මන්දාරම් පසුදා දිලුම් මුණ ගැසෙන්නට සූදානමින් සිටියද, දිලුම් ඇමතුමට පිළිතුරු දී ඔහු නිවාඩු බවත්, පසු දවසක මුණ ගැසිය හැකි බවත් පැවසීමෙන් පසුමන්දාරම්ට කල යුත්තේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි විය. චානක උන්නේද මන්දාරම්ගේ නිහඬ බව වටහා ගන්නට නොහැකිවය.
ඒ පිළිබඳව විමසුවා වුවද මන්දාරම් අම්ඟ හැර පසෙකට වූවා මිසෙක කිසිත් පවසන්නට උත්සුක වූයේ නැති වීම තුල චානකගේ සැකය තවත් වැඩි වූයේය. වෙනදාට ඉරිදා උදෑසන ස්වර්ණාගේ ගත දොවා ගන්නටත්, ව්‍යායාම කරවන්නටත් උත්සුක වන මන්දාරම් උන්නේ සයනයේ වැතිරීගෙනය.
” මොකෝ බං …”
චානක දොරෙන් එබෙන අතරේ එලෙසින් විමසමින් කාමරය තුළට විත් මන්දාරම් පෙනෙන සේ හිඳ ගනිමින් විමසුවේය. මන්දාරම් ඔහුට අමනාප බැල්මක් පා කරන අතරේ නිහඬවම උන්නේය. එහෙත් චානක මන්දාරම්ට නිහඬව සිටින්නට දුන්නේ නැත.
” නැන්දාව වොශ් කරලා එක්සසයිස් කරා මං …. බෙහෙත් බොන්න කන්න දෙන්න ඕනි … කාමරේට යන්න විදියක් ණෑ උඹ කොහෙද කොහෙද අහනවා …”
චානක කීවේ මන්දාර්ට වරදකාරී ඃඇඟීමක් දැනෙන්නට ඉඩ දීය. මන්දාරම් සයනයේ කෙලින් වී හිඳ ගත්තේය.
” උදේට මොනා හරි ගෙන්නපං ….”
” යකෝ දැන් දහයහමාරයි .. උදේට ඉව්වා මම, නැන්දාට කතා කරලා කෑම එක දීලා වරෙන් ඉස්සෙල්ලම ..උඹලත් යකෝ මූඩ් ගහන්න ගත්තාම එකෙන්ම මූඩ් ගහනවනේ … ලෝකේ උඹලගේ මූඩ් එක ඇරුනම තව දේවල් සිද්ද වෙන අබ්ව පොඩ්ඩක් මතක තියාගනින් බං …”
මන්දාරම් චානකගේ කතාව බිඳක්ඉන්වත් මායිම් නොකරම කාමරයෙන් පිටතට ගියේය. අම්මාගේ කෑම රැගෙන කාමරයට ගියේය. ඕ කෑම ගන්නා තුරු බලා උන්නේය.
” උණ ගැනෙන්න වගේ නම් දැන්ම බෙහෙත් අරගෙන එන්න සුදු පුතා …”
ස්වර්ණාට ඔහු පැවසූ මුසාවට ස්වර්ණාගෙන් එහෙම උපදෙස් ලැබුණි. මන්දාරම් එයට නිහඬව හිස සැළුවේය. කාමරයට ආ මන්දාරම් යලි නිම්නාවීට ඇමතුමක් ගත්තේය. එහෙත් තවමත් ජංගම දුරකතනය වූයේ ව්සන්ධිවය. මන්දාරම් සයනය මතට වැටී කෝපය මුසුව ගිය හඬක් නැගුවේය.
” ශිට් ….. යන්න දුන්නානේ මම … ආයේ ආයෙ එකම දේ ….”
එවිට චානක උන්නේ මන්දාරම්ගේ කාමරයේ දොර අසලය. චානක සියල්ල වටහා ගත්තේය. සිතූ පරිද්දෙන්ම මේ කලබල හැසිරීමට හේතුව ඇයය.
