මන්දාරම්, මන්දාරම් ස්වරූපයෙන් පෙනී සිටියදී පවා නිම්නාවී ඔහු කියවාගත්තේ තමා එතරම් කල් මවාගෙන සිටි සෙත් ස්වරූපයෙනි. මන්දාරම් කිසි දිනෙක නොවු තරමේ ආක්‍රමණශීලි බවකුත්, දයාර්ද්‍ර බවකුත් සමාන මාත්රාවන්ගෙන් තමා වෙත එන්නත් කිරීම විඳගෙන නොසැලී සිටින්නට නිම්නාවීට හැකි වූයේ නැත. එන්නත් මාත්‍රා ඇගේ හදවත පුරා පැතිරී යනවිට, ඕ ක්‍රම ක්‍රමයෙන් තමා විසින් තනාගෙන උන් කවචය දියව යන්නට හැරියාය.
” ඔයා තවම අඬන එක විතරයි කරන්නේ නිම්නාවී හූල්ල හූල්ල.. මට කියන්න, මං ඔයාගේ කවුරුත්ම කියලා දැනෙන්නේ නැද්ද ඔයාට ?.. මේ ආත්මේ අපි මුණ ගැහිලා නැතුව ඇති .. ඒත් කලින් සංසාරෙක හුරුවක් ගැනවත් විශ්වාසයක් නැද්ද ?…”
සෙත් මන්දාරම් වර්ණකුල, එකල සියලු බාලිකා පාසැල් වල කෙල්ලන් අතරේ මල්සර ඇස් දරන්නා වූවාට, තමා එහෙම ජනප්‍රිය කෙල්ලක නොවූ බව නිම්නාවී ක්ෂණිකව සිහිපත් කරගත්තාය. තම පාසැලින් මන්දාරම්ට ජෝඩු වෙන්නට බලා උන් කෙල්ල කවුදැයි සිහිව මොහොතකට ගල් වූවාය. මන්දාරම් උසස් පෙළ අවසන් කර විදෙස් ගත වූ ආරංචියක් ආවේ ඇය සමඟ නොවේදැයි කල්පනා වූවාය.
එහෙත් ස්වර්ණා පැවසු ආකාරයට මන්දාරම් විදෙස් ගතව ඇත්තේ උසස් අධ්‍යාපන කටයුතුද නිම කරය. එනම් ඇය සමඟ මන්දාරම් විදෙස් ගත වූවා විය නොහැක. එහෙත්, ඇයද මන්දාරම් හා ඇය අතරේ යම් ළබැඳියාවක් ඇති බව හුවා දක්වමින් හැසිරුන අවස්තා දෙක තුනක්, නිම්නාවී යලි සිහිපත් කරගත්තාය. සුසුමක් හෙලුණි. තමා පාසැල් කාලයේ අතිශය සැඟවී උන් කෙල්ලක නොවූවද, මන්දාරම්ගේ ඇස් ඉදිරියට යා ගන්නට ධෛර්යක් නැතිවූ අවසනාව කල්පනා කලාය. ඒ මදිවාට, තමා ලියූ ලියුම මන්දාරම්ට යැවූ මිතුරියද , මන්දාරම්ට කැමැත්තෙන් උන් කෙල්ලගේ කීම අසා ලිපිය අන් අයෙකු එවූ බව අඟවා ඇති බව තමා පසුව දැනගත් අයුරු ඕ සිහි කලාය.
” නිම්නාවී ….”
” අතාරින්න…”
තමා දෙබාහු වලින් අල්ලාගෙන සිටින , සංසාරණීය හුරුවෙන් තමා බැඳ සිටින පිරිමියා වෙතින් මිදෙන්නට තමාට යෙදිය හැකි අවසාන උත්සාහයද ඉතා අඩු සාන්ද්‍රණයකින් යෙදුවාය. එහෙත් ,මන්දාරම් උන්නේ කිසිඳු උත්සාහයකින්වත් ඇයටත් තමාගෙන් ගැලවී යන්නට නොහී තරමින් ඇයව අල්ලා බැඳගෙනය.
” අතාරින්නම් .. කියන්න මට මම කවුරුත්ම නෙවෙයි කියලා ඔයාට … මගේ දිහා බලලා කියන්න නිම්නාවී ..”:
” මට මෙහෙම කරන්නෙපා ..ප්ලීස්..”
නිම්නාවී ඉන් පසු ඉතා අඩු උත්සාහයන්ද යෙදුවාය. එහෙත් මන්දාරම් උන්නේ උත්කර්ෂය ගිලිහෙන්නට නොදී, ඒ උත්කර්ෂය මඟින්ම ශක්තිය තනාගෙනය.
” මටත් මෙහෙම කරන්නෙපා නිම්නාවී …”
” මම …”
” ආයේ ආයේ මට මතක් කරන්න ඕනි නෑ නිම්නාවි. මම දන්නවා ඔයා මෙහෙ ආවේ අම්මව බලාගන්න බව. ඒ වගේමයි, මම දන්නවා ඔයා මේ කරන දේ පිටිපස්සේ මම නොදන්න කෑල්ලකුත් තියෙන බව.. මම ඒක අහන්නේ නෑ නිම්නාවී දැන් .. ඔයාට හිතෙන දවසක ඔයා මට ඒක කියන්න .. ඒකට කමක් නෑ.. ඒත්, පැනලා යන්න උත්සාහ කරන්නෙපා …”
නිම්නාවී තිගැස්සුණාය්. චානකගේ තීක්ෂණාත්මක දෑස් සහ ඇනුම්පද කෙරෙන්ද නිම්නාවී යම් කුහුලක උන්නාය. තම හැසිරීම් සහ ඇතැම් කතා බස් තුළ ඔවුනට යම් සැකයක් හට ගැනීමේ හැකියාවක් ඇති බව සිතමින් ඕ සිතා මතාම කල්පනාවෙන් හැසිරුණාය. එහෙත් දැන් මන්දාරම් මෙලෙසින් පවසද්දී ඕ තිගැස්සීම අරුමයක් නැත.
” මං ….එහෙම …”
ඕ යමක් ගලපා ගන්නට උත්සාහ කරද්දී, එලෙස අවශ්‍ය නැති බව ඇස් වලින් අඟවා නිම්නාවී නිහඬ කරවන්නට මන්දාරම්ට හැකි විය.
” මට හිතන්න දෙන්න …”
නිම්නාවී එක්වරම කීවාය.
” හරි …”
” එහෙනම් අතාරින්න යන්න මට…”
” කොච්චර කල් හිතනවද ?…”
නිම්නාවී එයට පිළිතුරු නොදී, යම් ඉල්ලීමක් වෙනුවෙන් සකසා ගත් මුහුණක් පෙන්වූවාය.
” පැය විසි හතරක් ඇති.. හෙට එන්නේ නෑනේ .. හෙට කල්පනා කරලා අනිද්දා එන්න …”
මන්දාරම් නිම්නාවීව අත් හැරියේය. නිම්නාවී සෙත් ගෙන් ඈතට වන්නට නොහැකිය යන අභ්‍යන්තර ඇලීම සමඟින්ම උන් පියවරේම උන්නාය. මන්දාරම්ට එහි යම් ප්‍රහර්ෂණීය බවක් නොදැනුනා නොවේය.
” යන්න බැහැ නේහ් ?.. ඔයා මට දෙන්න ඕනි උත්තරේ දන්නවා නිම්නාවී … උද්දච්ච නොවී ඒ උත්තරේ පිළිගන්න .. මම ඔයාට පොරොන්දු වෙන්නම්, ජීව්තේ අතීතේඅනාගතේ මොන දේ වෙලා තිබුනත්,වුනත්.. මම ඔයාට මේ මොහොතේ මේ පෙන්නන, දැනෙන්න දෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ කියලා… මොන දේ වුනත් කතා බහ කරන අවබෝධෙන් විසඳගන්න තරම් හයියක් මට තියෙනවා කියලා… පොරොන්දු වෙන්නම් නිම්නාවී .. ට්‍රස්ට් මී ෆොර් අ වයිල්.. අයි විල් පෲව් යූ හව් මච් අයි කැන් ඩු ෆොර් අස් …”
මන්දාරම් යළි නිම්නාවීගේ දෑතින්ම අල්ලාගෙන කීවේය. එතෙක් වේලා වියලී තිබූ කඳුළු ග්රන්තීන් යළි වැඩ ඇරඹුවේය. නිම්නාවී ඉකිලමින් ඇඬුවාය. ඒ අතරේ වචන ගැලපුවාය.
” මොන දේ වෙලා තිබුනත් කමක් නැද්ද ?…”
” කමක් නැහැ.. මොක වුනත්, ඔයාට පහසු විදියට විසඳගන්නකල්, මට පුලුවන් බලාගෙන ඉන්න ….”
