“එන්න බෑ කිව්වට මන් දන්නවා ඔයා එනවා කියලා”
අසේල එහෙම කියලා හයියෙන් හිනාවුනා. එයා හිනාවෙන විදියට මට හරියට ලැජ්ජ හිතෙනවා. අසේලට තිබුනේ ගැඹුරු කටහඬක්. මං එයාගේ ඒ කටහඬට තමයි ගොඩක්ම ආස කලේ.
මීට මාස දෙකකට කලින් දවසක් ගැන හිතුවොත්, මන් අසේල කියන කෙනාව දන්නේ මම වැඩ කරන ආයතනයේ තවත් එක කළමණාකරුවෙක් විදියට විතරයි.ඔෆිස් එකේ ගෲප් චැට් එකක අසේල සින්දුවක් කියලා දාපු වීඩියෝ එකකට මම දාපු විහිළුවක ප්‍රථිපලයක් විදියට තමයි අසේල මට මුලින්ම වට්සැප් එකෙන් කතාකලේ.
“මොකද මේ මම සින්දු කියන වීඩියෝ වලට හිනාවෙන්නෙ?”
ඒ වෙනකනුත් මම අසේලව දැනගෙන ඉදියෙ ටිකක් සැර පරුශ කෙනෙක් විදියට. අඩි හයකටත් වඩා උස ගැඹුරු කටහඬක් තිබුන අසේල ඇත්තටම කඩවසම්.ඒත් මගේ හිතේ එයා ගැන තිබුනේ ගෞරවසම්ප්රයුක්ත බයක්. ඔෆිස් එකේ ගොඩක් කෙල්ලො නම් අසේලට හරිම කැමැත්තෙන් ඉදියා.නමුත් එයා ඒ කිසිම කෙනෙක්ට විශේෂත්වයක් කරා කියල නම් මට ආරංචි වෙලා නෑ.නැත්තම් මං ඒ ගැන හොයන්න උනන්දු උනෙත් නෑ.
“අනේ නෑ, මන් නිකන් එහෙම රිප්ලයි කලේ. I am sorry. ඔයා සින්දුව කියනවා හරිම ලස්සනයි”
“නෑ අනේ මම විහිලුවක් කලේ.ඉතින් සමුද්‍රා ඔයා කොහෙද ඉන්නෙ ? ගෙදරද?
“නෑ අසේල මම බෝඩ් වෙලා ඉන්නේ. ගෙදර ඉදන් එන්න බෑනේ.ගාල්ලෙනෙ ගෙවල්.
“අම්මෝ එහෙමද? කොහෙද බෝඩ් වෙලා ඉන්නේ?”
“නුගේගොඩ”
“නුගේගොඩ? ශා ලඟයිනේ.මන් ඉන්නෙත් ඔය ලඟ.නුගේගොඩ කොහෙද ?
“ඔයාත් නුගේගොඩ ද? මන් ඉන්නේ නාලන්දාරාම පාරෙ”
“මන් ඉන්නෙත් නාලන්දාරාම පාරෙනෙ.ඔයා ඉන්නෙ කොයි හරියෙද?”
“එහෙමද? මන් ඉන්නෙ අර වංගුව හැරිලා එද්දි….”
“හෝව් හෝව් මන් බොරු කිව්වෙ අනේ.මන් ඉන්නෙ කොල්ලුපිටියෙ.විහිලුවක් කලේ”
“හරි නරකයි ඔයා.”
අසේල හයියෙන් හිනාවුන විදියට මට ලැජ්ජත් හිතුනා.
“තරහයිද?”
එයා ඇහුවෙ හරිම ලස්සන මුදු විදියට.එයාගෙ ගැඹුරු කටහඩින් එහෙම අහද්දි මට ඒක දැනුනෙ වෙන ලෝකෙක ඉදන් එයා මට කතාකරනවා වගේ
ඔහොම දවස් කීපයක්ම අසේල මාත් එක්ක කතාකරා.තාක්ෂණයට පින්සිද්ද වෙන්න අපි සෑහෙන ලන්වුනා කිව්වොත් හරි. අසේලට ලස්සනට සින්දු කියන්න පුලුවන්.ෆෝන් එකෙන් මොන තරම් දේවල් කතාකරත් ඔෆිස් එකෙදි අපි ඉදියෙ හරියට නාඳුනන දෙන්නෙක් වගේ. ඔෆිස් ඇරිලා ගෙදර ඇවිත් කාල බීල ෆෝන් එකත් අරගෙන ඇදට පනින අපි දෙන්නා රෑ එක දෙක වෙනකම්ම කතාකලා. රටේ ලෝකෙ දේවල්, අපේ අනාගත බලාපොරොත්තු, සින්දු වගේ ගොඩක් මාතෘකා ඔස්සෙත් අපි කතාකලා. ඒ හැමදේටම යටින් හරියට අලුත් වැස්සක් වැටුනාම දලු ලන්න බලාගෙන ඉන්න ගහක අංකුරයක් වගේ ආදරේ අංශු මාත්‍රික හැඟීමක් හිත යටින් මෝදු වෙන්න පටන් අරන් තිබුනා. අසේලගෙ හිත ඇතුලෙත් එහෙම හැඟීමක් තියෙන්න ඇති කියලා එයා කතාකරපු විදියෙන් මට තේරුනා.
“මේ සමුද්‍රා ඔයා මේ සතියෙ සෙනසුරාදා ගෙදර යනවද?
“නෑ අසේල ගිය සතියෙ ගියපු නිසා මේ සතියෙ යන්නෙ නැහැ.අනික මන් මේ සතියෙ පොත් ටිකක් ගන්න යන්නත් හිතාගෙන ඉන්නෙ.”
“ආහ් මේ සෙනසුරාදා ට අපි මීට් වෙමුද ? රෙස්ටුරන්ට් එකකට ගිහින් මොනවාහරි කන ගමන් කතාකරන්න පොඩ්ඩක්. එන්න පුළුවන්ද ?” Please
“ම්ම්ම් හා.ඕකේ”
“අපි මෙහෙම කරමු, මන් මගේ මෝටර් රථයෙන් ඔබව රැගෙන යාමට නුගේගොඩට පැමිණෙන්නම්. අපි එතනින් ඔයාගෙ පොතුත් අරගෙන මොනවහරි කන්න යන්.
අසේල ඒක කියපු විදියට මට හිනාත් ගියා.අන්තිමේ සෙනසුරාදාට මුණගැහෙන්න ප්ලෑන් කරගෙන ඉන්න අතරවාරෙ තමයි අසේල ඊට දවස දෙකකට කලින් කතාකරලා අපි අද මීට් වෙමු කියලා කිව්වෙ.ලැජ්ජ හිතුන නිසා බෑ කිව්වත් හිත යට තිබුනේ ලොකු කැමැත්තක්.මෙච්චර දවසක් ෆෝන් එකෙන් විතරක් කතාකරපු එයා එක්ක හැබෑවටම කතාකරන්න.
“”එන්න බෑ කිව්වට මන් දන්නවා ඔයා එනවා කියලා”
“අනේ අසේල සෙනසුරාදාට ඉතින් එන්නම් කිව්වනේ.”
“හරී සෙනසුරාදාටත් එන්නම්.අද ඒකට පෙරහුරුවක් විදියට මුණගැහෙමු.”
“ඔයා නම් අනේ හරිම කෝළමක් තමයි”
මම එහෙම කිව්වෙ හිනාවෙවී නොකියා හා කියන ගමන්.
ඔෆිස් ඇරිලා අසේල එනකම්, මම බොරැල්ලෙ හන්දියේ ඉදියා.ඈත එයාගෙ කාර් එක එනවා දැක්කම මට ලැජ්ජත් හිතුනා.හිත යටින් අමුතු හැඟීමක කැලතුන සතුටකුත් මෝදු වෙනවා මට දැනුනා. අසේලගෙ කාර් එක හරිම ලස්සන ක්ලැසික් කාර් එකක්. ගොඩක් මිනිස්සුන්ගෙ කාර් එලියෙන් ලස්සන උනාට ඇතුල කහල ගොඩක් වගේනේ.ඒත් අසේලගෙ කාර් එක හරිම ලස්සන පිරිසිදු මම කැමති විදියෙ කාර් එකක්. ඒ කාර් එක ඇතුලෙ තිබුන සුවද මට හරිම හුරුපුරුදු සුවඳක් වුනා කාලයත් එක්කම.
“කොහොමද?
“හොඳයි.”
“මොකද මේ බිම බලාගෙන? මට මූණවත් පෙන්නන්නෙ නැද්ද ?
” “
“ලැජ්ජයිද? පුදුම ලැජ්ජාවක්නෙ මේක.පොඩ්ඩක් මං දිහාත් බලන්නකො ඉතින් බිම බලාගෙනම ඉන්නෙ නැතුව”
හිනාවෙවී අසේල කියන දේවල් වලට මට ඇත්තටම හරිම ලැජ්ජාවක් තමා ඇතිවුනේ.
“අපි කොහේද යන්නෙ” මං එයා දිහා නොබලාම එයාගෙන් ඇහුවා.
“මට ටිකක් කතාකරන්න ඕනෙ. බීච් එක පැත්තට ගිහින් කාර් එක නවත්තන් කතාකරමුද?”
හිස වනලා හිනාවෙලා දුන්න මගේ අනුමැතියත් එක්ක අසේල කාර් එක වැල්ලවත්ත බීච් එක පැත්තට අරගෙන ගියා. යන අතරවාරෙ එයා කියපු දේවල් වලට හිනා වෙවී ගියා මිසක් පාර දෙපැත්තෙ මොනවාද වෙන්නෙ කියලවත් මට අදහසක් තිබුනේ නෑ.
මූද අද්දරට වෙන්න කාර් එක නවත්තලා අපි කාර් එකේ ඉදගෙනම කතාකරන්න තීරණය කලා.
“ඉතින් කියන්නකො සමුද්‍රා? සමුද්‍රය ඈතින් පෙනෙන මේ දසුනට ඔබ කැමතිද?”
අසේලත් කතාකරන විදියට මට හිනාත් ගියා.වෙලාවකට පුදුමයිත් වගේ.ඔෆිස් එකේදි හරිම සැරපරුශ විදියට හැසිරෙන ඇත්තටම රලුයි කියල මම හිතපු ඒ කෙනා මෙහෙම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වන විනෝදකාමී සුන්දර කෙනෙක් කියලා මම හිතුවෙවත් නැහැ.
“ඔයාලයි ගෙදර ඉන්නෙ කවුරු කවුරුද?
“අපේ ගෙදර ඉන්නෙ මමයි, අයියයි, තාත්තයි.අයියා බැඳලා.එයාගේ නෝනයි බබයිත් ඉන්නවා.”
“අපේ ගෙදර ඉන්නෙ මමයි, මල්ලියි, අම්මයි තාත්තයි.”
“මන් දන්නවා.” අසේල කිව්වෙ හිනාවෙවි.
“ඒ කොහොමද?”
“මන් ඔයාගෙ ඔක්කොම විස්තර බැලුවා අපේ ඔෆිස් ඩේටා බේස් එකෙන්. දැනගෙන ඉන්න එපාය ඉතින් කවුද ඇත්තටම මේ බටුඇටේ කියාල. ගම්මිරිස් ඇටයක් වගේ ඉදියට සැරයි කියලනම් මන් දන්නවා.”
“ඒ කොහොමද ?”
“මන් දැක්කා දවසක් අර බස් එකට නගින්න ඉද්දි අනන් මනම් කියපු කොල්ලෙක් දිහා ඔරවලා බලනවා. එහෙම ඔරවන්න එපා අනේ.බය හිතෙනවනේ.”
“අම්මෝ ඔව් අනේ එදා නම් ඒ කොල්ලා පුදුම වදයක් දුන්නෙ. ඔයාලගෙ අම්මා නැද්ද?”
“අපේ අම්මා අවුරුදු දෙකකට කලින් නැතිවුනා සමුද්‍රා . කැන්සර් එකකින්”
“I am sorry අසේල .මන් දැනගෙන ඉදියෙ නැහැ.අනේ මට සමාවෙන්න ඔයාගෙ හිත රිදුනානම් මන් අහපු දෙයින්.”
” නෑ අනේ ඒකට කමක් නෑ.ඒ මන් ගෙවපු ඉතාම නරක කාලයක් සමුද්‍රා. I have gone through the hard times. අම්මි නැතිඋනා.මගේ ත්‍රී ඉයර්ස් තිබුන අෆෙයාර් එකක් බ්රේක් අප් උනා.”
“I am sorry again.එහෙම තමා අසේල , ජීවිතේ අපි බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්නෙ නැහැ නේද. එන විදියට හිත හදාගෙන ජීවත් වෙන්නයි අපි පුරුදු වෙන්න ඕන.”
මම එහෙම කිව්වම අසේල ඈතින් බැහැගෙන යන ඉර දිහා බලාගෙන ඉදියෙ දුක්බර හිනාවක් දෙතොල් අතර රඳවගෙන.අපිට ඕනතරම් කියන්න පුලුවන් ජීවිතේගැන දුක සතුට ගැන.ඒත් ඒක ඇත්තටම දන්නෙ දුක විඳපු කෙනා නේද කියල මට හිතුනා.කතාව වෙනස් කරන්න ඕන නිසාම මන් එයාගෙන් මොනවහරි අහන්න හිතුවා.
“ඔයා කැතලික්ද අසේල?”
“නෑ මම Christian Methodist”
” ඒ කිව්වෙ? මට තේරුනේ නෑ.”
“අපේ ආගමේ ඔය එක එක බෙදීම් තියනවා සමුද්‍රා. ඒ කිව්වෙ කතෝලික කියන්නෙ එකක්, මෙතෝදිස්ත කියන්නෙ තව එකක්.අපි හැමෝම ක්‍රිස්තියානි තමයි.හැබැයි මම මෙතෝදිස්ත”
” ආහ් අපේ මල්ලි යාලුවෙලා ඉන්නෙත් ක්‍රිස්තියානි නන්ගි කෙනෙක් එක්ක.දැන් ඒකටත් අවුරුදු තුනක් විතර වෙනවා මන් හිතන්නෙ.එයා කතෝලික ද මෙතෝදිස්ත ද කියල නම් මන් දන්නෙ නෑ හැබැයි.”
“ආහ් එහෙනම් ඔයාලයි අම්මලා අකමැති වෙන එකක් නෑ දුවත් ක්‍රිස්තියානි කොල්ලෙක්ව බදිනවට”
“මොකක්ද කිව්වෙ?”
මන් අසේලගෙන් එහෙම ඇහුවෙ හිනාවෙවී.මට නොතේරුනා නෙවි එයා කිව්ව දේ ඒ වුනාට ආයෙ පාරක් ඒක අහන්න මට උවමනාවක් තිබුනා.
“මුකුත් නෑ මුකුත් නෑ.අනේ මන්දා මන් මේ මොනවා කියනවද කියලා”
හිනාවෙවී ඔලුව අතගගා එහෙම කියපු අසේල කාර් එකේ විදුරුවෙන් එහෙම බලාගෙන ඉදල, හෙමින් සැරේ මගේ පැත්තට හැරුනා. ආයෙ පාරක් ලැජ්ජ නිසා මම බිම බලාගත්තා.
“සමුද්‍රා ඔයාට කියන්න දෙයක් මට තියනවා.ඒත් දැන් අද ඒක කියන්න මන් කැමති නැහැ.අපි තව කල් අරගෙන ඒ ගැන කතාකරමු.”
හෙමින් සැරේ මගේ අතැඟිලි එයාගෙ තොල් වලින් ඉඹින ගමන් අසේල කියුවා.මගේ හිත නුපුරුදු විදියකට ගැහෙනවා වගේ දැනෙද්දි මන් හෙමින් ඇස් උස්සලා අසේල දිහා බැලුවා.
හිනාවක් නැතුව, මන් කවදාවත් කිසිම කෙනෙක්ගෙ මුහුණෙන් නොදැකපු බැල්මක් ඇස් වල රඳවගෙන අසේල මගේ ඇස් අස්සට එබුනෙ හරියට මගේ ඇස් පතුලෙ එයා විසින් හංගපු වටින දෙයක් හොයන්න වගේ.
මගේ මුහුණ අරගෙන එයාගෙ උරහිසෙන් රඳවගත්ත අසේල එයාගෙ තොල් ආයෙ වතාවක් මගේ නලලට ලන්කරනවා දැනෙද්දි මම ඇස් වහගත්තා.
“ඔයා හරිම සුවඳයි සමුද්‍රා”
හෙමින් කොදුරපු එයා, මගේ ඉණ වටේ එයාගෙ අත දාල මාව තවත් එයා ලගට ලන්කරගත්තා.කාර් එකේ සීට් දෙක මැද තිබුන සෙන්ටර් කන්සෝල් එක අපි දෙන්නට ලන්වෙන්න බාදාවක් උනත් හිත ඇතුලෙ දෝරෙ ගලපු ආදරේටනම් ඒක කිසිම බාදාවක් උනේ නෑ.ඈතබැහැගෙන යන ඉර එලිය, මුහුදුවතුර උඩට වැටිලා රත්තරන් පාටට දිලිසුනේ හරියට ආදරේ කියන පාටෙන් ඔපනැන්වුන මිනිහෙක්ගෙ හදවතක් වගේ.
“කම්මුල චුට්ටක් ඉඹින්නද?”
ආයෙම වතාවක් මගේ කනට කොදුරපුඅසේල මගේ කම්මුලක් මුදු විදියට සිපගත්තා.
“මන් ආදරෙයි සමුද්‍රා”
අසේලගෙ වදන් හමුවේ ලැජ්ජාව කියන තිරයෙන් වැහුන ආදරෙන් විකසිත වෙලා තිබුන මගේ හිත මාව තවත් එයාගෙ උණුසුම් තුරුලෙ පහසට නතුකලා.මගේ හිතෙත් ඒ හැඟීමම තියනවා කියල කියන්න මට ලැජ්ජ හිතුනත් මාත් එයාට ආදරේ බව මගේ හැසිරීමෙන් අසේල තේරුම් අරන් බව එයා හෙමින් මුමුණපු සින්දුව ඇහෙද්දි මට තේරුණා.
“හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිත පුරා මල් සලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පාවේ
රන් ඕවිල්ලක පාවේ
චමත්කාර යෞවනයේ”
ReplyForwardAdd reaction |