“ නිම්නාවී මොකක් හරි කිව්වාද ?..”
චානක එලෙස විමසන අතරේ යළි විත් කාමරය තුල වු අසුනකට වැටුනේය. මන්දාරම් හිස සැලුවේය. තවදුරටත් කිසිවක් සඟවා සිටීමෙන් පලක් නැත. නිම්නාවි සොයාගෙන හෝ යා යුතුය.
“ මොකද්ද කියන්නේ ඒකි ?….”
චානක මන්දාරම්ගේ හිස සැලීමෙන් කතාව ඉදිරියට ගෙන යන්නට අවැසි පිවිසුම ගත්තේය. නිම්නාවී නිසාවෙන් මන්දාරම් කලබලයට පත් වීම සාමාන්‍ය ලෙස ගෙන අත් හැරිය නොහැක්කේ නිම්නාවී ගැන තවම හරි හැටි විස්තරයක්වත් නොදන්නා නිසා බව චානක දනි. ඊළඟ දිනයේ එන විට පොලිස් වාර් තාවක් සහ ග්‍රාම නිළධාරි සහතිකය රැගෙන එන්නයැයි තමා හෝ පැවසිය යුතු බව චානක ඉටා ගත්තේය.
“ නිම්නාවී ආයේ එන්නේ නෑ කියලා ඊයේ රෑ ඩොක්ටර් දිලුම් කතා කරලා කිව්වා චානා … නිම්නාවීගේ එහෙ ජොබ් එකට ඩේට්ස් ෆික්ස් වෙලාලු .. ඒ නිසා ඒ යන්න වෙනවලු .. හිතුවට වඩා ඉක්මනට ඒ දේවල් සිද්ද වෙලා නිසා, යන්න ඕනි දේවල් ලෑස්ති කරගන්න එක්ක නිම්නාවි හෙට ඉඳන්ම එන්නේ නෑ කියලා දැනුම් දෙන්න කිව්වලු … මං එවෙලේම ආයේ නිම්නාවීට ගත්තා බං ..ඒත් ෆෝන් එක ඕෆ් … තවම ෆෝන් එක ඔන් නැහැ…”
“මොකක් ?…”
“ඔව් බං …”
“ මට මොකක්ම හරි පරහක් තේරුණා … ඒකි මොකක් හරිඅඩවුවක් අල්ලන්න ආවේ කියලා මට නිකමට හිතුණා…කොහෙද තෝ අඩුම ග්‍රාම සේවක සහතිකේ ගෙන්නගන්න දුන්නේ නෑනේ .. ඒකි එහෙම අවිශ්වාස කෙල්ලෙක් නෙවෙයි ගගා නැටුවනේ …’
චානක කෝපය මුදා හැරියේය. මන්දාරම්ට එයට පවසන්නට කිසිවක් තිබුනේ නැත. චානකට මුල සිටම නිම්නාවී පිළිබඳව සැක සංකාවන් වූ බව මන්දාරම් දනී. එහෙත් තමාට ඇය ගැන වූයේ යම් විශ්වසනීය බවකි. එයට හේතුව එවෙලෙහි සිතා ගන්නට හැකි වූයේ නැත, තවම සිතා ගන්නටද නොහැකිය. එහෙත්, ඇය යම් ද්‍රෝහී වීමක් සිදු කර ඇති බවට සැක නැත. එලෙස නැති නම්. තමා පෙම් කරන බව පැවසූ ඇසිල්ලෙන් ඇය මෙහෙම නැවතිම කල යුතු නැත. ඕ ඉතා අහිංසක බියපත් කෙල්ලක නොවේය. තමා හා වන ප්‍රේමයක් ණැති නම් ඇයට එය ඍ ජුවම ප්‍රතික්ශේප කල හැකිය. ඒ නැතත්, තමාට කාලය අවශ්‍ය බව පවසා යම් අස්වැසිල්ලක් ගෙන විසඳුමක් සොයා ගටහ් හැකිය.
එහෙත් ඕ එක්වරම සැඟවීම තෝරාගත්තේය. එය පහසුවෙන් ගෙන අත් හැරිය හැකි නොවේය. ඇතැම්විට ඇය තමාට සිතා ගත නොහැකි යම් උගුලක පැටලී සිටිනවාද විය හැකියැයි මන්දාරම් සිතුවේය. හිතට එව්ලෙහි යම් සැහැල්ලුවක් දැනුනත්, චානකගේ හංඩ ඒ සැහැල්ලුව බිඳ දැම්මේය.
“ ලෑස්ති වෙයං … නැන්දා එක්ක ඉන්න මම කෙනෙක්ට එන්න කියන්නම් වරුවකට .. අපි දිලුම් මුන ගැහිලා එමු …”
මන්දාරම් හිස සැලුවේය. චානක ඉන් කෝපයට පත් වූයේය. මෙය විසඳා ගන්නට නම් කල් හැරීම නොකලම යුතු දෙයකි
“ තොට බැරි නම් හිටපං .. ,මං ගිහිල්ලා මුණ ගැහිල එන්නම් … මට නම්බර් එක දාං ඩොකාගේ …”
“ වැඩක් නෑ බං …”
“ වැඩක් නෑ කියන්නේ ඇයි බං .. ඌ නේ අපිට නිම්නාවීව සෙට් කලේ ….ඌ දැනගන්න එපැයි මෙවෙලේ උගේ වගකීම ඉශ්ට කරන්න .. අනෙක ඊයේ නිම්නාවීගේ පණිවිඩේ උඹට දීලා තියෙන්නේත් ඌම නේ …”
“ ඔව් ඔපඅව් බං ..ඔය ඔක්කොම හරි .. ඊයේ රෑ තිස්සේ මාත් ඕකම හිතලා උදේ පාන්දරම ඩොකාට කෝල් කරා පොඩ්ඩක් අද මුණ ගැහෙන්න ඕන බව කියල … ඩොකා ගත් කටටම අද එයා ලීව් කීවනේ බං …”
” උඹට දැන්වත් තේරෙනවද මෙතන මොකක්ම හරි අවුලක් තියෙන බව ?….”
” තේරෙනව බං තේරෙනවා .. මම ඉන්නේ මේකේ අගක් මුලක් හිතාගන්න බැරුව …..”
මන්දාරම් යළි දිලුම් අමතා හැකි ඉක්මනින් ඔහු හමුවීමට අවශ්‍ය බව කීවේය. නිම්නාවී යම් දෙයක් සඟවනවා නම්, එය පිළිබඳව දිලුම් තමන් හා කතා කිරීමට සූදානම්ද නොමැති නම්, මේ පිළිබඳව පොලිසියට හෝ දැනුම්දෙන්නට තමා තීරණය කරන බව මන්දාරම් පැවසුවේ චානකගේ උපදෙස් පරිදිය. නිම්නාවී මෙලෙස එක්වරම අතුරුදන් වීම පහසුවෙන් අත් හැරීමට තමා සූදානම් නැති වගද කීවේය.
මන්දාරම් කෝපය නිසාවෙන් එවැන්නක් පවසනවා වුවද ඔහු එවැන්නකට උත්සාහ නොකරන බව දිලුම් දැන උන්නේය. එනිසා දිනයේ වාසිය ඔහු වෙත තබාගන්නට දිලුම් අමතක කළේ නැත.
” මට උඹ කියන එක තේරෙනවා මචං…. නිම්නාවී අක්කා මෙවලේ මගේ ෆෝන් එක කරන්නෙත් නැහැ….. මට හිතෙන්නේ එයාට වෙන මොකක් හරි අවුලක්….. මම අනිවාර්යෙන්ම හෙට උදේ නිවනාවී අක්කාව මුණගැහෙන්න විදියක් හොයාගෙන හරි උඹට අප්ඩේට් එකක් දෙන්නම් මචං…. එතකම් පොඩ්ඩක් ඉවසපං … මම අද කලින් දාගත්ත වැඩක් තියෙනවා. ඒ නිසා මට අද ඒ වැඩේ මගාරින්න විදිහක් නැහැ…. මට ටික වෙලාවක් දෙන්න මිස්ටර් මන්දාරම්.”
හිතවත්කමද, රාජකාරීමය බවක්ද දවටමින් දිලුම් ඉල්ලා සිටියේය.
” හරි එහෙනම් මට නිම්නාවී ඉන්න තැනක ඇඩ්රස් එකක් දෙන්න …මම ගිහිල්ලා බලන්නම්…”
මන්දාරම් එතරම් පහසුවෙන් දිලුම් හා එකඟ වන්නට උත්සාහ කලේ නැත.
“මුලින් කඩවත බෝඩිමකනේ නැවතිලා හිටියේ… දැන් එහෙ නැහැ… මම එහි ගෙදරට කෝල් කරල ඇහුවා .. ඊයේම බෝඩින් ෆීස් පවා දීලා ගිහිල්ලා… ආයේ එවෙන එකක් නෑ කියලා තමා කියලා තියෙන්නේ…..”
” දිලුම්ගේ යාළුවෙක්ගෙ අක්ක කෙනෙක් කියල නේද කිව්වෙ නිම්නාවී..ඒ යාලුවාව කන්ටැක්ට් කර ගන්න බැලුවොත්…”
චානක පසෙක හිඳ රහසෙන් පැවසූව මන්දාරම් ඇසුවේය.
“යාලුවෙක්ගේ අක්ක කෙනෙක් කිව්වට යාළුවාගේම අක්ක නෙවෙයි. හිතවත් කමක් තියෙන කෙනෙක් විතරයි…. මම ඊයෙ රෑම ඌටත් කතා කරලා කිව්ව කිව්වා මේක… ඌත් කතා කරලා බලන්නම් කියලා කිව්වා ..”
“මේකයි ඩොක්ට දින ඔයා හරි සාමාන්‍යයි කියලා පෙන්නන්න හැදුවට මට මෙතන මොකක්ද ඔයා අසාමාන්‍ය ගතියක් තේරෙනවා. මේක විසඳගන්න ඕනි ……ප්ලීස්…”
“ඒක එච්චර සීරියස් ගන්න එපා මිස්ටර් මන්දාරම්. මිනිස්සු රස්සාවලට එනවා …ඒ රස්සා අතාරිනවා….. එහෙම තමයි….. අනිත් එක ජොබ් එකෙන් අයින් වෙන්න කලින් දැනුම් දෙන්න ඕන කියලා එකක් කතාබහ කරගෙන තිබුණෙ නැහැනේ…. අනෙක නිම්නාවී අක්කා කලින්ම කියලානේ තිබුණේ එයාට රට යන්න සෙට් වුනු ගමන් එයා ජොබ් එකෙන් අයින් වෙනවා කියලා….”
“මෙතන තියෙන ප්‍රශ්න ඒක නෙවෙයි ඩොක්ට දිලුම් …. අනෙක මේ හදිසියේ ඔය ජොබ් කතාව නම් මහම බොරුවක් කියලා නොතේරෙන්න මම බබෙකුත් නෙවෙයි…
ඊයේ නිම්නාවියි මායි අතර යම් කතාබහක් වුනා….. නිම්නාවී එකපාරටම රිසයින් වෙන්න තීරණය කරේ ඒ කතාබහෙන් පස්සෙද කියලා මට සැකයක් තියෙනවා…. ඒකට හේතුව ඒක නම් මට නිම්නාවී එක්ක ඒ ගැන කතා කරන්න ඕනේ…”
ඊළඟ අදියර වෙනුවෙන් දිලුම් නිහඬව අසා සිටියේය. මන්දාරම් පවසන්නේ නම් නිම්නාවී නොපැවසූ සියල්ල ඔහුගෙන් විමසා දැනගන්නට හැකි වනු ඇතැයි දිලුම් සිතුවේය.
” මම දන්නේ නැහැ නිම්නාවීගේ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා….ඒත් මට නිම්නාවීව යම් දුරකට දැනෙනවා … මට නින්දාවේ ගැන යම් හැඟීමක් තියෙනවා….ඩොක්ටර් දිලුම් …
මං ඒක නිම්නාවිට කිව්වා සහ නිම්නාවිත් දවස් කිහිපයක්ම ඒ හැඟීම වැටහෙන විදියට හැසිරිලා තියෙනවා… ඉතින්, එකපාරටම නිම්නාවී මෙහෙම නවතින්න හේතුව මං එයාට ඒක කෙලින්ම කියපු එක නම්, නිම්නාවී ඒකට කැමති නැත්නම් අපිට ඒවා කතා කරලා විසඳගන්න පුළුවන් .. …”
” මිස්ටර් මන්දාරම් කියන්නේ ඔයාගේ හිතේ නිම්නාවී අක්කා ගැන අදහසක් තියෙනවා කියලද…?”
” තිබුණා. මේ මොහොත වෙනකනුත් තියෙනවා…. මම ඒක නිම්නාවිට කිව්වා… නිම්නාවී කිව්වා එයාට ඒ ගැන හිතන්න ඕනේ කියලා… ඉන් පස්සේ මම කිව්වා පැය විසි හතරක් අරන් හිතලා සඳුදා ආයෙම උත්තරයක් අරන් එන්න කියලා…
ඔන්න ඕක ඩොක්ටර් දිලුම් සිද්ධ වුනේ?…ඉතින් එයාට ඒකට කැමති නම් කැමති කියන්නත්, අකමැති නම් අකමැති කියන්නත් සම්පූර්ණ නිදහස තියෙනවා. මට තේරෙන්නේ නැහැ ඇහ එක පාරටම ෆෝන් ඕෆ් කරගෙන අතුරුදහන් වෙන්නේ ඇයි කියලා….”
දිලුම් තමාට හැකි උපරිමයෙන් මන්දාරම් සන්සුන් කරන්නට උත්සාහ කළේ. එදින සවස හෝ රාත්‍රී කීයට හෝ නිවසට පැමිණ මන්දාරම් හමු වන්නටද පොරොන්දු වූයේය. අවසානයේ මන්දාරම් හා සෘජුවම කතාබහ කර විසදාගන්නට හැකි කාරණා වෙනුවෙන් , අක්කාගේ ජීවිතය හැඩි නොවන ආකාරයෙන් මැදිහත් වන්නට දිලුම් තීරණය කළේය.
ඉන් පසුව දිලුම් ඇමතුමක් ගත්තේ ජිනේන්ද්‍ර ටය. එහෙත් ඔහුගේ ජංගම දුරකථනය වූයේ ක්‍රියා විරහිතවය. සති කිහිපයක් තිස්සේම ජිනේන්ද්‍ර හමුවන්නට නොහැකි වූ නිසා අවසානයේ දිලුම් ජිනේන්ද්‍රගේ නිවසට ගියේය.
ජිනේන්ද්‍රගේ පියා සහ ඔහුගේ අත් උදව්වට සිටින තරුණයා හැරුණු කොට, දින කිහිපයක් තිස්සේ ජිනේන්ද්‍ර නිවසේ නැති බව දැනගත් දිලුම් යම් කලබලයකට පත්විය. පියා අසනීප වූවාට පසු ජිනේන්ද්‍ර ලෙහෙසියෙන් රාත්‍රී කාලය නිවසින් බැහැරව ගත නොකරන බව දිලුම් දන්නේය. එලෙස තිබියදී දින කිහිපයක් තිස්සේ නිවසට නොපැමිණියා නම් එහි යම් පැටලීමක් ඇති බව දිලුම්ට වහා වැටහුණේය.
එහෙත් ඒ පිළිබඳව විමසන්නට ද කෙනෙක් නොසිටි නිසා දිලුම් ජිනේන්ද්‍රගේ නිවසෙන් බැහැර වූයේ ප්‍රියලාල්ගේ සුව දුක්ද විමසා අවසානයේය.
දිලුම් නිවසට පැමිණ නිම්නාවී කොහෙදැයි විමසන විටත් ඕ උන්නේ නින්දේය. ද ඔහු ඇයට බාධා නොකර , ඇය ගැන බලාගන්නට යැයි නිවසේ අත් උදව්වට උන් කාන්තාවටද පවසා නිවසින් බැහැරව ගියේ රන්දුලාද මුණ ගැසී යළි මන්දාරම්ගේ නිවසට යන බලාපොරොත්තුවෙනි. සවස පහට පමණ දිලුම් මන්දාරම් අමතා ඔහු තවත් පැයකින් පමණ මන්දාරම් මුණගැසීමට පැමිණෙන බව පැවසුවේය. දිනය පුරාම වූ නොසන්සන් කමත් , කලබලයත් කළමනාකරණය කර කර ගනිමින් චානක සහ මන්දාරම් දිලුම් මුණගැසීමට සූදානම් වූවෝය.
ඒ අතරේ දෛවය ඉතාමත් අපූරු ලෙස එකිනෙකා මුණගැහීමේ සැලසුම සූදානම් කරමින් තිබුණි. දින කිහිපයක් තිස්සේ කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරමින් ඉතා හුදෙකලා ජීවිතයක් ගෙවූ ජිනේන්ද්‍ර අවසානයේ තම සොයුරා වැළඳ ගැනීමට තීරණය කළේය.
අම්මාට සැබෑ සත්‍ය පවසා නොසිටීම තාත්තාගේ තීරණයක් වුවද, අම්මාට සමීපව තම ජීවිතය ගෙවීම තම තීරණයක් විය යුතු බව ජිනේන්ද්‍ර අවසානයේ තීරණය කළේය. තාත්තා අම්මා වෙනුවෙනුත් , තමා වෙනුවෙනුත් කළ කැපවීම වෙනුවෙන් කිසිදුන් හානියක් නොකරන්නටද ඔහු තරයේ ඉටාගෙන උන්නේය. තාත්තා අම්මාට ඇති ප්‍රේමය වෙනුවෙනුත්, තම මව මෙන් තමා මෙතරම් කාලයක් සිතා උන් ඇය, තාත්තාටත් තමාටත් අම්මාටත් දැරූ සෙනෙහස වෙනුවෙනුත් තමා අනිවාර්යෙන්ම මේ කැප කිරීම කළ යුතු බවද ඉන් කිසිවෙක්ට හානියක් නොවිය යුතු බවද තරයේ ඉටාගෙන උන්නේය.
ජිනේන්ද්‍ර මන්දාරම්ගේ නිවසට ඇතුළු වූයේ පහ පසුවී යද්දීය. චානක පළමු වතාවට ජිනේන්ද්‍ර ව ඉතා සෙනෙහසින් වැළඳ ගත්තේය. මන්දාරම් ද ඉතාමත් සෙනෙහසින් තම සොයුරා වැළඳ වුන්නේ අවසාන වතාවේදී වූ හමුවීමේ තිබූූ සියලුම අපහසුතා සහ වික්ෂිප්තතා මගහැරය. කතාව සියයට සියයක් සත්‍ය ලෙසම දැන උන් ජිනේන්ද්‍ර, මන්දාරම්ගේ සහ තමාගේ මව දැකීම සඳහා තවත් ඉවසීමෙන් කල් ගෙව්වේය. අවසාන තත්පර මෙතරම් අපහසු බව ඔහු දැන් අත් විඳින්නේය
අපේක්ෂා ගුණරත්න