” ඇත්තටම ?…”
” නිම්නාවී මම බොරු කියන්න පුරුදු මිනිහෙක් නෙවෙයි. මම ජීවිතේ අකමැතිම, අප්‍රසන්නම දේ බොරු කරන කියන එක… ඕනිම අවස්තාවක ඕනිම දෙයක් කතා බහ කරලා විසඳගන්න අපට පුලුවන්කමක් තියෙද්දී බොරු කියන එක මහම විකාරයක් … අපේ අම්මා වුනත් ඒක එහෙමයි.. අම්මා ට මා එක්ක මේ දේවල් කලින්ම කතා කරන්න පුලුවන්කම තිබුනා නම්, අපි ඔක්කොමලාගේ ජීවිත සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා …..ඒත් එයාට එහෙම කරන්න ඉඩක් හැදිලා තිබුනේ නෑ.. ඔයා කිව්වා වගේම, මම අම්මාව තේරුම් ගත්තා නිම්නාවී .. මම කවුන්සලින් ගියා.. මට තේරෙනවා, අම්මා තමා මෙතන වික්ටිම් ,…. මම අම්මාට සපෝර්ට් කරනවා, එයා මට කොච්චර බොරුවක් කරලා වුනත් …”
නිම්නාවී හීල්ලුවාය. තමා කරන බොරුව වෙනුවෙන්ද එවන් අවස්තාවක් ඇතිදැයි විමසාගන්නට නොහැකිව ඔහේ බලා උන්නාය. මන්දරාම් වහා ඇගේ ඇස් වල ඇලී ගිලුණේය.
” එහෙනම් මම මේ ඇස් වල තියෙන කතාව කියවගන්නද ?..”
නිම්නාවී උන්නේ ද මන්දාරම්ගේ දෑස් තම දෑස් තුළට රිංගාගෙන කරන හරඹයට ඉඩ දෙමින් සන්සුන් වෙන්නට උත්සාහ කරමිනි.
” එහෙනම්, මම පොඩිවට බලාපොරොත්තුවක් තියාගන්නද නිම්නාවී ?… මට, අපි ගැන හිතන්න පුලුවන්ද ?…”
නිම්නාවී හිස් සැලුවාය. එකඟ වන්නටය. මන්දාරම්ට නොවේය. තමා පෙම් කල සෙත්ටය. සෙත් වෙනුවෙන් බලා හිඳ අවසන මෙහෙම එකඟවීමකවත් කල නොහැකි නම් තම ජීවිතයේ ඇති අරුත කුමක්දැයි ඕ සිතුවාය. මේ සියල්ල ඇය අසීරුවෙන් සඟවාගෙන සිටින හැඟීම් නිසාම්, ඒ හැඟීම් මතු වන විට ඒවා සඟවා දමන්නට නොහැක.
මන්දාරම් ඇය දෙස බලා උන්නේ එක්වරම දුටු දසුනට අදාල තත්පරය කාලතරණය කර හෝ යලි ලබාගෙන දැකිය යුතුය යන හැඟීම එක්කය. ඔහු යළිත් විමසුවේය. නිම්නාවී හිසසලා, මන්දාරම්ගේ දෑත් වලින් ලෙහී කාමරයෙන් නික්මි තම කාමරය තුළට ගියාය. කිසිවක් සිතන්නට වෙලා නොගෙන සූදානම් වූවාය. අත් බෑගයද ගෙන කාමරයෙන් එලියට ආවාය. මන්දාරම් උන්නේ සාලයේ සිට ඇය කාමරයෙන් පිටතට එද්දීම පෙනෙන සේ බලාගෙනය. නිම්නාවී ඔහු මඟ හැර යන්නට උත්සාහ කරමින් ඉක්මන් ගමනින් ඇවිද ආවාය.
” මම ඇරලවන්නද ?..”
” එපා .. මම යන්නම් අදට …”
නිම්නාවී හදවතේ ගැස්ම ඔහුට ඇසෙතැයි බියෙන් මෙන් දඩි බිඩියේ කිය දමා මන්දාරම් පසු කරන්නට උත්සාහ කලාය.
“ඉන්න එහෙනම්, මම කඩවතට පික් මී එකක් දාලා දෙන්නම් ..”
මන්දාරම් තමා පසු කරන්නට උත්සාහ කරන යුවතියට එලෙස කීවාය. නිම්නාවි එතැන ඇලුනාය.
හිස සැලුවාය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |