත් මේ අවස්තාව හරියට හීනයක් ඉටුවීමක් නේද කියල මට නොහිතුනාම නෙවෙයි.

“මට ඕන උනා ලයන්ති ඇත්තටම ටිකක් තනිවෙන්න ඔයත් එක්ක.ඒකයි මම බෝට් එක රිසර්ව් කලේ.අපිට හරියට කතාකරන්නවත් කාලයක් ලැබුනේ නැහැ.මමත් රට ඉදපු නිසා අපිටමුණගැහෙන්නත් විදියක් තිබුනේ නෑනේ.මෙතන හොයාගන්න ටිකක් අමාරුත් උනා.මන් හරි ආසයි ලයන්ති මේ වගේ වටපිටාවකට.හනිමූන් එකට යන තැන ගැන මන් ඔයාගෙන් නිකමටවත් ඇහුවේ නැති එක ගැන ඔයා තරහා නෑ නේද?

බෝට්ටුවට නැගලා කලුවරේ උනත් හඳ එලිය වැටිලා ලස්සනට දිලිසෙන අවට සුන්දරත්වය බලමින් කාමරේ දිහාවට ඇවිදන් ගියපු මගෙන් සනුශ්ක එහෙම ඇහුවාම, නෑ කියලා හිස වනපු මන හෙමිහිට හිනාවෙලා බිම බලාගත්තා.

බඩගින්නක් නැති නිසා කෑම ඕඩර් නොකරන්න තීරණය කරපු අපි වොශ් එකක් දාගෙන මහන්සිය නිවාගන්නයි තීරණය කලේ.

“ඔයා ඉස්සෙල්ලා ඇඟ සෝදන් එන්න.මට මේ මාල වලලු, ඔලුවට ගහපු මල් එහෙම ගලවගන්න සෑහෙන වෙලා යවි සනුශ්ක .ඔයා ඇඟ සෝදන් ආවට පස්සෙ මම යන්නම්.කොහොමත් මට නාන්න වෙනවනේ”

” හරී, ඉස්සෙල්ලා මන් ඔයාට උදව් වෙන්නම් කොණ්ඩෙ එහෙම ගලවගන්න. ඔයාට මහන්සිත් ඇති මේවා මේ පටලවගෙන ඉදලා.අනේ හෝම් කමින් එකට ඔච්චර කරන්න ඕන නෑ ලයන්ති.ඔයා මේක් අප් නැතුවත් හරිම ලස්සනයි.නිකන් මේ වගේ මහන්සි වෙන්න එපා.ඉස්සෙල්ලා ඔයා මේ සාරිය ගැලෙව්වනම් ලේසි වෙයි.නැත්තම් කොන්ඩෙ එහෙම ගලවලා සාරිය ගලවන්න ගියාම කරදර වෙයි.ඔයාගෙ කොන්ඩෙත් දිගයිනේ. ලැජ්ජ වෙන්න එපා අපි දෙන්නා විතරනේ ඉන්නෙ.ඔයා සාරිඑක ගලවලා බ්ලවුස් එකයි අන්ඩර් ස්කර්ට් එකයි පිටින් ඉන්න.මන් කොන්ඩෙ කටු, මල් ගලවලා දෙන්නම්.”

සනුශ්ක  එහෙම කියලා එයා ඇදගෙන ඉදපූ බ්ලේසර් එක ගැලෙව්වා.එයා මට වඩා ගොඩාක් උස කෙනෙක් නේද කියලා මට එවෙලේ තමා හිතුනේ. එයා බ්ලේසර් එක ගලවන අතරවාරේ හෙමිහිට පහලට නැවිලා මෙච්චර වෙලා කකුල් දෙකට වද දීපු අඩි උස සපත්තු ගලවන්න මන් දරපු උත්සාහය එතනට ආපු සනුශ්ක නැවැත්තුවා.
 හෙමින් සැරේ මගේ සපත්තුවෙ බකල් එක ගලවපු සනුශ්ක “ඔයාගෙ කකුල කැපිලානේ ලයන්ති” කියල කිව්වෙ හරිම වේදනාවකින්.

හෙමින් සැරේ කොණ්ඩෙට ගහපු මල්, කටු  ඔක්කොම ගලවලා ඉවර කරපු සනුශ්ක, මන් නාගෙන එනකම් බලාගෙන ඉඳියා.

“කෝපි එකක් බොනවාද? සීතලයි නේද?”

එහෙම කියලා කෝපි අරන් එන්න සනුශ්ක එලියට ගිය අතරවාරෙ මන් අපේ කාමරෙන් එලියෙ තිබුන පුංචි බැල්කනියට ආව.හඳ එලිය වැටිලා ගං දිය දිලිසුනේ හරියට මුතු ඇට අමුණපු මාලයක් වගේ. මුළු ඇගම හීතල කරගෙන යන සුලග , සත්තුන්ගෙ සද්ද, කණාමැදිරි එලි අවට වටපිටාව හරිම ලස්සන තැනක් බවට පරිවර්තනය කරලා තිබුනා.

“මන් කිව්වනෙ මෙතන හරි ලස්සනයි කියලා.මාරම අමාරුවෙන් තමා ලයන්ති මෙහෙම තැනක් හොයාගත්තෙ ලයන්ති.ලස්සන තැන් නම් ඕන තරම් තියනවා, ඒඋනාට මේ වගේ ලස්සන නිස්කලංක තැනක්, සයිලන්ට් තැනක් හොයාගන්න හරි අමාරුයි.”

මගේ පිටිපස්සෙන් ඇවිත් මාව බදාගත්ත සනුශ්ක එහෙම කියද්දි ඊලගට මම මොනවද කියන්න ඕන කියල මට හිතාගන්නවත් බැරිඋනා.

 “ගඟේ වතුර උඩ වැටුන හඳ එලියේ ඇවිදගෙන ගියානම් හඳටම යන්න තිබුනා නේද?”
 සනුශ්ක වචන  වලට හරවලා කියුවේ මගේ හිත ඇතුලේ තිබුන සිතුවිල්ලක්. ඒ කිසිම දෙයක් ඒ අවස්තාවේ හිතන්න මට බැරිඋනේ මට තාමත් සනුශ්කට කියාගන්න බැරිඋන බය මාව පණ තියන පිළිමයක් බවට පත් කරවලා තිබුන නිසා.

“ඔයා ඉන්නෙ බයෙන් කියලා මන් දන්නවා ලයන්ති. ඒ කිසිම දේකට බයවෙන්න එපා.මන් ඔව්ව ගැන හිතන කෙනෙක් නෙවි.”

එකපාරම සනුශ්ක එහෙම කිව්වාම මට හිතාගන්නවත් බැරිඋනා.සනුශ්ක මොනවා ගැන දැනගෙනද මේ කතාකරන්නෙ කියලවත් මට එකපාර හිතාගන්න බැරිඋනා.තිගැස්සුන, විමතිය පිරුණ ඇස් වලින් මමඑහෙම සනුශ්ක දිහාවට හැරුනා.

“ඔයා.. ඔ.ඔ..යා ද.. දන්… දන්නේ කොහොමද?”

“බයවෙන්න එපා ලයන්ති.ශෙහානි තමයි මට කතාකරලා විස්තර කිව්වෙ.එයා ඇත්තටම හොඳ යාලුවෙක් ලයන්ති .ඒ ලමයා ඔයාට හරි ආදරෙයි.එයා හිතලා තියෙන්නෙ මන් ඔයාව බඳින්න බෑ කියාවි කියලා මේවා දැනගත්තට පස්සෙ.
ඔයා සෙක්ස් වලට බයයි කියලාත් ඒකට හේතුව ඔයාට ඉස්කෝලෙ කාලෙ මූණ දෙන්න උන සිදුවීමක් කියලත් මට ශෙහානි කිව්වා ලයන්ති.ඔයාගෙ ඒ බය නිසා ඔයා, ඒ වගේ ඒවටකතාකරපු ඔයාගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ලා දෙන්නට බෑ කිව්ව බවත්, ඒනිසා එයාල ඒ සම්බන්දෙ නවත්තපු බවත් මට ශෙහානි කිව්වා. ඔය වගේ දේවල් සාමාන්‍යයි.ඔයා ඒ ගැන කිසිම දෙයක් හිතලා හිත රිදෝගන්න ඕනෙ නෑ.ලෝකෙ කොයිතරම් දියුණුද? ඕවට ඕන තරම් විසඳුම් තියනවා. අපි දැන් හෝම්කමින් එකෙන් දවස හතරකට පස්සෙ ආයෙ ඉන්ග්ලන්ඩ් යනවනේ.එහෙදී ඩොක්ටර් කෙනෙක්ව කන්සල්ට් කරවමු බබා. මට ඕනෙ අපේ එකතුවීම ඔයාට ලස්සන සුන්දර මතකයක් කරවන්න මිසක් ඔයාගෙ ඇගටවත් හිතටවත් වේදනාවක් දෙන්න නෙවෙයි.මන් දන්නවා ඔයා හොඳ කෙල්ලෙක් .ශෙහානි මේ කතාව මට කිව්ව එක ඇත්තටම හොඳයි ලයන්ති.මට එතකොට තමා තේරුණේ මන් ඔයාව කොයිතරම් ආදරෙන් පරිස්සම් කරගන්න ඕනද කියල. වෙලාවකට මට හිතුනා එහෙම උන එක කොයිතරම් හොඳද? එහෙම නොවුනානම් ඔයාව මට අයිතිවෙන්නෙ නෑ නේද කියල. ඒනිසා බයවෙන්න එපා. හැමදේටම අපි එකට මූණ දෙමු ලයන්ති. ඔයාගේ ජීවිතේ දුක සතුට දෙක ලඟදිම මම ඉන්නවා.ඒ ගැන සැකයක් අහිතක් හිතන්න එපා.”

ගඟක් ගලන්න වගේ හෙමිහිට කියාගෙන ගියපු සනුශ්ක ගෙ කතාව අවසන් උනේ එයාගෙ නිරුවත් පුළුල් පපුව මගේ උණු කඳුලින් තෙත් කරන ගමන්. අම්මලා තාත්තලා මොනදේ උනත් මට හොයලා දීලා තියෙන්නෙ මට සුදුසුම කෙනා නේද කියල මට තව පාරක් හිතුනා.

“අඬන්න එපා ලයන්ති. අපි ඇඳට ගිහින් කතාකරමු ඔයාට මහන්සිත් ඇතිනෙ. අනික කකුලත් කැපිලා තිබුනා සෙරෙප්පු දෙකට.”

හෙමින් සැරේ මාව එයාගෙ අත් දෙකෙන් වඩාගත්ත සනුශ්ක මාව ගෙනැත් ඇඳ උඩින් තිවුවා.
බැල්කනියට යන වීදුරු දොර වහල ඇවිත් මගේ එහා පැත්තෙන් හාන්සිඋන සනුශ්කට තුරුල් වෙන්න, ඒ ආදරේ විඳින්න තවත් හේතු කාරණා මොකටද?

හිතක තැවුල් සංසිඳිලා
මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා… මටත් වාසනාවන්
රෑසියන්ගෙ නොනිමි නාද
සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
හෙටත් වාසනා…හෙටත් වාසනාවන්…

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles